බාස් හාමුදුරුවෝ




වසන්ත නමස්කාර ගේ 207 වැනි සිතුවම් ප්‍රදර්ශනය


බාස් හාමුදුරුවෝ


සංස්කෘතික මිනිසා මහා භයානක සත්වයෙකි. කෙනෙකුට ගෞරවය බලෙන් ලබාගත නොහැක. බලෙන් ගෞරවය ලබාගැනීමට යාමේදී ඔහු හිටිය තැනෙනුත් පහලට ඇදවැටෙයි.

එසේම තමාගේ ගෞරවය රැක ගැනීමට අනෙකා පහත්කොට සලකන්නට යාමේ දී එසේ කරන්නාට සමාජයේ උන්හිටිතැන් පවා නැතිවීයයි. අවසානයේ ඔහු මානසික රෝගියෙකු බවට පත්වෙයි. අපමේ සිතුවම් ගතකරන්නේ අන්න එවන් අවස්ථාවකි.

ඉන්දියාවේ දී සමාන්‍යෙයන් පාසැලක උගන්වන ගුරුවරයෙකුට උවත් භාවිතා කරන්නේ ගුරුජි කියන වචනයයි. එහි තේරුම ගුරුවරයා යන්නයි. එසේම විශේෂ වැඩක් කරන්නාටත් ගුරුජි කියන වචනය භාවිත කරයි. ඒ රටේ දී චිත්‍රයක් මූර්ථියක් කරන්නා ගුරුජි කෙනෙක්වෙයි.

මා ඉන්දියාවේ දී එක්තරා ප්‍රදේශයක ලංකාවේ බෞද්ධ පන්සලක එහි ලොකු හාමුදුරුවන්ගේ ආරාධනාවෙන් මූර්ථි ඇඹීමට පටන් ගත්තේය. මා ඒ පන්සල හෝ ප්‍රෙද්ශය පිලිබදව සදහන් නරන්නේ නැත්තේ එහි ලොකු හාමුදුරැවන්ට යම් අගෞරවයක් හව්යැයි සිතෙන නිසාවෙනි. උන්වහන්සේ තනි ශක්තියෙන් බුදු සසුන වෙනුවෙන් සේවය කරයි. එහෙත් උන්වහන්සේට අනෙක් හමුදුරු වරුන්ගෙන් ලැබෙන සහය ඉතාම අල්පවෙයි.

උන්වහන්සේ මාහට වසන්ත මහත්තයෝ කියා ආමන්ත්‍රනය කලේය. පනසලේ වැඩට සිටින්නන් සහ ප්‍රදේශවාසීන් ද ගුරජි කීවේය. සමහරුන් ශ්‍රීලංකා මිස්ත්‍රී කියා බොහොම ගෞරයයෙන් ආමත්‍රනය කලේය. මිස්ත්‍රී කියන්නෙ හින්දියෙන් යමක් අලුතින් හදන්නාට කියන නම. එය ලංකාවේ බාස් කියන වචනයට සමාන වන්නක් නොවේ. ලංකාවේ බාස් කියන වචනය පහත් අරුතකින් භාවිතවෙයි.

මාහට කුමක් කීවත් ප්‍රශ්නයක් නැත. මා මේ උත්සාහ කරන්නේ බෞද්ධ කලාවේ සමාජ හැසිරීම් රටාවන් විග්‍රහ කිරීමයි. එය අප විසින් කලයුතුම වැඩක්යැයි මා සිතයි.

ඉතා සුන්දර විදිහට කාලය ගෙවීයයි. ටික දිනකින් එතැනට තවත් ලංකාවේ හාමුදුරු වරුන් දෙදෙනෙක් පැමිනියේය. පසුව මා දැනගත්තේ ඔවුන් දෙදෙනා ලංකාවේ විභාග අසමත්වී ඒ මේ අත පාවීයන චරිත දෙකක් බවයි.

මා නිර්මානයක් කරනවිට සමාජය පිලිබද යම් කියවීමකට ලක්කිරීමට අවශ්‍ය වුවහොත් මා එය ආවරනය කරන්නේ නැත. කැමති ඕනෑම කෙනෙකුට එය හදන ආකාරය නැරඹිය  හැකියි. මා සමාජසේ සුදු කලු චරිත හදුනා ගන්නේ ඒ ආකාරයෙනි.

නිර්මානයෙන් අවන්කවම සතුටුවෙන අව්‍යාජ මිනිසුන් මා වටා ආකර්ශනයවෙයි. එයට ඊර්ෂා කරන පිරිස වෙනම කල්ලි විදිහට සංවිධානයවෙයි. ඇත්තටම ඔවුන් ඊර්ෂා කරන්නේ මූර්තිටෙ නොව මා වටා ගොඩනැගෙන සුහදශීලී ප්‍රියමනාප සමාජ ආකර්ෂනයටයි. දිගින්දිගටම එය පැවතුනොත් ඉන්පසු ඔවුන් කරන්නේ ඒ සුහද ශීලී ප්‍රියමනාප සමාජ පරිසරය විනාශ කිරීමයි.

මේ නීච චර්යාව බෞද්ධ කලාවට සම්බන්ධ පන්සල් රටාවතුල ඇත. පළමුවෙන්ම ඔවුන් කරන්නේ ලොකු හමුදුරුවන් හෝ නිර්මානයේ ක්‍රියාකාරීව වැඩ කරන්නන් සහ මා අතර හිතවත්කම සහ ලෙන්ගතුකම පලුදු කිරීමයි. දෙවනුව කරන්නේ කෑම නොදී හැරීමයි. මේ දෙකම අසාර්ථක වුවහොත් රහසිගතව නිර්මානය වනසයි. බෞද්ධ කලාවට ලැදි ලොකු හාමුදුරු වරුන් සහ අනෙකුත් පිරිස් මෙය වටහා ගතයුතුයි. මේ සියලු චර්යාවන් බෞද්ධ කලාව තුල මා විසින් අත්විද සොයාබලා ඇත.

