පදනම් විරහිත වාරනය



වසන්ත නමස්කාර ගේ 198 වැනි සිතුවම් ප්‍රදර්ශනය

පදනම් විරහිත වාරනය

මේ තියෙන්නෙ මෙවර කලාපොලේ දී විකිණුන මගේ චිත්‍ර අතරින් එකක්. ඒවාගේම මෙවර 2018 කලාපොල සංවිධානය විසින් මා හට දැඩි වාරනයක් දමා තිබුනා මගේ සිතුවම්වල මුද්‍රණ පිටපත් අලෙවි නොකරන ලෙස.

වෙනදාට පොදිකමින් රුපියල් සියය බැගින් අඩු මුදලකට මගේ සිතුවම්වල මුද්‍රණ පිටපත් රැගෙන ගිය මිනිසුන්ට ඒ අවස්ථාව අහිමි වුනා. මෙතැන දැන දැනම හෝ නොදැන ක්‍රියාත්මකවන අදුරු ක්‍රියාවලියක් තිබෙන බව අපගේ හැගීමයි.

ඔවුන් කරන දෙය අපට වැටහුනාට අප කරමින් සිටිනාදෙය තවම ඔවුන්ට වැටහී නැත. නැතහොත් වැටහෙන නිසාම පදනම් විරහිත වාරන පනවයි. බොහෝ අවස්ථාවල මගේ නිර්මානවල මුල් පිටපත් මා කලා පොළට ගෙනයන්නේ නැත. එයට හේතු ගනනාවක් තිබෙයි.

දැන හෝ නොදැන කරනු ලබන පදනම් විරහිත මේ වාරනය නිසා මගේ අලුත්ම සිතුවම් එකතුව වන නග්න NUDE සිතුවම් එකතුවෙන් සිතුවම්  කීපයක් ගෙනගියෙමි.

නග්න NUDE කියන්නෙ සිතුවම් සිය ගනනකින් පසුව සොයාගත් යථාර්තයක්. එහෙත් අප ව්‍යාජ සංස්කෘතික සත්වයාට නග්න NUDE පිලිබද සියලු තොරතුරු හෙලිකරන්නේ නැත. එයට හේතුව ව්‍යාජ සංස්කෘතික සත්වයා දෘෂ්‍යමය අන්ධ භාවයෙන් පෙලීමයි. ඔවුන් තමා පෙලෙමින් සිටින දෘෂ්‍යමය අන්ධ භාවයම යහපත් චර්යාවම බව සිතයි. නග්න NUDE  තුල තිබෙන්නේ කරුණාව දයාව අනුකම්පාව මෛත්‍රිය සහ සමාජ සධාරනත්වයසි.

මේ සිතුවම් බොහෝ දෙනෙක් ඈත සිට නරඹමින් යයි. ලගට කිට්ටු වන්නේ නැත. හිටිගමන් චීන කාන්තාවන් දෙදෙනෙක් සිතුවම් ඇවිස්සීමට පටන් ගත්තා මේ තියෙන්නෙ ඔවුන් මිලදී ගත් සිතුවම් වලින් එකක්. ඔවුන් මා සමග ෆොටෝ ගත්තා. එයින් එක් කාන්තාවක් මගෙන් ඉල්ලීමක් කලා මේ චිත්‍ර අදින විදිහ උගන්වන්න පුලුවන්ද කියලා. ඔන්න ඊට පස්සෙ තමයි ලාංකේය ප්‍රබුද්ධ ජනතාව සිතුවම් ලගට කිට්ටු වුනේ.

මේ චිත්‍ර බුදු පිලිමයක් ගෙන යන්නාක්මෙන් ගෞරවයෙන් යුතුව ගෙනයාම ප්‍රබුද්ධ සංස්කෘතික සත්වයාට මහත් ගැටලුවක් විය. ඒ වනතෙක් ලාංකේය ප්‍රබුද්ධ රසිකයින් මා සමග සිනාසුනේ වත් නැත. එහෙත් මා ඔවුන්ගේ දෘෂ්‍යමය අන්ධභාවයට අත තබන්නේ නැත.

Comments