වසන්ත නමස්කාරගේ 253 වැනි සජීවී, සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

සමන් කුසුම්



මේ සිතුවම මා නිර්මානය කලේ දැනට වසර විස්සකට පමන ප්‍රතමව. මේ සිතුවමේ ඉන්නෙ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංස්කෘත මහාචාරය සමන් චන්ද්‍ර රණසිංහ මහතා. දවසක් විශ්ව විද්‍යාලයේ ශාලාවක වෝල්ටර් මාරසිංහ මහතාගේ මහාචාර් නාට්‍යෙය් රාවණා රජුගේ වෙස් මුහුන නිර්මානය කරමින් ඉන්න අවස්ථාවක එතුමා මේ විදිහට සරමකුත් ඇදගෙන මාහට තේ එකක් ගෙනත් දුන්නා. ඒ කාලයේ දී මා ඒ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරන දෙවන වසරේ ශිෂයෙක්.
පුහු මාන්නක්කාර කමින් ඔලුව උදුම්මාගෙන සිටින මහාචාර්ය වරුන් සිටින ලංකාවෙ, තමන්ගේ ශිෂයෙක් වත් නොවන මා හට සේවකයෙකු වගේ තේ එකක් ලගටම ගෙනත් දීම අදටත් මා හට මහා පුදුමයකි.
එයිටත් වඩා පුදුමය නම්, මේවනතෙක් මා ඔහුට වචනයකින් හෝ උදවුවක් කර නැත. ඔහු විසින් කරන පොදු වැඩකට හෝ මා  උදවු වී නැත. ඔහු නිර්මාංශිකය මා එසේ නැත. ඔහුගේ ප්‍රතිපත්ති වලට පවා මගේ හැසිරීම සමපාත නොවේ. එහෙත් ඔහුගේ ඒ හිතවත්තම අදටත් ඒ විදිහටම තිබෙයි. එය එසේ සිදුවන්නේ කෙසේ දැයි මොනම සමාජ විද්‍යා න්‍යායකින් හෝ මානව විද්‍යා න්‍යායකින් මේවතෙක් මා හට තේරුම්ගත නොහැක.
ඉහත සිතුවම මා ලංකාවේ ප්‍රසිද්ධ සිතුවම් අලෙවිකරන ආයතනයකට දුන්නා. මේ සිතුවම මේතරම් වටිනාබව එදා මා දැනසිටියේ නැත. ඒ සිතුවම නැවතත් මා ඉල්ලුවත් ඒ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කලා.   



Comments