පිලිම තුල බුදුන් නැත


වසන්ත නමස්කාර ගේ 211 වැනි සිතුවම් ප්‍රදර්ශනය


පිලිම තුල බුදුන් නැත


බුද්ධ ප්‍රථිමාවලට සහ ප්‍රථිමා සාදන්නන් පිලිබදව කුඩා අවධියේ පටන් ඉමහත් ගෞරවයක් තිබුනි. ඒනිසාම මහත් වරවෑයමින් ප්‍රථිමා කලාව ඉගෙන ගත්තෙමි. මාහට ඕනෑම ප්‍රමානයක බුද්ධ ප්‍රථිමවක් නිර්මානය කිරීමේ හැකියාව තිබෙයි.
එහෙත් අදවනවිට බුද්ධ ප්‍රථිමා සහ ශිල්පීන් පිලිබදව මුලින් තිබූ ගෞරවය හාත් පසින්ම වෙනස් වී ඇත. අද වනවිට මා කිසිම ප්‍රතිමාවකට හදවතින්ම නොවදියි. ඒ නිර්මාන කලාවේ යෙදෙමින් ලැබුනු අත්දැකීම් නිසාවෙනි.
බොහෝ ප්‍රතිමා නිර්මානය කරන්නන් තුල ඔවුන් බාහිරින් පෙන්වන මානුෂීය ගුනාන්ග ඔවුන්ගේ අභ්‍යන්තරයේ නැත. බුද්ධ ප්‍රථිමාවලට නෙත් තැබීමේ පටන් කරනු ලබන සියලුම චාරිත්‍ර පදනම් විරහිත මිත්‍යා විශ්වාස ලෙස මා විසින් හදුනාගෙන තිබෙයි. ඒවා සංස්කෘතික සත්වයා විසින් පැවැත්මට සාදාගත් චාරිත්‍ර පමනි.
මා මුලින්ම ඒ චාරිත්‍රවල බාහිර සුන්දරත්වයට රැවටුනි එහෙත් පසුව මා තේරුම් ගතතේ අභ්‍යන්තරිකව එහි ගතයුත්තක් නැති බවයි. බාහිරින් පෙනෙන ඒ සුන්දරත්වය ශිල්පීන් ගේ අභ්‍යන්තර ජීවිතය හා බද්ධවී නැත. එවැනි ශිල්පීන් සිටිනවානම් ඉතාම කලාතුරකිනි.
මා ප්‍රථිමාවක් නිර්මානය කලවිට අනෙකා සතුටුවෙයි. එවිට මගේ ජීවිතය පහසුවෙයි. එයින් බාහිරව කිසිවක් මා බලාපෙරොත්තු වන්නේ නැත. සංකෘතික සත්වයාගේ භයානක කම අවබෝධවූ මොහොතේ පටන් ප්‍රථිමාවකින් බුදුන් සෙවීම නවතා දැමූවෙමි.
ඔබ මේ වීඩියෝ පටවලින් දකින්නේ මාතලේ විද්‍යානන්ද පිරිවෙනේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව පිටුපස මා විසින් නිර්මානය කල දැවැන්ත බිතු කැටයමයි.



