Friday, August 30, 2019



වසන්ත නමස්කරගේ 357 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

විද්වතා
ප්‍රහසනයක් වීම


මේ හඩපටයේ කතා නරන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්. ඔහු සෞස්දර්යාත්මක වින්දනයෙන් තොර මානව සංවර්ධනයක් ගැන කථා කරයි. එය මොනම ආකාරයකින් වත් සිදුවන්නේ නැත.
මෙය ඔහුගේ මනෝ භ්‍රාන්තියකි. නැතහොත් තමාගේ පැවැත්ම වෙනුවෙන් කරනු ලබන කූට ව්‍යාපාරයකි.
එය තවත් ආකාරයකින් කිවුවොත් විද්වතා ප්‍රහසනයක් වීමයි.
ඔබේ වඩාත් සුවපත්නේනේ මේ හඩ පටයේද?


නැතිනම් මේ හඩ පටයෙන්ද?





වසන්ත නමස්කරගේ 356 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ප්‍රහසනය 
විද්වතෙක් වීම



ප්‍රවීන රංගන ශිල්පී බන්දු සමරසිංහ ගේ දේශනාවලට සවන් දෙන්න. ඔහු  ගේ ප්‍රහසනයන් තුල විද්වත් කතිකාවන් තිබෙයි. මට‍ පෙනෙන්නේ ඔහු ප්‍රායෝගික සමාජ විද්‍යඥයෙකු ලෙසයි.
 බොහෝ කාරනා වලින් ඔහු සමාජ විද්‍යඥ නන්දසේන රත්නපාල මහතාටත් ඉදිරියෙන් සිටියි.
සමාජ විද්‍ය ඉතිහාසයේ එක්තරා කාලයක් තිබෙනවා සෑම කෙනෙක්ම සමාජ විද්‍යඥයෙකු ලෙස සලකා ඔවුන්ට සමාජ විද්‍යාව උගන්වා ‍අදාල සමාජ ආකෘතීන් පිලිබදව තොරතුරු ලබා ගැනීම. එය අද වනවිට සාර්ථකම පර්යේශන ක්‍රමයකි.
රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මොනයම් අවස්ථාවක දී හෝ සමාජ විද්‍යාව ඉගෙන ගතහොත් ඔහු සමාජ විද්‍ය විෂයට නව ආකෘතියක් සැපයීම ස්තිරයි.
ප්‍රශ්නය තිබෙන්නේ ඉන්දියාවේ රාමු මන්ඩල්ට උදවු කලා මෙන් බන්දු මසරසිංහ මහතාට සමාජ විද්‍යාව ඉගැන්වීමට ලංකාවේ විශ්ව විද්‍යාල තුල මාජ විද්‍යාඥයෙකු නොසිටීමයි.


ලක්දිව සමාජ විද්වතුන් විශාල පිරිසක් මනෝ භ්‍රාන්ති වලින් පෙලෙයි. මනෝ භ්‍රාන්තීන් ගෙන් පෙලෙන ගමන් තනතුරු සදහා මාරාන්තික සටනක යෙදෙයි. පොරකයි.

Thursday, August 22, 2019



මානසික සුවය සදහා
සිතුවම් කලාව යොදා ගැනීම



මානසික සුවය සදහා
සිතුවම් කලාව යොදා ගැනීම

මෙය තවත් විදිහකින් කිවුවොත් මානව සංවර්ධනය සදහා සෞන්දර්ය යොදා ගැනීමයි.
යමක් ඇදීමේ හැකියාව ජාන ගතවී තිබේ නම් එය මානසික සුවය සදහා බලපායි.
වසර ගනනාවක් සිතුවම් කරනයේ යෙදීමෙනුත්, ලංකාවේ විවිධ ප්‍රදේශවල සිතුවම් ප්‍රදර්ශන තුන්සිය පනහකටත් වඩා පැවැත්වීමෙනුත්, සිය වතාවකටත් වඩා කරන ලද සොයාබැලීම් අනුවත් ඒ බව අපට පැහැදිලි වී ඇත.
මේ කාරනාවන් ගැන මනා අවබෝධයක් තිබෙන මානසික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය කමල් වෙල්ගම මහතා අප දන්නා යමක් ඇත්නම් එය රෝගීන්ගේ යහපත සදහා යොදා ගැනීමට සිතීම ගැන එතුමාට ස්තූති වන්ත වෙමි.


