කථිකාචාර්ය සේවකයින්ගේ දෘෂ්‍යමය අන්ධභාවය




වසන්ත නමස්කාර ගේ 206 වැනි සිතුවම් ප්‍රදර්ශනය

කථිකාචාර්ය සේවකයින්ගේ
දෘෂ්‍යමය අන්ධභාවය

(නිර්මානයක් කරගෙන යනවිට ඒ වටා ගොඩනැගෙන සමාජ රටාවන් සියුම්ව අධ්‍යයනය කරන්න. එයින් ඔබට සමාජය පිලිබද පෙර නොවූ අවබෝධයක් ලැබෙයි.)

වසර දෙකතුනක් ඇතුලත ඉන්දියාවෙන් මාහට ලබා ගතයුතු සයල්ලම මා ලබාගෙන හමාරය. එය ඉතාම කටුක ජීවන අත්දැකීම් වලින් සමන්විත කාලයකි. ඒ කාලයතුල මාහට පැහැදිලි වූ දෙයනම් ඉන්දියාව ගැන එසේවුවත් ලාංකිකයින් පිලිබද අවබෝධ කරගැනීමට නැවතත් ඉපදිය යුතුබවයි.

ඒ කාලය ඇතුලත මා ඉන්දියාවේ ලාංකිකයින් ගැවසෙන එක්තරා බෞද්ධ පන්සලක මූර්ථි නිර්මානය කරමින් සිටියේය. එහෙත් ඒ කොතැනදැයි මා ඔබට පවසන්නේ නැත. එයට හේතුව ජීවිත පරිත්‍යාගයෙන් එහි වැඩවාසය කරන ලොකු හාමුදුරුවන්ට අගෞරවයක් වේයැයි සිතෙන බැවිනි.

ඒ ස්ථානයට එක්තරා දිනෙක රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවකයෙක් පැමිනියා. ඔහු ශිෂ්‍යත්වයක් ලබාගෙන ඉන්දියාවේ අලහබාද් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හදාරනවා.

දවසක් රාත්‍රියකදී මට නිකමට හිතුනා මෙයත් එක්ක කතා කරන්න ඕනෙ කියලා. කතාව අතරේදී කථිකාචාර්ය සේවකයින්ගේ සුපුරුදු රෝගී ලක්ෂනයන් ඔහුගෙන් පහල වීමට පටන් ගත්තා.

කලාව කියනදෙය දර්ශනයෙන් පහල වූ බව ඔහු කිව්වා. මට එතැන සමාජ විද්‍යාත්මක පරීක්ෂනයක් කරන්න උවමනා නිසා මට හිතුනා සත්‍යයයම හෙලි කරන්න ඕනෙ කියලා. එදා ලොකු හාමුදුරුවෝ හිටියෙ නෑ. ලංකාවෙ විශ්ව විද්‍යාල වලින් විභාග අසමත් වෙච්ච හාමුදුරුවරු දෙනමක් එහේ නැවතිලා ඉන්නවා ඒ දෙන්නත් හිටියා.

මම කිවුවා ඔයාට දෘෂ්‍යමය අන්ධභාවය තියෙනවා ඒ නිසා තමයි ඔයා ඔහොම කියන්නෙ කියලා. ඇත්තටම කලාව දර්ශනයෙන් පහලවූබව විශ්වාස කිරීම දෘෂ්‍යමය අන්ධභාවයයි. මේ ජාතියේ කථිකාචාර්ය සේවකයෝ බුරුතුපිටින් ලංකාවේ ඉන්නවා.

මම ඔහුට එහෙම කිවේ ඔහුට යමක් කායාදීමේ අදහසින්. මේකා ගත්කටටම කියාපි මට දෘෂ්‍යමය අන්ධ භාවය එකයිනම් තියෙන්නෙ ඔයාට පහක් තියෙනවා කියලා.

සාමාන්‍යෙයන් ලංකාවේ කථිකාචාර්ය සේවකයෙකුට හරි මහාචාර්ය සේවකයෙකුට හරි කන්න දුන්නොත් ඒකා කරන්නෙ කෑමටික කාල කෑම දීපුකෙනාගෙ මූනට පිගානෙන් දමල ලගහන එක. ඔහු තුල ඒ නීච හැසිරීම් රටාව ඒ විදිහටම තිබුනා. ප්‍රවේශම් වෙන්න ලංකාවේ විශ්විද්‍යාලයකට වැස්සකට හරි ගි‍යොත් මේ නීච ගතිගුනය ඇතිවෙන්න පුලුවන්. ලංකාවෙ උගතුන්ගෙ ඔලුවෙන් විතරක් නෙමෙයි පස්ස පැත්තෙනුත් අදෘෂ්‍යමාන අං දෙකක් තියෙනවා.

මට තවදුරටත් එතැන සමාජ වාතාවරනය වටහා ගැනීමට අවශ්‍ය වුනා. මේ කතාව ඔබටත් පැහැදිලිවන ආකාරයට. මෙහෙම කියන්නම්. අනුරාධපුරයේ සමාධි පිළිමයයි  ලුසියන් ෆෙරායිඩ්ගෙ චිත්‍රයි උදාහරනයකට ගන්නම්.

සමාධි පිළිමය සහ ලුසියන් ෆෙරායිඩ්ගෙ චිත්‍ර සමාන තලයක තියන්න පුලුවන්. අනෙක තමයි සමාධි පිළිමයේ සමාධිය පිහිටන්නෙ පැතිදෙකකට විතරයි. අනෙක් පැතිවල සමාධියක්නෑ. නමුත් සැදැහැවත් බුද්ධිමත් බෞද්ධයෝ හතර වටේටම වදිනවා.  කමක් නෑ ඒකට කියන්නෙ ආගම කියලා. නමුත්  ලුසියන් ෆෙරායිඩ්ගෙ චිත්‍ර ප්‍රසිද්ධියේ දැක්කොත් රෙදි ගලවගෙන සදාචාරය ගැන කතා කරනවා. ඒක තමයි සංස්කෘතික සත්වයාගේ භායානක කම.

