වසන්ත නමස්කාරගේ 238 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

NUDE නග්න

ඔබ දකින සුදු පාට නියම සුදු පාට නොවේ. එසේම ඔබ දකින කලු පාට නියම කලු පාට නොවේ. එසේම සමාජයේ ඔබ දකින සුදු චරිත නියම සුදු චරිත නොවේ. එසේම ඔබ දකින කලු චරිත කලු චරිතද නොවේ.
සංස්කෘතික මිනිසා ඉතාම භයානකයි. ඔහු මතුපිටින් සුන්දර පැවතුම් ඇත්තෙකු ලෙස පෙනුනත් අභ්‍යන්තරය සොයා බලනවිට ඔහු මහා භයන්කාර පුද්ගලයෙකි. ඒ නිසා සියලුම සංස්කෘතික සීමාවන් කඩා දමමින් සංස්කෘතික මිනිසා නග්න කරමි. එවිට සංස්කෘතික මිනිසාගේ ව්‍යාජ රංගනය පෙනෙයි. ද්වේශය, වෛරය, කුහකත්වය වගේම කරුණාව, දයාව, අදරය ආදී උත්තරීතර මිනිස් ගුණධර්මයන්ද සංස්කෘතික මිනිසාගේ මනසේම නිර්මානයන්ය. ඒ නිසා සංස්කෘතික මිනිසා තවදුරටත් තේරුම් ගතනොහැකි මහා භයන්කාර පුද්ගලයෙකු  බවට පත්වෙයි. නග්න යනු ඉහත සදහන් මහා භයන්කාර සංස්කෘතික මිනිසා තේරුම් ගැනීමේ උත්සාහයයි.
NUDE නග්න දෘෂ්‍ය කලා ප්‍රදර්ශන‍යේදී සියලුම මිනිසුන් සමානත්වයෙන් සලකනු ලබයි. NUDE නග්න නොහදුනනතාක් සංස්කෘතික මිනිසා කුහකයෙකි. ඔහු ලග දෙබිඩි චර්යාව තිබෙයි. කෙනෙකු තුල සත්‍ය වශයෙන්ම මානව දයාව පහලවන්නේ නග්න හදුනා ගැනීමෙන් පසුවයි.
















































































Comments