මෙම ඉගැන්වීමේ දී අප බලාපොරොත්තු වන්නේ රෝගියා විශේෂ පුද්ගලයෙකු ලෙස සලකමින් ඇදීමේ ක්‍රියාවලිය තුල ඔහුට ඔහුව සොයා ගැනීමට උදවු කිරීමයි.
අප එකිනෙකාට වෙනස් නිසා ඔවුනොවුන් ගේ අනන්‍ය තාවයන් ද වෙනස්ය. ඇදීමේ ක්‍රියාව තුල දී ‍එකිනෙකාගේ අනන්‍ය තාවයන්  වෙනස් කරන්නේ නැත.
ඇදීම සම්බන්ධව සමාජය දකින්නේ ගැඹුරු කාරනා සරල ආකාරයටත්, සරල කාරනා ගැඹුරු ආකාරයටත් නිසා අප එක වරම ඒවා වෙනස් කිරීමට උත්සාහ කරන්නේ ද නැත.
උදාරහනයක් කිවුවොත් කඩදාසි, පාට, ඊසල්, කැන්වස් ආදිය මිලදී ගැනීම සොයාගැනීම ඇදීම සම්බන්ධව තිබෙන සරල කරනාවන්ය.
නමුත් ඇදීම යනු එයිට වඩා බරපතල කාරනාවකි. එය කුමක්දැයි තවමත් මිනිසුන් සොයමින් සිටියි. දැනට පහලවී සිටින දක්ෂතම ශිල්පියා එක දිගට දවසක්ම යමක් ඇන්දොත් ඔහු  අදිනවා වගේ පෙනුනත් ඇත්තටම ඔහු ඇදීමේ ක්‍රියාව තුල නිරතවී තිබෙන්නේ විනාඩි දෙක තුනක් පමනි. නැතහොත් තත්පර කීපයකි. නැත්නම් තත්පරයක් වත් නැත.
එතරම් සංකීර්ක වූ ඇදීමේ ක්‍රියාව මෙතැන දී සරල කර පෙන්වන්නේ උනන්දුව සහ කැපවීම ඇති අයට මානසික පීඩනයෙන් තොරව බෙහෝ දුර යාමට හැකියාව ඇති කිරීම සදහායි. එහි දී කෙනෙකුට ලැබෙන ප්‍රතිලාබ බොහොමයකි.
ඒ සදහා අප යෙදා ගන්නා ක්‍රම වේදය වන්නේ අදාල පුද්ගලයා සියලුම බාහිර බාධාවන් ගෙන් හැකිතාක් ඉවත් කර, ඇදීමේ ක්‍රියාවලිය තුල දී ඔහුට ඔහු‍ ගේ හිතත් සමග පැහැදිලි ගනුදෙනුවකට අවස්ථාව සලසා දීමයි. හිත කැමති ආකාරයෙන් ක්‍රියා කිරීමට ඉඩ දීම නිසා ඇදීමේ ක්‍රියාව තුල දී ලැබෙන සතුට මනස සුවපත් වීමට බලපායි.
මෙහි දී එක් වරකට හයක් හෝ දහයකට අඩු සංක්‍යාවක් යොදැගැනීම වඩාත් ප්‍රතිපල දායකය.

වසන්ත නමස්කාර
071 3009360

Tuesday, August 20, 2019

Temple art Sri Lanka created by the artist Wasantha Namaskara

Wasantha Namaskara

Wasantha Namaskara

Temple art Sri Lanka created by the artist Wasantha Namaskara

solias mendia


කැළණි විහාරයේ සිතුවම් කිමකල ලක්දිව විහාර සිතුවම් කලාවේ මහා සිත්තරා ලෙස සැලකෙන සෝලියස් මෙන්ඩිස් මහතා ගේ 44 වැනි අනුස්මරන දිනය වෙනුවෙන් පවත්වන

වසන්ත නමස්කරගේ 355 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

බුදුන් අපේ පංසල් අනුන්ගෙ

බුදුන් වහන්සේ අපේ. නමුත් පංසල් අනුන්ගෙ. මේ බව තේරුම් නොගෙන අනුන්ගේ පංසල් තුල තමාගේ ජීවිතය සිතුවම් කල සෝලියස් මෙන්ඩිස් මහා සිත්තරාට මහා චිත්ත පීඩාවකින් යුතුව කැළණි විහාරයෙන් පිටව යාමට සිදුවිය.

