ශාන් කේහරත් SHAN KEHARATH




වසන්ත නමස්කාරගේ 196 වැනි සිතුවම් ප්‍රදර්ශනය

ශාන් කේහරත්  
SHAN KEHARATH

අදමෙන් අන්තර්ජාල පහසුකම් නැති වයසින් බාල අතීතයේ එක්තරා දිනයක මගේ සිතුවම් ප්‍රදර්ශනයක් ගැන ප්‍රචාරයක් ලබා ගැනීමට කොළඹ  එක්තරා ප්‍රසිද්ධ පුවත්පත් ආයතනයකට ගියෙමි. මගේ බෝඩිම ලග තිබෙන තවත් බෝඩිමක මිතුරෙක් ඒ ආයතනයේ වැඩ කරයි. ඔහු මා හදුනාගෙන මා නවතා කාමරයකට ගොස් නැවත පැමින මා එම කාමරයට එක්කරගෙන ගොස් දොර වසා ඔහු පිටව ගියේය.
 එහි මේසයක් ඉදිරියේ පුටුවක වාඩිවූ එක්තරා මාධ්‍ය වේදියෙකු සිටියේය. ප්‍රදර්ශනයේ තොරතුරු ලිපිය මා ඔහුට දුන්නෙමි. ඒ වනවිට මා ප්‍රදර්ශන කීපයක් පවත්වා තිබුනි. ඔහු ලිපියගෙන තිත්ත කුණුහරුපයෙන් මාහට බැනවැදුනි.
තොපි වගේ එවුන් තියන්න වටින්නෙ නෑ තෝ ජෝජ කීටි විකුණගෙන කනවා. තෝ දන්නවද කීට් චිත්‍ර ඇන්දෙ ගෑණු කීදෙනෙක් එක්ක ඉදලද කියල ......... මා මේ සටහන් කලේ ඔබට අවශ්‍ය දෙය පමනි.
කීට් ගෑනුන් සමග සිටින ආකාරය දැක ඔහු විසින් ගනන්කර තිබේ දැයි මා දන්නේ නැත. කීට් ගැන මගේ මතකය මේ වෙබ් අඩවියේ වෙනත් තැනක ඇත.
ඒ වනවිට මගේ කිසිම සිතුවමක් විකිනී නැත. මගේ සිතුවම් විකුණන්න පුලුවන්ද කියා මා දන්නේද නැත. වෙනත් රැකියාවකින් මුදල්සොයා සිතුවම් ප්‍රදර්ශන පැවැත්වූවෙමි. පැය බාගයක පමන බැන වැදීමෙන් පසු ඔහු වෙහෙසට පත්වී සිටිනු මා දැක්කෙමි. අද වනතෙක් කිසිම වචනයක් මා ඔහු සමග කතාකර නැත. හරි තමුසෙගෙ නිවුස් එක මම දාන්නම් අවසානයේ ඔහු කීවේය.
කියූ පරිදි ඔහු නිව්ස් එක දමා තිබුනි. ඔහු කොතරම් මා හට බැන්නත් ඔහු ගැන කිසිම තරහක් අමනාපයක් මේ වනතෙක් මා හට ඇතිවී නැත. එහෙත් ඒ මොහොතේ තිබුනු ඔහුගේ කලුපාට අත්දෙක සහ ද්වේශයෙන් වෙවුලන මුහුන තවමත් මගේ මතකයේ තිබෙයි.
මගේ සිතුවමි ගැන කවුරුහරි හොදක් හෝ නරකක් කිවුවත් ඒ ගැන අමුතු සතුටක් හෝ දුකක් මා හට ඇතිවන්නේද නැත. ඒ වෙනත් කිසිවක් නිසා ඇතිවූවක් නොව විශ්ව නිර්මාන පද්ධතිය ස්පර්ශ වීමෙන් ඇති වූවකි.
මේ වනවිට පුවත්පත් වාර්තාවල වටිනාකම බෙහෙවින් අඩුවී ඇත. මා මේ සකස්කරන ලිපිය භාෂා හැටකින් පමන මොහොතින් පරිවර්තය කිරීමේ හැකියාවක් අන්තර් ජාලයේ ඇත.
පෙරකී මාධ්‍ය වේදියා වෙනත් කිසිවෙක් නොව ඒ වනවිට දිවයින පත්‍රයේ සේවය කරපු චිත්‍ර ශිල්පී ශාන්ත කේ හේරත් මහතාය. ඔහුගේ චිත්‍ර කලා භාවිතය තවතවත් දියුණුවේවායි මා ප්‍රාර්ථනා කරමි.
මේ සිදුවීම චිත්‍රයක් බවට පත්වී අවසන්ය. ඔහුට අගෟරවයක් වේයැයි සිතෙන නිසා එම ප්‍රදර්ශනයේ නම ශාන් කේහරත් SHAN KEHARATH ලෙස නම් කලෙමි.

Comments