චීවරධාරීන් සමග අපාගත උපාසකයෝ




වසන්ත නමස්කාර ගේ 199 වැනි සිතුවම් ප්‍රදර්ශනය

චීවරධාරීන් සමග අපාගත උපාසකයෝ


චීවරධාරීන් සහ අපාගත උපාසකයින් නිසා පිරිහීයන බෞද්ධ කලාගාරය.

පූජ්‍ය අම්පිටියේ සිරිවිමල නායක හාමුදුරුවෝ කියන්නේ මා දැක තිබෙන හාමුදුරුවරුන් අතරින් බොහෝම කරුණාවන්ත හිමිනමක්. මා ඒ පන්සලේ සිතුවම් සහ ප්‍රථිමා නිමකරන කාලය තුල උන්වහන්සේගේ ගුන ගරුක බව ඉතා හොදින් දැක තිබෙනවා. නුවර ප්‍රෙද්ශයේ ව්‍යවහාරයට අනුව අප උන්වහන්සේ හැදින්වූයේ ලොකු අවසර නමින්.
බොහෝ අවස්ථාවල බුද්ධ සාශනයේ පිරිහීම ගැන උන්වහසේ විශාල කලකිරීමෙන් හිටියා. අප සමග කථා කලහැකි සීමාවන්වල සිට උන්හන්සේ බොහෝ ශාසනි ප්‍රශ්ණ කතා කලා.
සෑම උදෑසනකම සහ සවසකම උන්වහන්සේ වන්දනා කිරීමේ පුරුද්දක් ඒ කාලයතුල මා හට තිබුනා. පන්සලේ කවුරුත් නැතිනම් ඒ අවස්ථාවල දී උන්වහන්සේ මේ වගේ දේවල් අප සමග කතා කරනවා.




අද වගේ අන්තර්ජාල පහසුකම් නොතිබුන එදා සමහර අවස්ථාවල දී මගේ සිතුවම් ප්‍රදර්ශන පුවත්පත්වල පලවුනා. මා බොහෝ සිතුවම් පත්‍රයට දුන්නත් බොහෝ අවස්ථාවල ගැහැණු රූපයක්ම පලවුනා.
එක් දවසක් පන්සලේ ගිහියන්ගේ සහ පැවිද්දන්ගේ එක්තරා ප්‍රශ්ණයකදී උන්වහන්සේ ඉතාම කලකිරීමෙන් හිටියා. මා උන්වහන්සේට කිවුවා ස්වාමීන් වහන්ස ඔය ප්‍රශ්නය දායක සභාවට බාර දෙන්න කියලා.
එවිට උන්වහන්සේගේ පිලිතුර වුනේ හපෝයි මහත්තයො දායක සභාවන් තමයි බුද්ධ ශාසනය වනසන්නෙ. කියූපරිදිම උන්වහන් අපවත්වෙනතුරුම දායක සභාවක් පිහිටවූයේ නැත. දායක සභාව පිහිට වූ දවසේ පටන් පන්සලේ පරිහානිය උදාවිය.




මහත්තයෝ බුද්ධශාසනය වනසන්නෙ චීවර ධාරියොයි අපාගත උපාසකයොයි. ඔබතුමා ඔය ගෑණු රූපම ප්‍රදර්ශනය කරන අතරෙ චීවර ධාරියොයි අපාගත උපාසකයො ටිකකුයි අදින්නකො. ඒ උන්වහන්ගේ කලාව ගැන තියෙන අවබෝධයේ ප්‍රමානය නිසා මා කිසිවක් කීවේ නැත.
අදින්නනම් පුලුවන් හාමුදුරුවනේ ඕව ඇන්දහම හරී ප්‍රශ්නනෙ. ඔයා අදින්නකො ප්‍රශ්ණ බලාගන්නෙ අපිනෙ. උන්වහන්සේගේ පිලිතුර විය. ඇත්තටම මම උන්වහන්සේගේ ඉල්ලීම පරිදි එවැනි සිතුවම් පෙලක් නිර්මානය කලෙමි. මේ වනතෙක් ඒවා ප්‍රසිද්ධකර නැත.
උන්වහන්සේගේ අදහස ඉටුවීමට පෙර උන්වහන්සේ අපවත්විය. එහෙත් උන්වහන්ගේ අවංක නිර්ව්‍යාජ උත්සාහයට ගරු කිරීමක් ලෙස මේ ප්‍රදර්ශනය චීවරධාරීන් සමග අපාගත උපාසකයෝ ලෙස නම්කරමි.



Comments