වසන්ත නමස්කාරගේ 260 වැනි සජීවී, සංජානන හා ස්ථාපන කලා ප්‍රදර්ශනය.

චිත්‍රය පිලිබද  සමාජ විද්‍යාව

(මෙම අධ්‍යයනය මාහට සමාජ විද්‍යාව ඉගැන්වූ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාට පිලිගන්වමි.)
අප සමාජය ගැන සිත ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් අකාරයට සමාජය අප ගැන සිතයි. එකිනෙකා පිලිබදවත් එකිනෙකා සිතන්නේ එකම ආකාරයකට නොවේ. ඒ පිලිබදව විශේෂ අධ්‍යයනයක් නොකරන තාක් අපට ඒ පිලිබදව අවබෝධයක් නොලැබෙයි. එහෙත් සමූහ ජීවිතයේ දී එකිනෙකා එකම අදහසක් නියෝජනය කරනබව පෙන්වයි. නමුත් සොයා බලනවිට එවැනි දෙයක් එතැන නැත. එයට පැහැදිලි හේතුවක් මේ වනතෙක් කිසිම සමාජ විද්‍යඥයෙකුට හෝ මානව විද්‍යාඥයෙකුට හමුවී නැත. මේ පිලිබදව අධ්‍යයයනය කරන්න කරන්න ප්‍රශ්නය තවතවත් සංකීර්න වෙයි. අපට කල හැක්කේ තොරතුරු රැස්කිරීම පමනි.
ඒ නිසා චිත්‍රය යනු කුමක්ද? එය නිර්මානය කරන්නේ කුමන හේතුවක් නිසාද? ඇයි මිනිසුන් චිත්‍ර බලන්නෙ යන ප්‍රශ්නවලට මේවනතෙක් පිලිතුරක් නැත. නමුත් අපට ඒ පිලිබදව පවතින  සමාජ ක්‍රියාවලිය අධ්‍යයනය කලහැකිය. 




මේ තියෙන්නෙ මා විසින් නිර්මානය කල සිතුවමක්. එය ප්‍රදර්ශනයට තැබූවිට  සමාජයේ තිබෙන්නේ මෙවැනි අදහසකි.

මේකනම් ආප්ප සීන් එකක්. (පිරිමි)
මෙතැන ආප්ප යනු ලිංගික ක්‍රියාවලීන් හදුන්වන ලාංකේය උප සංස්කෘතික වචනයකි.
පිටිපස්සෙ එකා බඩුව අතගානව නේද? (පිරිමි)
මෙතැන බඩුව යනු ස්ත්‍රී ලිංග හදුන්වන ලාංකේය උප සංස්කෘතික වචනයකි.
ඔයාගෙ චිත්‍ර ලස්සන වුනාට හිතනම් ලස්සන නෑ. (පිරිමි)
(Artist) දැක්කහමනම් එහෙම පෙනෙන්නෙ නෑ. (ගැහැනු)
මෙතන මොකක්හරි කතාවක් තියෙනවද? (ජොඩුවක්)
රතුවෙලා තියෙන්නෙ අනිත් ගෑනි. (පිරිමි)

බොහෝ දෙනෙක් සිතුවම දෙස බලාසිටියි. ඔවුන් කිසිම අදහක් ප්‍රකාශ නොකලත් කිසියම් මානසික ක්‍රියාවලියක නිරත වනබව පෙනෙයි. එය දැනගැනීමට ඔබටත් අවශ්‍යනම් පහත වෙබි අඩවියට පිවිසෙන්න. එය මාහට ඉන්දියාවේ දී අහම්බෙන් හමුවිය.

Comments