වසන්ත නමස්කාරගේ 235 වැනි සජීවී සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

තීරනාත්මක ප්‍රතික්ෂේපය



දැන් මොහොතකට පෙර බෙයාර්පූට් කලාගාරයේ ඩොමිනික් සන්සෝනි මහතා මාහට කතාකර වසන්ත ඔයාගෙ සිතුවම් අපට ගැලපෙන්නෙ නැති බව ප්‍රකාශ කලේය. එහෙත් මාගේ සිතුවම් මිල දී ගන්නා අය සිටියි. මගේ සිතුවම් පිලිබදව මෙවැනිම අදහසක් පැරඩයිස්රෝඩ් ආයතනයෙන්ද මාහට අසන්නට ලැබුනි.
බෙයාපූට් කියන්නේ මා මුලදී සිතා සිටියේ වලස්සුන්ගෙ කකුල් යන තේරුමයි. මුලදී මේ අර්තය මාහට මහත් ගැටලුවක් විය. එහෙත් මා පසුව වටහා ගත්තේ එහි අර්ථය නිදහස් පාද යන අර්ථයයි. එහෙත් ඩොමික්ගේ පැහැදිලි කිරීමෙන් මා තවත් නිදහස් විය.
දැන් මා සොයන නිධානයේ දොර අසලටම මා පැමින ඇත. මට තියෙන්නේ දොර ඇරීම පමනි. යතුර මා සතුව ඇත.
එසේම මා දන්නා පරිදි පැරඩයිස්රෝඩ් යන්නේ සිංහල තේරුම දිව්‍යෙලෝකයට යන මාවත යන්නයි. එහෙත් පැරඩයිස්රෝඩ් ඔස්සේ දිව්‍යෙලෝකයට නොයාහැකි බවත්. බෙයාපූට් වලින් නිදහස් පාද ඇති නොවන බවත් මා දැන් දනිමි.
ලක්සල නමින් රජයේ කලාගාරයක්ද තිබෙයි. ඔවුන් මගේ සිතුවම් තෝරා බේරා මිලට ගනියි. මේ සමස්ථයෙන්ම අප වටහා ගතයුත්තේ කීපදෙනෙකුගේ රසවින්දනය පොදු රසවින්දනය නොවන බවයි. දැන් මගේ නිධානයට හිමිකරුවන් නැත. සියල්ලම මාහට පමනක්ම ලැබෙමින් පවතිනබව මට පෙනෙයි.
කලාභවන ඉදිරිපස සිතුවම් විකුණන පිරිසක් සිටියි. ඔවුන්ගෙන් සමහරුන් මගේ මිතුරන්ය. එහෙත් සිතුවමක් ගෙනගොස් එතැන තබා විකුණනවාට ඔවුන් එතරම් කැමැත්තක් නැත. එතැන සංගමයේ සභාපතිගෙන් අවසර ගතයුතුව ඇත.
මෙවැනිම අවස්ථා කීපයක් මාහට දැන් මතකයට එයි. මගේ මුල්ම ප්‍රදර්ශනය පැවැත්වූයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්ථකාල ශාලාවේදීය. ඉන්පසුව ලංකාවෙ විශ්ව විද්‍යාල කීපයකම ඕනෑම කෙනෙකුට ප්‍රදර්ශන පැවැත්වියහැකි කලාගාර ඇතිකිරීමට ගන්නාලද උත්සාහයන් අසාර්ථක වුනා. විශ්ව විද්‍යලතුල කලාගාර ඇති කිරීමට උවමනාවටත් වඩා පහසුකම් තියෙනවා. නමුත් ඒ සදහා කුලපති වරුන්ගේ සිට කිසිවෙකුගේ උවමනාවක් මේ වනතෙක් මා දැක නැත. මාසේ වැටුප අරන් ගෙදර යනව.
ඊලගට ලංකාවෙ මහජන පුස්ථකාල ආශ්‍රිතව කලාගාර ඇතිකිරීමට උත්සාහ කලා. එයත් එසේම අසාර්ථක වුනා.
එහෙත් කොළඹ මහජන පුස්ථකාලයේදී අමුතුම ආකාරයේ බාධාකරන පුද්ගලයෙක් හමුවුනා. ඔහු තවමත් ඉන්නව. ඔහුගේ නම ශ්‍රියානන්ද. මේ මනුස්සය තමයි පුස්තකාලයේ ගොඩනැගිලි බාරව ඉන්නෙ. මගේ ප්‍රදර්ශනයේ බැනර් සුලුසේවකයි යොදවල ඉරා දමනව. කවදාවත් ශාලාව පිලිවෙලකට සකස් කරල දෙන්නෙ නෑ. කරන්න පුලුවන් උපරිම බාධා කරනව. සමහරදාට සුලුසේවකයින් යොදවල දොර ඇරල කුඩා චිත්‍ර ‍හොරකම් කරනව. ඒකාලයේ පුස්ථකාල ශාලාව දවසට රුපියල් හැත්තෑ පහයි.
