බුදු සසුන වනසන කහපාට ගොම බිංදු




වසන්ත නමස්කාර ගේ 208 වැනි සිතුවම් ප්‍රදර්ශනය

බුදු සසුන වනසන කහපාට ගොම බිංදු


බුදුන් වහන්සේ බුදු වීයට කලින් රජ කෙනෙක්. බුදු වුනාට පස්සෙත් උන්වහන්සේට බොහෝ රජ වරුන්ගේ වගේම ධනවතුන්ගේ උපස්තාන ලැබුන.
නිරතුරුවම පාලමනින් වැඩිය උන්වහන්සේට කිසිවෙක් ඒකාපයේ හැටියට අශ්ව කරත්තයක් හෝ වෙනත් යානාවක් පූජා කල බවක් අසන්නට නැත.
එසේ තිබුනානම් ධාතූන් වහන්සේලාට පුදසත්කාර කරන ආකාරයෙන්ම බුදුන් වැඩිය රථයේ කොටස් කියමින් වන්දනා කිරීමටත් චෛත්‍ය බැදීමටත් බුද්ධිමත් සැදැවත් පුපේශල ශික්ෂාකාමී බෞද්ධයින් ඇතුලු මහා සංඝයාට අවස්ථාව තිබුනි. එයින් පිංරැස්කරගෙන අපායෙන් මිදී මරණින් මතු දිව්‍යෙ ලෝකවලට පවා ගමන් කිරීමේ අවසථාව තිබුනි.
බුදුන් වහන්සේ සහ එකල මහා සංඝයා අඩුතරමින් අශ්ව රථයක් හෝ පවිච්චි නොකලේ උන්වහන්සේලාට ඉර්දියෙන් වැඩම කිරීමේ හැකියාව තිබූ නිසා බව මගේ හැගීමයි.

අද වනවිට අපේ ස්වාමීන් වහන්සේලා සුඛෝප භෝගී වාහන පරිහරනය කරන්නේ උන්වහන්සේලාට අහසින් වැඩම කිරීමේ හැකියාව නැතිනිසා නොව බුදුන් වහන්සේ විසින් මහා සංඝයාට ඉර්දිප්‍රාතිහාර්ය පෑම තහනම් කර විනය නීතියක් පනවා ඇති නිසාවෙනි.

Comments