ඒ සිදුවීමෙන් පසුව නැවතත් බෞද්ධ කලාවක් ගැන කතා කිරීම නිශ්පලය. ඒ සිදුවීම තුල සියල්ලම අන්තර්ගතය.
නව කැළණි විහාරයේ ආරම්භයේ පටන් සිතුවම් නිමකිරීම දක්වාත්, එතැන් සිට අද දක්වාත් සිතුවම් සම්බන්ධ ක්‍රියාකාරී මානව චර්යාවන් සියුම්ව සොයා බැලීමෙන්, බෞද්ධ කලාවෙන් පොදු ජනයා අපේක්ෂා කරන දෙය ඉතා පැහැදිලි වෙයි.
එහෙත් අප ඒ කාරනාවන් ඉතා පෞද්ගලික දැනුම් සම්භාරයක් ලෙස තබා ගැනීමට තීරනය කලෙමු. ඒයට හේතුව ඒවා එකින් එක විග්‍රහ කල හොත් ලක්දිව මහා සගරුවන ද නොවන, ලක්දිව සැදැහැවත් උපාසක උපාසිකාවන් ද නොවන පිරිසක් මාරාන්තික ව්‍යාජ සටනකට සූදානම් වන බැවිනි.
එහෙත් අප සාමකාමී බුද්ධිමත් පිරිසකට දැනගත යුතුම කාරනාවක් කියමි. සෝලියස් මෙන්ඩිස් මහතා මානව රූප ඇදීම පිලිබද ශාස්ත්‍රාලයකට ඒක් දිනක් හෝ ගියා නම්, ඔහු වැනි සිත්තරෙක් සොයා ගැනීම පවා අපහසු වනු ඇත. සමාජ විද්‍යාව හෝ මානව විද්‍යා පොතක පිටුවක් කියෙව්වා නම් අනුන්ගේ බිත්ති මත කරන කලාවේ ස්වරූපය ඔහුට මුලදීම අවබෝධ වනු ඇත.
බොහෝ විහාර ආරාම වල බුදු පිලිමවල මුහුන නායක හාමුදුරුවන් ගේ මුහුනට සමානය. එයට හේතුව නායක හාමුදුරුවෝ බුදු පිලිමයේ මුහුන ශිල්පීන් ලවා ලස්සන කිරීමට යාමයි. එවිට සිදුවන්නේ මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියක්. බුදුන් දැක නැති හාමුදුරුවෝ කියන්නේ අවිඥානිකව  මනසේ සකස් වන තමාගේ මුහුනේ ස්වරූපයයි. සිතුවම් සදහාද මේ ක්‍රියාවම බලපායි.


hiniduma sunil senasvi


වසන්ත නමස්කරගේ 354 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
ලක්දිව විද්වතෙක්

මේ හඩපටයේ කතා නරන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්. ඔහු සෞස්දර්යාත්මක වින්දනයෙන් තොර මානව සංවර්ධනයක් ගැන කථා කරයි. එය මොනම ආකාරයකින් වත් සිදුවන්නේ නැත.
මෙය ඔහුගේ මනෝ භ්‍රාන්තියකි. නැතහොත් තමාගේ පැවැත්ම වෙනුවෙන් කරනු ලබන කූට ව්‍යාපාරයකි.


මේ තියෙන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් ගේ නිවසේ මා විසින් සකස් කල දිය ඇල්ලයි. ඔහු නොදන්නවාට මෙහි හැඩයන් ලංකාවේ විවිධ පලාත්වල දිය ඇලි අධ්‍යයයනයෙන් ලබාගෙන ඇත.
ඔහු ප්‍රසිද්ධියේ නොකිවුවාට මේ දෙස බලා සිටීමෙන් ඔහුගේ සිතත් මොහොතකට සංසුන්වනබව මා දනිමි. ඔහු කුමන මතයක් දැරුවත් ඒ ගැන මා සතුටු වෙමි.


සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් ගේ විවාහ දිනයේ දී මා විසින් සකස් කල මගුල් පෝරුවේ කොටයක්.