දවසක් මේ මනුස්සය මගේ ඉස්සරහ පොත්වගයක් ගෙන්වා ගන්න ඉංග්‍රීසියෙන් කතාවක්. ඒ කතා කරම්න් ඉන්න වෙලාවේ මිනිහගෙ පොන් එක රිංවෙනව. මිනිහ දිගටම කතාව.
වෙලා තියෙන්නෙ මේකයි. මිනිහට ඕනෙ මගෙ ඉස්සරහ පුස්ථකාලාධිපත්වගේ හැසිරෙන්න ඒ නිසා මිනිහ කොලයක් බලාගෙන ඉංග්‍රීසියෙන් කතාව. පෞද්ගලික කලාගාරයන් පිලිබද අදහස මාහට මුලින්ම පහලවූයේ කොළඹ මහජන පුස්ථකාලයේ සේවක ශ්‍රියානන්දගේ බාධාකිරීම් නිසා.
අවසාන වතාවට කොළඹ මහජන පුස්ථකාලයේ දී පවත්වන ලද ප්‍රදර්ශනයේ දී මම කිවුව ශ්‍රියානන්ද මහත්තය එන්නකො ෆොටෝ එකක් ගන්න කියල. මිනිහ දුවගෙන ඇවිත් කැමරාව ඉස්සරහ ඉන්නව. ඒකාලෙ අදවගේ ඉන්ටර්නෙට් පහසුකම් තිබුනේ නෑ.
එහෙත් ඔහු මාහට උදවු කරල ලොක්කෙක් වෙන්න උත්සාහ කලානම් මම ඔහුගේ ෆොටෝ සීයයක් විතර ගන්නව. එහෙනම් කොළඹ මහජන පුස්ථකාලය අද කොළඹ නගරයේ හොද කලාගාරයක්. එහෙනම් ශ්‍රියානන්න කියන්නෙ හොද ආට් විකුණනන කෙනෙක්. 
ආයතක කියන්නෙ ගොඩනැගිලි නෙමෙයි ඒකෙ වැඩකරන මිනිස්සුන්ට. අදවුවත් මේ මිනිහා දකිනවිට මාහට තියෙන්නෙ මහා අප්‍රසන්න හැගීමක්. ඒ තරම් හිරිකිත විදිහට මේ මිනිහා ප්‍රදර්ශනවලට බාධාකලා.
ඊලගට මා හිතුව ලංකාවෙ පංසල් ආශ්‍රිතව බෞද්ධ කලාගාර හදන්න ඕනෙ කියල. එතකොට තමයි මම දන්නෙ ලංකාවෙ හාමුදුරුවරු කියන්නෙ ද්වේශය, වෛරය සහ කුහකත්වය උපරිමයෙන් තිබෙන මිනිස් කොටසක් කියල. හාමුදුරුවරු හාමුදුරුවරුන් සමග වල් සත්තුවගේ එකිනෙනා කුලල් කාගන්නව.
දවසක් මම කිර්බත්ගොඩ ඥාණානන්ද හමුදුරුවන්ගේ රූපයක් ඇදල ලංකාවෙ එක්කරා ප්‍රසිද්ධ පංසලක  මාවිසින් ආරම්භ කල කලාගාරයක ප්‍රදර්ශනයකට ඉදිරිපත් කලා. මොකද මට උන්වහන්සේට ගරු කරන්න උන්වහන්සේගේ වකුගඩුවක් දන්දීම ප්‍රමානවත්. චිත්‍රය තිබ්බ විතරයි ලංකාවෙ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක උගන්වන පංසලේ ලොකු හාමුදුරුවො මේ අර හුත්තිගෙ පුතාගෙ රූපෙ නේද මේක පංසලේ තියන්න එපා කියල චිත්‍රය ඉවත් කලා.
ඊලගට මම හද්දා පිටිසර ගම්මානවල කලාගාර පටන් ගත්ත. ඒ අතර හිරිකිතම බාධාකිරීම මම දැක්කෙ ඇටම්පිටියේ දී. ඒ වෙනත් කිසිවෙකුගෙන් නොව හිටපු ඌවපළාතේ මහ ඇමති වගේම ලංකාවේ අධ්‍යාපන ඇමති සමරවීර වීරවන්නි මහතාගෙන්. ඔහු මා සමග ඉතා හොදින් කුලුපගව කලාගාරයේ දියුණුවට කතා කරමින්. රහසිගකව කලාගාරය විනාශ කලා.



