ගල්මන්ගොඩ සිවුරු හිරියි සමන්ත භද්‍ර මහණවෙයි



වසන්ත නමස්කාරගේ 197 වැනි සිතුවම් ප්‍රදර්ශනය

ගල්මන්ගොඩ සිවුරු හිරියි 
සමන්ත භද්‍ර මහණවෙයි

කැළණිය විශ්ව විද්‍යාලයේ ගුරුවරයා සිවුරු හැරදමා බෞද්ධ දර්ශනයගැන මහාචාර්ය වරයෙකුවී බුද්ධිමත් ධර්මධර සාකච්චාවන් මෙහෙයවයි. සමාජය ඔහු බුද්ධිමතෙකු ලෙස හදුන්වයි. ඒ විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයෙක් මහණවෙලා රහත්බවට පත්වෙයි. ඒ සමාජයම ඔහු පිස්සෙකු ලෙස එදුන්වයි.

රහත්වීම පිස්සන්ගේ වැඩක්නම් ලෝකෙ ලොකුම පිස්සා කවුදැයි කල්පනා කරන්න. එතකොට බුද්ධිමතා කවුද? එහෙත් බුද්ධිමත් යැයි සම්මත සමාජය මුලින් සදහන් ලොකුම පිස්සාට බුද්ධිමතා කියයි. මෙය මහා අප්‍රබන්ස විනිශ්චයකි.

අප මේ කතා කරන්නේ ලාංකේය බෞද්ධ සමාජයේ ගුප්ත සහ අදුරු පැතිකඩයන්ය.

ඔබ දකින සුදු නියම සුදුවර්නය නොවන්නාසේම ඔබ දකින කලු නියම කලුවර්ණයද නොවේ. සුදු සහ කලු වර්ණයන් වෙන්වන සිමාවක් තිබෙයි. එය සුදුද කලුද කියා කිවනොහැක. එහි වර්ණයක් තිබේද නැද්ද කියා කිව නොහැක. අන්න ඒ සිමාවට පැමිනෙන්න.

Comments