2018 සැප්තැම්පර් මස 24 වෙනිදා අන්තර්ජාලයට මුදාහැරීමට නියමිත, වසන්ත නමස්කාරගේ 238 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින් සමග ලක්දිව රාජ්‍ය සේවයේ පොරකුකුල් බලුනැටුම

බදුල්ල මහනගර සභාවේ සහ බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ
නිත්‍ය ප්‍රදර්ශනයට එක්වෙයි.

වසර විසිපහක් තිස්සේ  ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින් පිලිබදව කරනලද  සමාජ විද්‍යාත්මක අධ්‍යයනයනක් වන මෙම ප්‍රදර්ශනයේ අගය වටහාගත් බදුල්ල මහනගර සභාවේ සහ බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ වැඩිදෙනෙක් " සිරිනාගයින් සමග ලක්දිව රාජ්‍ය සේවයේ පොරකුකුල් බලුනැටුම " තමන්ගේ ආයතනවල නිත්‍ය ප්‍රදර්ශනය සදහා ඉතා සුදුසු බව තීරනය කෙරුනි. එය ඌව පළාතේ ඉදිරි සංවර්ධනයට මහත් රුකුලක්වනු නියතය.
"අපට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. එයට අමතරව නාගරික ජනතාවගෙනුත් විවිධාකාරයෙන් බදු අයකරනවා. ඒ නිසා  ලක්දිව රාජ්‍ය සේවයේ පොරකුකුල් බලුනැටුම  සජීවී, සංජානන කලාව ප්‍රදර්ශනය කිරීම මගින් ඌව පළාතට පමණක් නොව මුලුමහත් ශ්‍රී ලාංකේය ජනතාවටම ආදර්ශයක් දීමට හැකියාවක් තිබෙන බවත්, ඊට අමතරව ඌව පළාත රටේ අනෙක් පළාත්වලට වඩා නොදියුනු පළාතක් යන මතය වෙනස් කල හැකි බවත් "  එම ආයතනවල සේවකයින් බොහෝ දෙනෙකුගේ අදහසයි.
මේ ප්‍රදර්ශනය සදහා සජීවිව දායකවූ සියලුම යහපත් රාජ්‍ය සේවකයින් සියලුම දෙනාටම ස්තූතිවන්ත වෙමි.

Comments