මේ ආකාරයේම වැඩක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී සිසුන්ගේ උසිගැන්වීම නිසාවෙන් මහාචාර්ය සේවක චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් ආරියරත්න කලා. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මා ඉගෙනගත් සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ එක ගුරුවරියක් හැරෙන්න සියලුම කථිකාචාර්ය සේවක සේවිකාවන් සිතුවම් ඉදිරියේ මා සමග හිතවත්බව පෙන්නා රහසිගතව උදව් නොකර සිටියා. ඒ බාධාවක් කලනොහැකි නිසාවෙනි. පසුව මුලින් කියනලද ගුරුවරිය විදේශ විශ්ව විද්‍යාලයකට මාරුවක් හදාගත්තා.
ලංකාවේ කලාව දියුණු නොවන්නේ ලාංකිකයින් තුල පවතින ද්වේශය, වෛරය, ඊර්ශ්‍යාව, අනෙකාගේ දියුණුව නොයිවසීම වගේම තමන් දරන මතය පොදු මානව වර්ගයා වෙනුවෙන්ම නොවීම නිසාවෙනි.




මේ හඩපටයේ කතා කරන්නෙ මගේ සිතුවම් කලාවට භාධාකල තවත් මිතුරෙක් ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ සිංහල කතිකාචාර්ය සේවකයෙකුලෙස සේවය කරයි. දෘෂ්‍යමය අන්ධ භාවයෙන් උග්‍ර ලෙස පීඩා විදින ඔහු මාහට භාධා කරන්නේ මගේ නිදහස් චින්තනයට එරෙහි වීමෙනි.


මෙය මනෝ විද්‍යාත්මක ආයුධයක්. එහි ආරම්භය බොහෝ දුරයි. දෘෂ්‍යමය අන්ධභාවයෙන් පෙලෙන්නන් විසින් සිත්තරුන්ගේ නිදහස් චින්තනයට පහරදීමට මෙම මනෝ විද්‍යාත්මක ආයුධය සකස්කර තිබෙයි. ප්‍රංශය ආශ්‍රිත රටවල සිත්තරුන්ගේ නිදහස් චින්තයන විනාශ කිරීමට මෙය භාවිත කලා. බොහෝ සිත්තරුන් එයින් විනාශයට පත්වුනා. ඉන් අනතුරුව අනෙක් නිදස් චින්තකයින් විනාශ කිරීමට ලෝකය පුරාම මෙම මනෝ විද්‍යාත්මත ආයුධය භාවිත කරනවා. දෘෂ්‍යමය අන්ධභාවයෙන් පෙලෙන සියල්ලන්ම මෙම ආයුධයේ ප්‍රහාරයට හසුවෙනවා.
නිදහස්  චින්තනය සිතුවමකට අත්‍යාවශ්‍ය සාධකයක්. සිතුවමක් හෝ වෙනත් කලා නිර්මානයක් කලනොහැකිනම් දෘෂ්‍යමය අන්ධභාවයෙන් පෙලෙන්නන් කරන්නේ සිත්තරාගේ චරිතය ඝානනය කිරීමයි.


මේ මා විසින් අත්විදිනලද  එවැනි අවස්ථාවක්. මා විසින් නිර්මානය කරනලද මේ නිර්මානය පිහිටා තිබෙන්නේ සබරගමුව විශ්ව විද්‍යලයේ කථිකාචාර්ය සේවක මනෝජ් ආරියරත්න සහ චම්පා මහත්මියගේ නිවසේ.
සිත්තරුන් ඇතුලු සමස්ත නිර්මාන කරුවන්ගේ ප්‍රතිභාව නිදහස් චින්තනය විනාශ කරන මනෝ විද්‍යත්මක ආයුධ දැන් ලෝකය පුරාම පැතිරෙමින් තිබෙනවා. එහි පදනම තමයි අකාරුණික භාවය. ඉක්මනින් එය හදුනා ගන්න. නැතිනම් ඔබේ නිධානය වැසීයනවා.
පරපීඩක වින්දනයෙන් ඉවත්වී කාරුනික වින්දනයට හුරුවීමෙන්, සීමාවිරහිත වින්දනයට හුරුවීමෙන්, එකිනෙකාට අනන්‍යවූ වින්දනය පිලිගැනීමෙන් දෘෂ්‍යමය අන්ධභාවය නැතිවීයයි.

Comments