කීටිගේ මරණය The death of George keyt


වසන්ත නමස්කාරගේ 193 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය


කීටිගේ මරණය  

The death of George keyt

අන්තර්ජාලයට මුදාහැරීම 2018 පෙබරවාරි 25 වෙනිදා


ලංකාවේ චිත්‍ර ශිල්පීන් බොහෝ ගනනක් සිටියත් ජාත්‍යන්තරය හදුනාගෙන තිබෙන්නේ එයින් කීපදෙනෙක් පමනි. ඒ අතරින් ජෝර්ජ කීට් කියන්නේ ඔවුන් අතරින් පළමුවැනි තැනට එන චිත්‍ර ශිල්පියෙක්.මා කුඩා කාලයේ දී එක්තරා දිණ දර්ශනයක මුද්‍රණයකර තිබූ සිතුවම් එකතුවක් දැකීමෙන් හිතට කුමක්දෝ වෙනසක් සිදුවුනා. එය කුමක්දැයි අර්ථකතනය කරගැනීමේ හැකියාවක් එදාමට තිබුනේ නැත.
නමුත් නිරතුරුවම සිතුවම් සහ මූර්ථි පිලිබද අධ්‍යයයනයෙන් මා පසුව වටහා ගත්තේ අව්‍යාජ නිර්මාන දැකීමෙන් සමහර මිනිසුන්ගේ සිත් මොහොතකට ශූන්‍යත්වයට පත්වන බවයි. එය කලාතුරකින් කෙනෙකුට ලැබෙන වාසනා ගුනයක්. ඒ ශූන්‍යත්වය තුලින් විශ්ව නිර්මාන පද්දතියම වටහා ගතහැකියි. එදා මා දුටු සිතුවම් වෙනත් කිසිවෙකුගේ නොව ජෝර්ජ් කීට්ගේ බව මා හට පසුව දැනගැනීමට හැකිවිය.කීට් දැකගැනීමේ පුදුමාකාර අශාවක් ඉන්පසු මා හට ඇතිවිය. දිනක් පුවත් පතක කීට්ගේ සිතුවම් ප්‍රදර්ශනයතක් කොළඔ ලයනල්වෙන්ඩ් කලා ගාරයේ තිබෙන බව පලවී තිබුනි. ඒවනවිට මා කොළඹ ගැන දන්නේ නැත. එන්න මුදල්ද නැත. කැලයට ගොස් ගොටුකොල කඩා මිටි බැද සත පනහ ගානේ හෝටලයකට සහ ගෙවල්වලට විකුණා ඒ කාලයේ හැටියට සෑහෙන මුදලක් එකතුකර කොළඹ ආවෙම්. එහෙත් මා ලයනල්වෙන්ඩ් කලාගාරය තිබෙන තැන දන්නේ නැත. එදා ප්‍රදර්ශනයේ අන්තිම දවස. හවස් වෙනතුරු කොළඹ පුරා ඇවිද ලයනල්වෙන්ඩ් කලාගාරයට පැමිනියෙමි.
එවිට සිතුම් ගලවා හමාරය. එක සිතුවමක් සුදු නෝනා කෙනෙක් කාරෙකට දමාගන්නවා මා දුටුවෙමි. කීටි මහත්තය කොහේදැයි ඇසූවිට අර ඉන්නෙ කියා එතන කෙනෙක් අත දික්කර කීටි මහතා මාහට පෙන්වූවේය. කලාගාරායන් පිටව යන කීට් මා දුටුවෙම්. එහෙත් ඔහුගේ මුහුන මා දුටුවේ නැත.ඉන්පසු කාලයේ දිනෙක කීට්ගේ මරණය පිලිබදව පුවත්පතක තිබුනි. කොළඹ ජාතික කලාගාරයේ දේහය තිබෙන බව එහි සදහන්ව තිබුනි.
