බෞද්ධ කලාව පොලීසියට බාරදීම




වසන්ත නමස්කාර ගේ 204 වැනි සිතුවම් ප්‍රදර්ශනය

බෞද්ධ කලාව පොලීසියට බාරදීම

ලාංකේය බෞද්ධයින් ගැන මාහට ඇත්තේ මහත් කලකිරීමකි. අප ඔවුන් ගැන යහපත් ආකාරයට සිතුවත් ඔවුන් අප ගැන සිතන්නේ කෙසේදැයි කියා සිතාගැනීමට පවා අපහසුය. එය බොහෝවිට සිතාගැනීමට පවා අපහසු පහත් මානසිකත්වයකි.
මේ තියෙන්නෙ මා විසින් නිර්මානය කල මූර්තියක්. මෙය බුදු පිලිමයක් නොවේ. මෙහි කලයුතු වැඩවලින් සියයට එකක්වත් අවසන් නැත. අනෙක මේක හදන්න පටන් ගත්තෙ මගේ ගෙදරකත් නෙමෙයි. කුලියට ඉන්න ගෙදරක් ඉස්යරහ. මේකෙන් මට කිසිම මුදලක් ලැබෙන්නෙත් නැත. කවුරුහරි කෙනෙක් දැකල සතුටුවෙයි කියන අදහස විතරයි තිබුනෙ.
මම තවම ගෙයක් හදන්නෙ නැත්තෙ ඊට ගැලපෙන පරිසරයක් නැති නිසා. බහුබූත මිනිස්සු අතරේ ඉන්නවට වැඩිය හොදයි මේ විදිහට ඉන්න එක. ඕනවෙලාවක අතහැරල දාන්න පුලුවන්.
මේ රූපෙ හදහද ඉන්නකොට මට හිතුනා ඉන්දියාවෙ ගියොත් හොදයි කියලා. ඒ වෙනත් දෙයකට නොව බුදුන්වහන්සේ වැඩ සිටිය තැන්වල කාලයක් ඉන්න මහා පුදුම ආශාව නිසයි. ඔය අතරෙ ඉන්දියාවෙ කොසඹෑනුවර පංසලේ හාමුදුරුවෝ කිවුව පිලිම ටිකක් හදන්න තියෙනව කියලා. ඉබිබ දියට දැම්මා වගේ මගේ අදහසට පාර කැපුනා. ඔබ බුද්ධ ගෞරවයෙන් අවංකවම යහපත්දෙයක් ඉන්දියාවේ දී හිතන්න. එය එලෙසම ඉටුවෙනවා. එය සිදුවෙන්නේ කෙසේදැයි මා දන්නේ නැත.
කොසඹෑ නුවර ඉදල කිලෝමීටර් 15 ක් විතර දුරින් තමයි පාර්ලෙයිය වනය තියෙන්නෙ. ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් ප්‍රථම සංඝහේදය නිසා බුදුන්වහන්සේ පාර්ලෙයිය වනයට වැඩියා. පාර්ලෙයිය ඇතාගැන එහෙම සදහන් වෙන්නෙ එතැනදි. ලංකාවෙ හුගාක් වන්දනා නඩ එතැනට යන්නෙ නෑ. කලාතුරකින් කීප දෙනෙක් යනවා. එහෙම යනඅය හිටියොත් ඉන්දියාවේ ඉන්න කාලයතුල ඒ අයත් එක්ක මමත් යනවා.
එතැන ඉන්නකොට දවසක් ලංකාවෙන් කෝල් එකක් එනවා. මම බුද්ධ ප්‍රතිමාවලට අපහාස කරනවා කියලා ගෙදරට පොලීසියෙන් පැනලා.
මාහට නිර්මාන කලාවෙදී බොහෝ අය අභූත චෝදනා කරල තියෙනවා. අපහාස කරල තියෙනවා. ඒ කිසිදෙයක් මේ වනතෙක් ගනන් ගත්තෙ නෑ. එහෙත් මේප්‍රශ්නයට මම බොහෝම දැඩි විදිහට අවධානය යොමුකලා.
ප්‍රශ්නෙ මේකයි අර මුලින් නිර්මානය. එය බුදු පිළිම වලටත් බුද්ධ ශාසනයටත් අපහාස කරන්නත් මා විසින් නිර්මානය කරන්නක් බව සංවිධානාත්මක පිරිසක් විසින් 119 අංකයට කෝල් කරලා. මේක එච්චර දුරයන්න දෙයක් නෙමෙයි මට කතා කරල කිවුවනම් මම ඕක අයින් කරනවා. නමුත් සැදැහැවත් ලාංකේය බෞද්ධයෝ එසේ කරන්නේ නැත.
පොලීසියෙන් පැනල අහක ඉන්න ගෑහැනියකට  කලාව ගැන උගන්වනවා. පැය 24 ක් ඇතුලත අයින්කලේ නැත්නම් මාව පොලීසියෙන් අල්ලනවා. මේ තියෙන්නෙ අවංකවම බෞද්ධකලාවට සේවය කරනවිට ලැ‍බෙන දේවල්.
හැබැයි එදා ඉන්දියාවේ කෙසඹෑනුවර දී මම තීරනය කලා මින් මතුවට කිසිම බුදු පිලිමයකට මේ බුදුන් වහන්සේ වෙනුවෙන් යැයි සිතා නොවදිමියි කියා. වදිනවානම් වදින්නෙ එය නිර්මානය කල ශිල්පියා වෙනුවෙන්. උතුම්ම බුද්ධ පූජාව නම් බුදුන්වහන්සේ අවවාද පිලිපාදීම බව එදා මා තේරුම් ගත්තා.
බෞද්ධ කලාව කරගෙනයාම පොලීසියට සහ අපාගත උපාසකයින්ට වගේම චීවර ධාරීන්ට බාර කිරීමට තීරනය කලා. මා දැන් බෞද්ධ කලාව කරන්නේ ඉතාම පරෙස්සමින්.
බුදුන් වහන්සේ නිසා මුලින්ම මා අවංක උත්සාහයක් ගන්නවා. බැරිවුනොත් මුදල් වෙනුවෙන් වැඩ කරනවා. ඒකත් බැරිවුනොත්. අතහැරල දානවා. මේ ක්‍රමය මා බුද්ධ දේශනාවලින්ම ඉගෙනගත් දෙයක්.