මේ වැඩේ මාහට ලැබුනේ දැනට රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හාමුදුරුවන් මාර්ගයෙන්. උන්වහන්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල ඉගෙනගන්නාවිට මා ඒ වසරේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හැදෑරුවා.
මා මේ ඔබට පැහැදිලි කරන්නේ චිත්‍රය තුල තිබෙන සමාජ විද්‍යාවයි. මේ වනතෙක් මා එය හදාරමින් සිටියි.
මා එහි වැඩ පටන්ගන්නාවිට එහි ප්‍රධාන බුද්ධ ප්‍රථිමාව එක්තරා ප්‍රතිමා ශිල්පියෙක් විසින් නිමකරමින් තිබුනා. සියලු දෙනාම ඔහුට බාසුන්නැහේ කියද්දී මා ඔහුට මහත්තයා කියා කථා කලා.
පිලිම බාස් කියන වචනය ලංකාවේ භාවිත වන්නේ පහත් අරුතකින් බව මා ඉතා හොදින්ම දන්නා කරුනකි. ඔහුගේ දැණුමේ ප්‍රමානයට ඔහු මා හා කතාබහ කලා. එහෙත් ඔහු මට වඩා මුදල් යහමින් උපයාගෙන තිබුනු කෙනෙක් ඒ ඔහු ප්‍රථිමා කලාව ව්‍යාපාරක් ලෙස කරන නිසාවෙනි. නමුත් මාහට ඔහුගේ නොතේරෙන පැත්තක් මුලඉදලම දැනුනා.
මේ ප්‍රථිමාව විවෘත කරන්න පැමිනියේ ජනාධිපති මහිද්ද රාජපක්ෂ මහතා. කාලය පිලිබද ප්‍රශ්නය විසදා ගනිමින් අසාමන්‍ය වෙහසක් දරා නිර්මානයේ අවසන්කලා. වැඩ අවසන් වනවනවිට අමුතුම සුන්දරත්වයක් එයින් ප්‍රථිනිර්මානය වී තිබුනා. බොහෝ දෙනෙක් එයින් වශීවන බව මා දුටුවා.
එයට හේතුව වනසෙනසුන්වල පවතින නිහඩ තාවය මේ සිතුවම්වලට මා එකතුකර තිබීමයි. අසාමාන්‍යෙ ලෙස මිනිසුන් මා සමග සුහදශීලීවන බව මාහට දැනුනා. මගේ උත්සාහය සාර්ථකයි.
ප්‍රතිමා ශිල්පියා තමාගේ ගෝල බාලයින් සමග ඔහුගේ වැඩ කඩිමුඩියේ ඉවර කරමින් සිටියි. හෙට නේත්‍රා ප්‍රතිශ්ඨාපන දිනය.
උදේ පාන්දර බුද්ධ ප්‍රථිමාව ඉදිරි පිටදී ප්‍රථිමා ශිල්පියා මා හට මුණ ගැහුනා. මා විසින් නිර්මානය කල බිතු කැටයම දිව්‍ය ලෝකය වගේ බබලනවා. නිර්මානයෙන් ගලන නිහඩ තාවයෙන් සමස්ථය වශීවී තිබෙයි.
මා ප්‍රථිමා ශිල්පියාට කිවුවා ඔන්න මහත්තයෝ මගේ වැඩේ නම් ඉවරයි කියලා. කිවුව විතරයි ඔහු තිත්ත කුණුඑරුපෙන් මාහට බැණවැදුනා. එතන සිටි ඔහුගේ ගෝල බාලයිද එයට එකතුවිය. සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට පවා අපහසුවුනා.
මෙතැන ඇති ශිලිපියෙක් නෑ මගේ වැඩේ ඉවර කරන්න දුන්නැත්නම් මම යනව යන්න. කියමින් ඔහු මොරදීමට පටන් ගත්තා.
මා හිතනවා ශිල්පියාගේ සහ බාස්ගේ වෙනස ඔබට පැහැදිලි වෙන්න ඇතැයි කියා.
නිහඩතාවය සිතුවමත් සමග ඒ මොහොත මාහට බොහෝ පීඩාකාරී උවත් සමස්තය පැහැදිලිවූ මොහොත නිසා මා ඒගැන ඉතාසතුටු වෙමි. චන්ද්‍රසිරි හාමුදුරුවන්ගේ බුද්ධිය නිසා මේ නිර්මානය බේරුන අතර නිර්මානය නැතිභන්ග වීමේ සියලු ක්‍රම වේදයන් ඔවුන් විසින් සකස්කර තිබුනි. ඒ බව පසුව මා දැනගත්තා.
මා හුදෙකලා වනසෙනසුන්වල වෙසෙමින් ස්පර්ශ කෙරෙන නිහඩතාවය පිලිබදව මේ ශිල්පීන්ට අවබෝධයක් නැත. එය මේ නිර්මානයට එකතුවී ඇතිබව මාහට පසුව පැහැදිලිවිය. ඒ සියල්ලම සොයා බැලීමට පාර කැපූවේ මුලින් සදහන් ප්‍රථිමා ශිල්පියාගේ බැන වැදීමයි.  මා මේ මොහොත වනතෙත් ඔවුන්ට කිසිවක් කියානැත. එහෙත් මා එයින් බොහෝ දෑ ඉගෙනනෙ හමාරය.
මෙවන් නිර්මාන කරුවන් අතින් නිර්මානය වන බුද්ධ ප්‍රථිමා වලට ඔබට වැදිය හැකිවුවත් මාහට එසේ කල නොහැක. පිලිමතුල බුදුන් නෑ වගේම ඇදුම තුලත් නිවන නැතිබව මා බෞද්ධ කලාවෙන් ඉගෙන ගත් දෙයකි.
එහෙත් මා ඉඩලැබෙන සියලු අවස්ථා වලදී බෞද්ධ කලාව තුල ද්වේශයෙන්, වෛරයෙන් සහ කුහකත්වයෙන් පිරුනු මිනිසුන් හැර සියල්ලන්ම නිහඩ තාවයෙන් ප්‍රභෝධමත් කරමි.

Comments