බුදුස සුන සුරකින ගොම පාට කහ බිංදු





වසන්ත නමස්කාර ගේ 210 වැනි සිතුවම් ප්‍රදර්ශනය


බුදුස සුන සුරකින ගොම පාට කහ බිංදු

  
ලංකාව ඇතුලු බුදු දහම පවතින බොහෝ රටවලට බුදුන් වහන්සේ වැඩම කලබව පොත්පත්වල සදහන්වෙයි. එහෙත් පුරාවිද්‍යාත්මක සාධක අනුව බුදුන් වහන්සේ උතුරු ඉන්දියාවෙන් පිටතට වැඩමකර නැත.
ඒ නිසාවෙන් දිවි පරදුවට තබා අපේ සැදැහැවත් බෞද්ධයින් සහ මහා සංඝයා දඹදිව චාරිකාවල යෙදෙයි. එසේ ගොස් සුවසේ වසන මහා සංඝයාට තවතවත් මුදල් දී පිං රැස්කරගෙන ආපසු පැමිනෙයි. ඒ අකාරයෙන් පිං රැස්කිරීම නිවනට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස බෞද්ධයින් දනියි. ඔවුන් කිසිවිටෙක හිස් අතින් මැරීමට කැමති නැත. එයට හේතුව හිස් අතින් මියගියහොත් නිවනට පත්වන බැවිනි.
බුදුන් වහන්සේ පිලිබදව අපගේ සැදැහැවත් බෞද්ධයින් කොතරම් දැණුම් පිපාසයක්න් පෙලෙනවාද කියනවානම් ඔවුන් මේ වනවිට බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන බවත් සොයාගෙන ඇත.
ඔවුන්ගේ බුද්ධිය කොතරම් පරිනතද කියනවානම් නිවන සොයා ගැනීමට ප්‍රථමව බුදුන් වහන්සේ හිටිය තැන සොයා ගැනීමට ඔවුන් උත්සාහවත්වෙයි.
ඉපදීම ගැන බුදුන්වහන්සේ වර්නනා නොකලත් බුදුසසුන විනිශකරන තමන්ගෙන්ම බුදුසසුන බේරාගැනීමට වෙනත් ලෝකවලින් හෝ මෙහි පැමින ඉපදෙන ලෙස දෙවි දේවතාව්න්ට ආරාධනාද කරයි. ඔව්න්ගේ පැතුම් ඉට්වේවා. සාධූ සාධූ සාධූ

Comments