මා ලංකාවට පැමිනිවිට දවසක් ග්‍රාමසේවක මහතා චන්ද කොලයකුත් අරගෙන එගමන් මෙහෙම කියාගෙන ආවා. ඔයා නිසා මට මල කරදරයක්නෙ වුනේ.
රටෙත් නැතිව මම කොහොමද ඔයාට කරදර කරන්නෙ යැයි මම ඇහුවා.

ඔයා බුදු පිලිමවලට අපහාස කරනවා කියල අර  හේමාලෝකයාගෙන් පුදුම කරදරයක්. මම ඒ අයට කිව්වා ඒ මිනිහා එහෙම කරන නෙනෙක් නෙමෙයි. මොකක් හරි හදනව ඇති හැබැයි බදු පිලිම වලටනම් මිනිහා අපහාස කරන්නෙ නෑ කියලා. බැරිම තැන බැනල එලවගත්තා.
හේමාලෝක කියන්නේ කහපාට රෙදි අදින එක්තරා මනුස්සයෙක්. ඔහු තමයි ඉහත කල්ලියේ නායකයා. මේ වැඩේ කලේ ලගම පිරිසක් බව පසුව මා දැන ගත්තා. එහි මූලික පදනම ද්වේශය සහ ඊර්ෂාවයි. ප්‍රශණයක් නෑ මා එයින් සමාජයේ ගුප්ත හැසිරීම් රටාවක් ඉගෙන ගත්තා.

බෞද්ධ කලාව පොලීසියට බාරදීමේ දී ඉතා ගුනගරුක අවංක බුද්ධිමත් නිලධාරීන් අතට පත්වුනාට ඇත්තටම ප්‍රශ්නයක් නැත. මේ කිසිවක් නොදැන උපදෙස් දෙනවිට පොලීසිය විහිලු කාරයන් බවට පත්වෙයි. නීතිය යමක් දන්නා අයගෙන් උපදෙස් නොගැනීම නම් ඒ සදහා අපට කලහැකි දෙයක් ද නැත.

මා හිතන්නේ කලාව කරගෙනයාම ඔවුන්ට බාර දී මම මගේ වැඩක් කරගත්තානම් මට මහා ධනවතෙක් වියහැකි බවයි. සැදැහැවත් බුද්ධිමත් බෞද්ධයින්ට උපදෙස් දීම මහා භයානක වැඩකි

Comments