ඇල් බොල් බට් AL BOL BAT




වසන්ත නමස්කාර ගේ 195 වැනි සිතුවම් ප්‍රදර්ශනය

ඇල් බොල් බට් AL BOL BAT


මා දැනට වසර විස්සකටත් ප්‍රතම එක්තරා දිනෙක පොළොන්නරුවේ තිවංක පිලිමගෙට ගියෙම්. ඒ සිතුවම් දකිනවිට මා හට කුමක්දෝ අමුතු දෙයක් සිදුවන බව දැනුනි. එහෙත් එය කුමක්දැයි විග්‍රහ කරගැනීමේ හැකියාවක් එදින මා හට තිබුනේ නැත.
ඒ ගැන කතාබහ කිරීමට සුදුසු කෙනෙක්ද මා නොදනියි. එහෙත් මහ වනාන්තරය මැද තිබෙන මෙම සිතුවම් දෙස සති ගනන් බලා සිටියෙමි. සිතුවම් පිලිබද පර්යේශනයක් කරන ආකාරයේ විශ්ව විද්‍යාලයෙන් ලිපියක්ද සකස්කර ගත්තෙමි. ඒ සමාජ ආරක්ෂාවක් අවශ්‍ය නිසාවෙනි. එකල උතුරු නැගෙනහිර යුද්ධය පැවතුනි. බොහෝ අවස්ථාවල පොලීසියේ සහ හමුදාවේ ප්‍රශ්ණ කිරීම්වලට මා ලක්විය.
දිනක් ලංකාවේ ප්‍රසිද්ධ‍ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක එක්තරා මහාචාර්ය සේවකයෙකු තිවංක පිළිමගෙට පැමිනෙන බව මාහට අසන්නට ලැබුනි. මෙහිදී මහාචාර්ය සේවක කියන වචනය මා ඔහුට පාවිච්චි කරමි. ඒ ඔහු ගැන අමනාපයෙන් නොව මාගේ පැහැදිලි කිරීම අසාර්ථක වන නිසාවෙනි.
මා ඉතා සතුටින් පසුවදා තිවංක පිළිමගෙට ගියේ මේ සිතුවම් ගැන යමක් ඉගෙන ගැනීමේ අදහසිනි. මා එහි යනවිට කලින් සදහන් මහාචාර්ය සේවක සිතුවමක් පිටපත් කරමින් සිටියේය. මේ සිතුවම් ගැන යමක් කියාදෙන ලෙස මා ඉතා කාරුනිකව ඔහු ගෙන් ඉල්ලා සිටියෙමි.
එවිට  ඔහු මා හට කියා සිටියේ තමා තිවංකය පිලිබදව පොතක් ලියන බවත් ඊට ප්‍රථමව මේ සිතුවම් පිලිබදව කිසිවක් කිසිවෙකුට කියා දෙන්නේ නැති බවත්ය. ඉන්පසු ඔහු මා එතැන සිටිනවාට අප්‍රසාදයක් පලකරන බවක් දැනුනි. එදින මා එතැනින් ඉවත්විය.
වෙනත් දිනෙක යනවිට පෙරකී මහාචාර්ය සේවක එතැන නැත. ඔහු යටතේ සිතුවම් පිටපත් කරන්නන් කීප දෙනෙක් සිටියේය. ඔවුන් මා සමග හිතවත්විය. අදමෙන් තාක්ෂනය නොදියුනු එකල මුලින්ම සෙලෝපීන් යොදා සිතුවම්වල දල රේඛා සටහන් කිරීමේ ක්‍රමයක් තිබුනි. වැරදුන සෙලෝපීන් කුනු ගොඩ් දමා තිබුනි. මා ඒවා එකතුකර ගත්තෙමි. ඔබමේ දකින්නේ ඒ සෙලෝපීන් ආස්‍රයෙන් මා විසින් නිර්මානය කල සිතුවම් කීපයකි.
මේ කතාවෙන් මා හට කියන්න අවශ්‍යය දෙය මෙයයි. සිතුවම් හදාරනවිට පන තියෙන පුද්ගලයෙකු ගුරුවරයා කරගැනීම ඉතාම භයානකයි මොකද ඔහු කුහකයෙකු වියහැකි බැවිනි. සොබාදහම පමනක් ගුරුවරයා කරගන්න.
මුලින්කී මහාචාර්ය සේවක සමග මගේ කිසි අමනාපයක් නැත. මා ඔහුද සොබා දහමේ කොටසක් ලෙස සලකමි.
පසුව මා දැනගත්තේ තිවංක පිළිමගෙයි සිතුවම් දැකීමෙන් මා හට සිදුවූයේ විශ්ව නිර්මාන පද්ධතිය ස්පර්ශවීමයි. වෙනත් විදිහකට කීවොත් දෘෂ්‍යමය අන්ධභාවය ඉවත්වීයාමයි. සිත්තරුන්ද ඇතුලත්ව බොහෝ දෙනෙක් දෘෂ්‍යමය අන්ධභාවයෙන් පෙලෙයි. දෘෂ්‍යමය අන්ධභාවය ඉවත් වීම ජාන ගතවූ වාසනාවක්. එය ඉගෙනීමෙන් පමනක් ඉවත්නොවේ.
එහි තවත් කෙනෙකුගේ සගවා තබාගැනීමේ කිසිවක් නැත. විශ්ව නිර්මාන පද්ධතිය ස්පර්ශවීමෙන් මොහොතකට සිත ශූන්‍යත්වයට පත්වෙයි. එය මිහිපිට ලැබියහැකි උපරිම සතුට සහ අවබෝධයයි. එය පොතක ලිවියහැකි දෙයක් නොවේ. අනෙකාගෙන් සැගවිය හැකි දෙයක්ද නොවේ. තවත් කෙනෙකු දැකීමෙන් විනාශවන්නක් හෝ අවසන් වන්නක්ද නොවේ.
එහෙත් පෙර කී මහාචාර්ය සේවක ලියූ පොත මා තවම දැක නැත.



Comments