දිනක් ඉන්දියාවේ ඉහත පන්සලේ ප්‍රථිමා නිර්මානය කරන කාලය තුල පන්සල අසල වාසය කරන මගේ මිතුරෙක් මාහට බස් බස් කියා කතාකිරීමට පටන් ගත්තේය. මට දැන් තරමක් හින්දි කතා කලහැකිය. එහෙත් මට බස් බස් කියන්නේ කුමක් දැයි වැටහෙන්නේ නැත. මා ඔහුගෙන් බස් බස් කියන්නේ කුමක් දැයි විමසුවෙමි.

කිරි කලයක් විනාෂ කරන්න ගොම බිංදුවක් සෑහෙයි. ගොම බිංදු එකක් නොව දෙකක්ම  ලංකාවෙන් වැඩමකර ඇත. පෙර සදහන් කල හාමුදුරුවන් දෙනම මාහට බාස් කියා කතා කිරීමට පංසලේ වැඩ කරන්නන් හුරු කරවයි.

එහෙත් ඉන්දියානුවන් බාස් කියන්නේ කුමකටදැයි නොදනියි මුලින් ඔවුන් දෙදෙනාද මාහට මහත්තයෝ කියා කතා කලේය. ඒ කාලයතුල මූර්ථිවල කම්ඹි පමනක් මතුවී තිබුනි. සමාජීය ආකර්ශනයක් නැත. ටික ටික මූර්ථි සකස්වනවිව ලොකු හාමුදුරුවන් හැරුනාම විශ්වසනීයවූත් අවංක වූත් ප්‍රියමනාප ප්‍රසන්න සමාජ පිලිගැනීමක් මාවෙත ලැබෙමින් තිබුනි. එය විනශ කිරීමේ ද්වේශ සහගත වැඩපිලිවෙල ඉහත දෙනම අරඹා තිබුනි. ද්වේශය වැඩිවත්ම මා ඈතින් එනවිට ඔන්න අනිත්ලොකු හාමුදුරුවෝ එනවා යැයි ඔවුන්ගේ කටින් පිටවුනි. මේ පැහැදිලිවන්නේ බෞද්ධ කලාව තුල භයානක සංස්කෘතික මිනිසාය.

කෑම සකස්කල පසුව ඉහත දෙනමගෙන් එක් නමක් ලංකාවෙ බාසුන්නැහේ කෑම කන්ඩ කියා අනෙක් අයට අැසෙනසේ කෑගසයි. බොහෝවිට ලංකාවේ වන්දනා නඩ අතරටවිත් මේ කෑගැසීම කරයි. මගේ නැති අඩුපාඩු ලොකු හාමුදුරුවන්ට පෙන්වයි. එහෙත් ලංකාවේ මිනිසුන්ද බොහෝ දෙනෙක් මා සමග හිතවත් වෙයි. ඉහත දෙනම ද්වේශයෙන් තවතවත් ක්‍රියාකාරීවෙයි. 

එහෙත් ඒ සියලු ද්වේශ සහගත ක්‍රියා විශ්ව නිර්මාන පද්ධතිය විසින් විනාශ කෙරෙනබව මා දනිමි.

මා හින්දි  ඉගෙන ගන්නේ ඉන්දියාවේ බාලංශ පන්තිවල ළමයින්ගෙනි. ඒ පන්සලේ සිටින කාලය තුල ගමේ ළමයෙකු අසලටයන මා හින්දි ඉගෙන ගනියි. ඔවුන්ද සතුටින් මාහට උගන්වයි.

පුහු මාන්නයෙන් හෝ බොරු අද්දච්ච කමින් සිටින ගොම බිංදු වලට එසේ කල නොහැක. ගමේ සමහර පුද්ගලයින් බීඒ උපාධි තිබෙයි. එහෙත් ඔව්වුන් කම්කරුවන් ලෙස වැඩ කරයි. ඒ ඉන්දියාවේ සමාජ රටාවයි. ඔව්න්ට මා ප්‍රියමනාප පුද්ගලයෙකි.

මෙය ලංකාවේ බාස් හාමුදුරුවන් දෙපලට ඔරොත්තු දෙන්නේනැත. ඔවුන්ගේ බොරු ගෙම්බර් ඉන්දියාවට වලන්ගු නැත. ඔවුන් දිනෙන්දින අප්‍රසාදයට ලක්වෙයි.

සුදු වර්ණයමත සුදු තැබුවොත් පෙනෙන්නේ සුදු වර්ණයමය. එහෙත් සුදු වර්ණයමත කලු තැබුවොත් කලු සහ සුදු වෙන්වෙන්ව පෙනෙයි. එසේම සුදු පාටට කලුපාට කිවුවාට එසේ ව්‍යවහාරයක් සමාජයේ නැත. ඒනිසා එය සමාජය පිලිනොගනියි. එසේම කලු පාටට සුදුපාට යැයි කියන ව්‍යවහාරයක් ද සමාජයේ නැත.

බෞද්ධ කලාවේ නාමයෙන් බාස් හාමුදුරුවරු භන්ග වේවා.

Comments