ශ්‍රීදේවිගේ මරණය






වසන්ත නමස්කාර ගේ 203 වැනි සිතුවම් ප්‍රදර්ශනය

ශ්‍රීදේවිගේ මරණය

ශ්‍රීදේවි පළමු වතාවට මා  දැක්කේ නාගීනා චිත්‍රපටයෙන්. ඒ කොළඹ ගාමිනී සිනමා ශාලාවේ දී. ඒ කාලයේ නාගීනා චිත්‍රපටය මා හත් වතාවක් නැරඹුවා. ඒකාලයේ කවුරුහරි මගෙන් ඇහුවානම් ඇයි ඔය චිත්‍රපටය හත්වතාවක් බැලුවෙ කියලා ඊට පිලිතුරක් එදා මාහට නොතිබුනි.ඒවාගේම නාගීනා චිත්‍රපටයේ සින්දු සියදහස් වතාවකට වඩා මා ශ්‍රවනය කර තිබෙනවා. ඒ හැම සිංදුවකම ශ්‍රීදේවි හිටියා.

එහෙත් ශ්‍රීදේවි ටොයිලට් යනබව මතක් වූයේ දැනට දින කීපයකට පෙර. ඒ ඇය නාන කමරය තුල මියගිය බව දැනගැනීමෙනි. සාමන්‍යයෙන් මානව සත්වයා ටොයිලට් යන්නෙ ශරීරයෙන් පිටවන අසූචි  බැහැර කිරීම සදහායි. අසූචි බැහැර නොකරන මානව සත්වයෙක් මේවනතුරුත් මා අසා නැත.

ශ්‍රීදේවී මා හට සුන්දර ගැහැනියක් වෙන්නේ දෘෂ්‍යමය රාමුක් තුල පමනි. දෘෂ්‍යමය ආකෘතිය තවමත් සකස් වන්නේ හතරැස් ආකෘතියක් තුල පමනි. මේ ආකෘතියට සෑම මුහුනක්ම ගැලපී නොන්නා සේම සෑම සංගීතයක්ම හතරැස් දෘෂ්‍යමය ආකෘතිටය ගැලපෙන්නේ නැත. ශ්‍රීදේවිගේ මුහුන සහ හැඩය දෘෂ්‍යමය ආකෘතියට ගැලපීයයි. එසේම ශ්‍රීදේවී ඒ අර්ථයෙන් ගත්තත් අතිශයින්ම සුන්දර ගැහැණියක් වන්නේ තෝරාගත් සංචිතයක් තුල පමනි.

ඉන්දියාවේම හද්දා පිටිසර ගම්මානවල දී දැයට වඩා සුන්දර කාන්තාවන් මා දැක තිබෙයි. සුන්දරත්වයේ සීමාවන් සොයායාම  මායාවකි.

එහෙත් පසුව මා දැනගත්තේ මා මේ තරම් නාගීනා චිත්‍රපටයට ප්‍රිය කලේ චිත්‍රය සහ සංගීතය නිසා බවයි. චිත්‍රපටයක් තුල තිබෙන්නේ චිත්‍රය සහ සංගීතය පමනි. චිත්‍රය සහ සංගීතය නැති තැන චිත්‍රපටයක් නැත. එය මනසේ තිබෙන ගණිත ක්‍රමයකි. මේ රිද්මයෙන් කිසිවෙකුට ගැලවිය නොහැක. කලහැක්කේ තේරුම් ගැනීම පමනි.

රිද්මයතුල ගිලීගියවිට අපට ශ්‍රීදේවි නොපෙනෙයි. රිද්මයෙන් ඉවත් වූවිටත් නොපෙනෙයි. කලහැක්කේ දෘෂ්‍යමය අන්ධ භාවය නැතිකර ගැනීමයි.

Comments