වසන්ත නමස්කාරගේ 240 වැනි සජීවී, සංජානන කලා ප්‍රදර්ශනය.

ලක්දිව දෘෂ්‍ය කලාවේ අත්භූත දර්ශනය සමග
සබරගමුව විශ්ව විද්‍යාලයේ සමයංපාල


මීට අදාල හඩ පටය ස්‍රවනය කිරීම සදහා පහත වීඩියෝව ක්ලික් කරන්න.



මෙම හඩ පටයේ කතා කරන්නේ මගේ අතිජාත මිතුරෙකුවන සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්ය. මා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරනවිට ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හැදෑරුවා. මුල දී ඔහු මගේ සිතුවම් ප්‍රදර්ශනවලට උදවු කලා. එකල මා සිතුවේ ඔහුට චිත්‍රය ගැන යම් අවබෝධයක් ඇතැයි කියා. පසුව ඔහුට සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක තකතුරක් ලැබුනා.
ගතවූයේ ටිකකාලයකි. පොදුවේ බොහෝ ලාංකේය කථිකාචාර්ය වරුන්ට වැලදෙන, කලා භාවිතයේ දී අප හදුන්වන දෘෂ්‍ය කලාවේ අන්ධභාවය නැමති තත්වයට පත්වුනා. කලා භාවිතයේ දී අප එය රෝගී තත්වයක් ලෙස හදුන්වනවා.
මුලදී ඔලුවේ පමනක් අංදෙකක් තිබූ මගේ මිතුරාට පසුව පස්සා පැත්තෙනුත් අංදෙකක් මතුවිය. පසුව හූ කීමටත් කෑගැසීමටත් බිම පෙරලීමටත් පටන් ගත්තේය. පසුව අහල පහල ගුරුවරු, අසල්වාසීන්ට, හිතමිතුරන්ට වගේම පවුලේ සමාජිකයින්ට, තමාට ඉතා කරුණාවෙන් උගන්වපු ගුරුවරුන්ට කථිකාචාර්ය සේවක තනතුර නැමති අංවලින් පහර දීමට පටන් ගත්තා. හොද මිනිසුන්ට වගේම නරක මිනිසුන්ට ඔහු එකලෙසම පහර දුන්නා. ඒ ඔහුගේ දෘෂ්‍ය කලාවේ අන්ධභාවය නිසාය. පසුව ඔහු පැනපැන දිවීමට පටන් ගත්තා. කලාව කියා දෙයක් නෑ තිබෙන්නෙ ව්‍යාපාර විතරයි කියමින්, සමාජය ඉදිරියේ ව්‍යාජ රංගනයේ  යෙදෙමින් ඔහු දෘෂ්‍ය කලාවේ අන්ධභාවයේ උග්‍රම තැනට පත්වුනා.
සිතුවමක්තුල අප දකින සුදු සුදු පාට නොවන බවත්, එසේම කලු කලු පාට නොවන බවත් හදුනාගන්නා මිනිසුන් සිටිනබව ඔහුට අමතකවිය.
දෘෂ්‍ය කලාවේ අන්ධභාවය තුල කෙනෙක් කාලයක් සිටියොත් ඔහු මානසික රෝගියෙකු බවට පත්වෙයි. ඉහත හඩ පටය මෙම සිතුවම් එකතුවේ තේමාවයි.
වැඩිදුර තොරතුරු සහ අන්තර්ජාලයෙන් නිර්මාන දැකගැනීම සදහා පහත ලිපිනයන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසෙන්න.
පහත වීඩියෝවේ තිබෙන්නේ සුන්ල්ගේ නිවසේ මා විසින් සකස්කල ස්ථාපන කලා නිර්මානයයි.



Comments