වසන්ත නමස්කාරගේ 254 වැනි සජීවී, සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

ඔලැන්සපින්, රිස්නියා සමග කියුටිපින්

ඔලැන්සපින්, රිස්නියා සමග කියුටිපින් යනු මානසික රෝග සදහා දෙනුලබන බෙහෙත් වර්ගවල නම් තුනකි.
දිනක් සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර් සේවක, මගේ අතිජාත මිත්‍ර හිනිදුම සුනිල් මා ඉදිරියට පැමින මෙහෙම කියනවා. "උඹ මානසික රෝගියෙක් කලාව කියනදේ කරන්නෙ පිස්සො" ප්‍රශ්නයක් නෑ සුනිල් මට මේ පිස්සුව හුගාක් වටිනවා. එතකොට සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර් සේවක හිනිදුම සුනිල් මට මෙහෙම කියනවා. "ඔය පිස්සුව නිසා උඹට පුලුවන් පෙන්ටගනේට උනත් රින්ගන්න" ඒකනේ මං කියන්නෙ මගේ පිස්සුව කොච්චර වටිනවාද කියලා. ඒනිසා මම මගේ පිස්සුව මොනම හේතුවක් නිසාවත් සනීප කරගන්නෙ නෑ. එහෙම උනොත් මට ජීවත්වෙන්න සිද්ද වෙන්නෙ කපටි වංචාකාර කුහක මිනිස්සුත් එක්ක. එහෙම ජීවත් වෙනවව වඩා මටමේ පාස්සුව හුගක් වටිනවා. 
නැවතත් සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර් සේවක හිනිදුම සුනිල් මට මෙහෙම කියනවා "කලාව කියල දෙයක් නෑ. තියෙන්නෙ ව්‍යාපාර විතරයි"
හරකා කඹය කඩාගෙන ඇතිබව පෙනෙයි. සර්පයා පෙනය කරනබව පෙනෙයි. මේකාගේ විෂ දල ඉවත් නොකලොත් බොහෝ දෙනෙකුට දෂ්ට කරනු නියතය. හරි සුනිල් ඔය සියලුම විස්තර මේ හඩ පටයට කියන්න. මොඩයා කතා නොකරනතාක් පණ්ඩිතයෙකි යන්න සනාත කරමින් මගේ අතිජාත මිත්‍ර සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර් සේවක හිනිදුම සුනිල් කතාව පටන්ගත්තේය. පහත හඩ පටයෙන් ඒ අත්භූත කතාව ස්‍රවනය කරන්න.
https://youtu.be/9R6BSZxd8FE

මානසික රෝග චිත්‍රය සදහා උදවු කරනවාද? චිත්‍රය (කලාව) නොදැනීම මානසික රෝගයක්ද?
ඉහත හඩ පටයේ සදහන් මගේ අතිජාත මිත්‍ර සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර් සේවක හිනිදුම සුනිල් කතාව පුරාම තිබෙන්නේ දෘෂ්‍ය කලාවේ අන්ධ භාවයයි. චිත්‍රකලාවේ දී එය මාරාන්තික විෂබීජයකි.
එහෙත් එය ඉතා පහසුවෙන් ඉවත්කල හැකිය. අපහසු වන්නේ විෂබීජය විනාශ කිරීම නොව විෂබීජය සොයා ගැනීමයි. එය ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සොයාග තයුතුය. මා දන්නා තරමින් ඒ සදහා ඇත්තේ එකම ක්‍රමයකි. ඉන්දියාවේ දී මාහට අහම්බෙන් ඒ ක්‍රමය හමුවිය. පහත වෙබ් ලිපිනයේ තිබෙන්නේ මාහට ඒ ක්‍රමය හමුවූ ස්ථානයයි. ඔබත් කැමතිනම් අත්හදා බලන්න.
http://www.giri.dhamma.org/



































Comments