සියල්ලම අහගෙන ඉදල ඔහු නැවතත් කියනවා. ඔයාගෙ දර්ශනයෙන් ඔන්න මම ඔයාටම ගැහුවා. නැවත නැවතත් කථිකාචාර්ය සේවයේ නීච හැසිරීම් රටාවම එලියට එයි. මට අවශ්‍ය දෙය මා දැනගත්තා. මා එතැනින් නැගිට යන්න ගියා. ටිකකින් ඔහු මගේ ලගට ඇවිත් කියනවා මම ඔයත් එක්ක අමනාප නෑ. දිගින් දිගටම ඔහු තුලින් මතුවන්නේ නීච හැසිරීම් රටාවයි. ඔහු සිතා ඉන්නෙ මා ඔහු සමග අමනාප වී ඇතැයි කියා සමාන්‍යෙයන් මා අසූචි වැගිරෙන පංච උපාධානස්කන්ධ සමග අමනාප වන්නේ නැත.

ඒ රාත්‍රියේ පංසලේ වැඩකරන ඉන්දියාවේ මෙසන් බාස් කෙනෙකු මගේ කාමරයේ දොරට ගසා මා අවධිකර මගෙන් කම්බස් කියන්නේ මොකක් දැයි අසයි. මේ වනවිට මාහට හින්දි ටිකක් පුලුවන්. ඇයි මේ මහරැ කමිබස් ගැන දහන්නෙ. මම ඔහුගෙන් ඇසූවෙමි.

ඔවුන්ට සිංහල වචනයක් වත් නොතේරුනාට අපේ කතාව ඔවන් කලුවරේ සැගවී බලාසිට ඇත. හාමුදුරු වරුන් දෙදනා සහ රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවකයා මා හට විරුද්ධව ද්වේශයෙන් යමක් කියන බව ඔවුන්ට පැහැදිලි වී ඇත. මා ඉවත් වූ පසුව පැය ගනනක් සාකච්චාව පැවතී ඇත. එහි දී ඔවුන් මා කම්බස් කලබව කැඩුනු හින්දියෙන් ඉන්දියාවේ මගේ අහින්සක මිතුරාට පවසා ඇත. එහෙත් ඔහු කම්බස් කියන වචනයේ තේරුම නොදනියි.

මා ඔහුට කම්බස් කියන වචනයේ තේරුම කියාදුන් පසුව. ඔහු මාදෙස ගෞරවන්විතව බලා ඒ ගොල්ලන් ඔයාගෙ යාලුවෝ නෙමෙයි කීවේය.
කමක් නෑ ඒ ගොල්ල මගේ යාලුවො නොවුනාට ඔයා මගෙ යාලුවෙක්නෙ. දැන් අපි නිදාගනිමු.

පසුවදා දවල් ඊයේ සිදුවීම සම්බන්ධ කථිකාචාර්ය සේවකයා මා මූර්ථි හදන තැනට පැමින මමත් සමහර දේවල් හරියටම දන්නෙ නෑ. රහසින් මෙන් කීවෙය.

ඔහු නිසිවක් නොදන්නා අය ඉදිරියේ වීරයෙක් වී මා කම්බස්කර මා ඉදිරියේ සමහරදේවල් නොදන්නා බව කියයි. කොහොමද ලංකේය නිදහස් අධ්‍යාපනයේ නිශ්පාදනය. මා ඔහුට මගේ අවසන් උපදේශය දුන්යේය.

යමක් බාගෙට දැනගැනී අන්තිම භයානකයි.

අහම්බෙන් හෝ මා කරපු වැඩේ සාර්ථකත්වය මා හට දැන් වැටහෙයි. දෘෂ්‍යමය අන්ධභාවයෙන් පෙලෙන්නන් එයින් මුදවා ගැනීම නොකලයුතු දෙයයකි. ඒබව මෙවැනි පරීක්ෂන සියගනනකින් මා වටහාගත් දෙයකි.

මාසයකින් පමන පසු පෙරකී කථිකාචාර්ය සේවකයා තවත් ඔහුගේ මිතුරන් කීපදෙනකු සමග පැමිනියේය. ඔවුන් කාමරයට යනවිව එක් අයෙක් එලියෙන් සිටියි. මෙය මට ප්‍රෙහේලිකාවකි. පෙරකී කථිකාවාර්ය සේවකයා අනෙක් යාලුවාට උපදෙස්දෙයි.

මේ දොරවල් පිටින් ලොක්කරන්න පුලුවන්.කාමරයේ ඇතුලෙ ඉන්නෙ බලාගෙන. එදා මාවත් කවුද ලොක්කරල. පස්සෙ හාමුදුරුවන්ට කතා කරල තමයි දොර ඇරගත්තෙ.

මට දැන් සියල්ල පැහැදිලිය. මහා බුද්ධිමතුන් කිසිවක් නොදනා අහිංසක පුද්ගලයින්ට මොහොතකින් ලොක්කල හැකිය. පන්සලේ සිටින මගේ ඉන්දීය මිතුරන් පෙරටත් වඩා මා හට ගරුසරු දක්වයි. එහෙත් මේ වනතුරුත් ඔවුන් මා හට දොරවල් ගැන කිසිවක් කියානැත.

Comments