මෑත කාලයේ ලංකාවේ වැඩිම ප්‍රදර්ශන ආකෘතීන් ගනනාවක් හදුන්වාදුන් චිත්‍ර ශිල්පී  වසන්ත නමස්කාර විසින්, නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන 264 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩමි තණ්හාව
සමග
බලාපොරොත්තු නොවූ නිවහන

2019 පෙබරවාරි 4 වෙනිදා පටන් 28 වැනි දින දක්වා
මහනුවර, අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ
 ශ්‍රී සම්බුද්ධත්වජයන්ති දෘෂ්‍ය කලා ගාරයේදී
නොමිලයේ පැවැත්වේ.

     ලංකාවේ සාරවත් ඉඩම් වලට තණ්හාව උපදවාගත් යුරෝපීය ජාතීන් ලංකාව ආක්‍රමනය කල බවට ලංකාවාසීන් චෝදනා කරති ?
(මෙම නිර්මානයේ මුල්ම ආකෘතිය පිහිටා තිබෙන්නේ ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ බෝධිය ඉදිරිපිට එලිමහන් කලාගාරයේය. ලංකාවේ යථාර්තවාදී කලා භාවිතයන් හදාරන්නන් සහ ඊට ගරුකරන සියලුම දෙනා මෙම ස්ථානය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම ස්ථානයකි.
දැනට වසර ගනනාවකට ඉහතදී ඇටම්පිටියේ ප්‍රභූ පිරිසකගේ දායකත්වයෙන් සිරිනාගයින්ගේ ඉඩම් තණහාව සහ බලාපොරෙත්තු නොවූ නිවහන සිංහල ජාතිටය දායාද විය. ඔවුන් පරසුද්න්ට එරෙහිව දිවි පරදුවට තබා සටන් වැදුනබව කියවේ.
අප ඔවුන්ගෙන් උගත් එකම පාඩම නම්, ලක්දිව බොහෝ දෙනෙකුට හරිවැරැද්ද කියාදී ඔවුන්ට යහපත සැලසෙන ආකාරයට කලා භාවිතයන් දියනු කර, ඔවුන්ගේ ජීවන රටාවන් ඉහලට ඔසවා තැබීමට යාම වැරදීමකින් හෝ නොකලයුතු ඉතාම භායානක දෙයක් බවයි.  
කවුරුන් හෝ එසේ කරනබව දැනුනොත් පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්, අධ්‍යාපන ඇමතිවරුන්, මහ ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගුරුවරුන් සහ උගත් බුද්ධිමත් ප්‍රභූන් බලුනැටුම් පෙන්වමින් අදාල පුද්ගලයා වෙත කඩා පනියි.
ඔවුන්ගේ සියලු ක්‍රියාවන්ගෙන් ඔවුන් අසන ප්‍රධාන ප්‍රශ්නය නම්, ඇයි තෝ අපිව දියනු කරන්න හදන්නෙ, ඇයි තෝ අපිට සේවය කරන්නෙ යන්නයි.
මුලදී මෙය තේරුම් ගැනීමට නොහැකි මහා අප්‍රභන්සයක් උවත් පසුව වැටහෙන්නේ ඔවුන් අපගේ පෞද්ගලික දියුනුවට අත්‍යාවශ්‍ය විශේෂ යමක් උගන්වන බවයි. මෙය ලංකාවේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික චර්යාව පිලිබද සමාජ විද්‍යාත්මකව අධ්‍යායනය කලයුතුම අවස්ථාවකි.
ලංකාවේ අන්තිම රජතුමා ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා භිය වූයේ සුද්දන්ට නොව සිංහලයන්ටය. ඔහු හරියට නිදාගත්තේ සුද්දන්ට හසුවීමෙන් පසුව බව රජතුමාව කියා තිබේ. ඔහු දැනසිටියා සුද්දන් කිසිමදිනෙක තමා ඝාතනය නොකරන බව.
මුලදී වීර කැප්පෙටිපොළ නිලමෙ තුමාගේ හිස රැගෙන එනලෙස සුද්දෝ අනකලත් එතුමාගේ එඩිතර කමට අවංක කමට සුද්දො ගරු කලා. ඒ නිසා එතුමාගේ හිස අරගෙන ගිහින් මේ එඩිතරකම අවංකබව මිනිහෙකුට ඇතිවෙන්නෙ කොහොමද කියල හිස්කබල පවා යොදාගෙන පර්යෙෂන කරන්න පෙලඹුනා.
ඒවා එහෙම උනත් සුද්දන්ට තරු විසිවෙන වැඩක් මෑතකාලයේ සිංහලයෝ කලා. වීර කැප්පෙටිපොළ නිලමෙ තුමාගේ ඒ හිස සුද්දො මෑතදී ලංකාවට බාර දුන්නා. සිංහලයෝ ඒ හිස පොලොවෙ යටකරලා සොහෙනක් බැන්දා. අන්න තියෙනව මහනුවර. මේ ලිපිය තේරෙන සිංහල දන්න සුද්දො ඉන්නවානම් අපි ඒ අයට කියනවා ඔයවගේ වටිනා දේවල් තව තියෙනවානම් ඒවා උඹලාම තියාගනිල්ලා. තියාගෙන උඹලා ඒවායින් වැඩක් ගනිල්ලා.
සුද්දො ගරු කරපු ලංකාවේ මෑත කාලයේ ජීවමාන සධකය තමයි අනගාරික ධර්මපාල තුමා. දැන් එතුමාගේ පිළිම හදාගෙන බිම පෙරලුනාට එදා බොහෝ සිංහල බෞද්ධයෝම වැඩිපිරිසක් එතුමාට අපහාස කලා බාධා කලා. අද එතුමා විසින්ම නිර්මානය කල බොහෝ ආයතනවල ක්‍රියාත්මක වෙන්නේ එතුමා බලාපොරොත්තු වූ දෙය නොවේ. අද එතුමා හිටියනම් මෙහෙම කියයි. සිංහලයිනි බුදියගනිවු සුද්දො වැඩටික බලාගනියි.)

සිරිනාගයින්ගේ ඉඩමි තණ්හාව සමග
බලාපොරොත්තු නොවූ නිවහන

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ බලාපොරොත්තු නොවූ නිවහන ප්‍රදර්ශනයේ  තේමාව කරගන්නේ ලංකාව යටත් විජිතයක් වූයේ බටහිර ජාතීන්ගේ ආක්‍රමන නිසාම නොව සිංහලයින්ගේම පාවාදීම්, පුහු මාන්නක්කාරකම්, අන්ත නිවට ගතිනිසා බවයි. ඉදිරියේ දීත් ලංකාවේ ඇතිවන ප්‍රශ්නවලට වගකිවයුත්තේ සිංහල බෞද්ධයින්මය. වෙනත් ජාතීන්නොවේ. ප්‍රශ්නය එසේ තිබියදී අපට කලයුත්තක් තිබෙයි.
ඉතාම යහපත් මිනිසුන් යුරොපීය ජාතීන් අතර සිටියි. ජාති වාදයෙන් ආගම් වාදයෙන් ඉවත්ව අප ඔවුන් සොයා ගතයුතුයි. සිරිනාගයිනි ඔබ ඉඩම් තණ්හාවේම රැදීසිටින්න.



වසන්ත නමස්කාරගේ, නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන 265 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිංහලයා මෝඩයා
බෙදිල ඉන්න යෝධයා



Comments