කුඩාකල සිටම මරණ ගෙවල්වල බහුලව තිබෙන ව්‍යාජ වැලපීම් සහ බොරු ගුනකථන මා හට ඔරොත්තු දෙන්නේ නැත. එහෙත් කීට්ගේ මරණය දැකීමේ ආශාවක් මා හට ඇතිවිය. නැවතත් මා කොළඹ ආවෙමි.මා සිතා සිටියේ මහා සෙනගක් සිටීවි කියාය. මේ කතාව විශ්වාස කරන්න. කීට්ගේ මිනිය හැරුනුවිට කොළඹ ජාතික කලා භවනේ මිනිස් පුලුටක් නැත. මා කුඩා නිසා මිනී පෙට්ටියට වඩා අඩියක් විතර උසින් මියගිය කීටිගේ මුහුන මා දැකබලා ගත්තෙමි. පැය කීපයක් ගියත් ඈතින් ඇසෙන කතා බහක් සහ සිනා හඩක් පමනක් ඇසුනි. පැමිනි කිසිවෙක් නැත.
මේ සිදුවීමෙන් පසුව මා ලාංකේය දෘෂ්‍ය කලා භාවිතයේ සෑම සිදුවීමක්ම සෑම වචනයක්ම කෙටියෙන් කියනවානම් ලාංකේය දෘෂ්‍ය කලා භාවිතයේ කුඩා රේඛාවේ පටන් විශාල පින්සල් පහර දක්වාම කාලයක් තිස්සේ සොයා බැලුවෙමි. එහෙත් ඒ දැණුම මේ මොහොතේ රහසක් ලෙස තබා ගනිමි.එසේ කිරීමට හේතුව ලංකාවෙ විශ්ව විද්‍යාලවල උගන්වන කථිකාචාර්ය සේවක සේවිකාවන්ගේ හිරිකිත උපසංස්කෘකික ලක්ෂනයක් අප හදුනාගෙන තිබෙන නිසාවෙනි. මේ මිනිස්සුන්ට නොදන්නා යමක් උගන්වන්න ගියොත් ඒ දේ ඉගෙනගෙන ඒ දැණුමෙන්ම උගන්වපු මිනිහට ගහනව.මේක උදාහරනයක් විදිහට කිවුවොත් ලංකාවෙ කථිකාචාර්ය සේවකයෙකුට කන්න දුන්නොත් කෑමටික කාල පිගානෙන් කෑම දීපු මිනිහගෙ මූනට ගහනව. මේ ගතිගුනය වැස්සකට හෝ ලංකාවෙ විශ්ව විද්‍යාලයකට ගියත් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා මේවා ගැන දැණුම් තේරුම් තියෙන අය පරෙස්සම් වෙන්න ඕනෙ. සමාජ විද්‍යාත්මකව බැලුවොත් මේක එක්තරා රෝගී තත්වයක්. ඒ නිසා මේ අයත් එක්ක කලාව ගැන කතා නොකරන තරමට හොදයි. යමක් මාසික වැටුපට උගන්වල ප්‍රශ්ණ පත්‍රයක් දික්කරන උගතුන් අනෙක් විෂයන් ගැන කතා කරන්න සුදුසු වුනාට කලාව ගැන කතා කරන්න සුදුසු නෑ. මේ හිරිකික උපසංස්කෘතික ලක්ෂනය නැති කථිකාචාර්ය සේවකයෙක් හෝ සේවිකාවක් හෝ උගතෙක් ඉන්නවනම් ඉතාම කලාතුරකින්. එහෙත් මේ කතාව ලංකාවේ දෘෂ්‍ය කලා භාවිතයන් ගැන ගල් පැලෙන වගේම කෙස් පැලෙන වාද කරන විශ්ව විද්‍යාල ඇතුලෙ කථිකාචාර්ය සේවකයින්ට මතක්කර දෙමි.වසන්ත නමස්කාර   071 3009360      wasanthanamaskara@yahoo.com


Comments