වසන්ත නමස්කාර ගේ 269 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

හින්නි සුන්නි දියඇල්ල සමග
ලක්දිව දෘෂ්‍ය කලාවේ අත්භූත දර්ශනය

හෝමාගම, මුල්ලේගම, සීලාලංකාර මාවතේ
 2 F ස්ථානයේ දී පැවැත්වේ.






ඉහල වීඩියෝවේ තිබෙන්නෙ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක ආචාර්ය හිනිදුම සුනිල්ගේ නිවසේ මා විසින් නිර්මානය කරනලද දිය ඇල්ලයි. මා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරනවිට ඔහු සිංහල භාෂාව හැදෑරුවා. ඔහු මාගේ මිතුරෙක් හෝ හතුරෙක් නොවේ. මෙම නිර්මානයෙන් මා සමාජ හැසිරීම් රටාවන් පිලිබද බොහෝදෑ ඉගෙන ගත්තේය.

පහල වීඩියෝවේ තිබෙන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක ආචාර්ය හිනිදුම සුනිල්ගේ අත්භූත දර්ශනයයි. ඔහු නිර්මානය අවසන් කල පසුව අත්භූත දර්ශනය ඉදිරිපත් කලේය.



දිය ඇල්ලකින් වතුර වැටෙනව වගේ කිසිවක් ස්ථීර නැත. එවැනි තැනක ඉන්නා අප ස්ථිර පැවැත්මක් සෙවීම අත්භූත දෙයකි. පිස්සුවකි.  
සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාවාර්ය සේවක, අචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් මෙම අත්භූත දර්ශනය සමාජ ගතකරනු ඇත. 
දෘෂ්‍ය කලාවේ අන්ධභාවයෙන් උග්‍රලෙස පීඩා විදිනවිට කෙනෙකුට මෙහෙම හිතෙනවා. කලාව කියලදෙයක් නෑ තියෙන්යෙ මුදල් උපයන ව්‍යාපාර විතරයි කියලා. එහෙමත් නැතිනම් මිනිසෙකුගේ නිදහස් ජීවිතයක් දැකීමෙන්, ඔහු නිර්මානයක් කිරීමෙන් විදින මානසික සුවය දැකීමෙන් දෘෂ්‍යමය අන්ධ භාවයෙන් පෙලෙන්නන්ට හිතෙනවා මූන්ට ඉන්න දෙන්න හොද නෑ මූව විනාශ කරන්න ඕනෙ. නිර්මාන කරුවන්ට ලැබෙන සමාජ පිලිගැනීම දැකීමෙන් දෘෂ්‍යමය අන්ධ භාවයෙන් පෙලෙන්නන් මානසික කුපිත භාවයකට පත්වෙනවා.
අනතුරුව නිර්මාන කරුවන් එයින් ඉවත් කිරීම සදහා සවිඥානිකව හෝ අවිඥානාකව ක්‍රියාත්මක වෙනවා. ඒ සදහා මතවාද දර්ශනවාද වගේම බුද්ධිමය සංවාද ගොඩනගනවා. ඉතාම සංවිධානාත්මකව ක්ෂූක්ෂම ලෙස මෙම බුද්ධිමය සංදර්ශනය ඉතා යහපත් ලෙස යතාර්ථ වාදීව ඔවුන් රගදක්වනවා. එය ඉතාම භයංකාර චර්යාවක්. එය බොහෝ දෙනෙකුට හදුනාගත නොහැක.

තමා නිර්මානයක් නොකර තමාගේ පැවැත්මට, තමාගේ මතවාදය ගෙන යාමට වෙනත් කෙනෙකුගේ නිර්මාන යොදා ගන්නවා. බොහෝ විට මුල් නිර්මාන කරුවාගේ අදහස වෙනත් දෙයක්. එහෙමත් නැත්නම් වෙනත් නිර්මාන නරුවන්ට ගරහනවා. මේ මතවාද සංවාදවල යටි පරමාර්ථය තමයි තමාගේ පැවැත්ම තහවුරු කර ගැනීම.
විචාර බුද්ධියෙන් හීන නිර්මාන කරුවෝ මෙම රංගනාත්මක විද්වත් මවාපෑමට හසුවෙනවා.  මේ ක්‍රමය දෘෂ්‍ය කලාවේ දුර අතීතයේ සිට පැවතෙන අදෘෂ්‍යමාන විෂබීජයක්.
අනෙක මේ අය හොදටම දන්නවා මේ කියන දේවල් කරන්න බැරිබව. ඒ නිසා තමාගේ පැවැත්ම ස්ථිරයි. ඒනිසා විද්වත් මවාපෑම යට තිබෙන්නේ ද්වේෂය, වෛරය, කුහකත්වය වගේම අනෙකා ගොනාට අන්නමින් තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම. ඒ සදහා ඔවුන් විද්වත්බව නැමති රංගනය යොදා ගන්නවා.
නිර්මාන කරනය කියන්නෙ පිස්සුවක් ලෝකෙ නියෙන පිස්සු අතරින් හොදම පිස්සුව තමයි නිර්මාන කරනය. ඒ අතරිනුත් හොදම පිස්සුව තමයි චිත්‍ර ඇදීම බව මා හිතනවා.
කාටහරි මේ පිස්සුව යන්තමින් හෝ හැදුනොත් සනීප කරගන්න එපා. තවතවත් වැඩිකර ගන්න. සනීප වුනොත් ඔබට ජීවත්වෙන්න සිදුවෙන්නෙ ද්වේෂය, වෛරය, කුහකත්වය පිරුනු ඉහත සදහන් බුද්ධිමය රංගනය තුලයි.
දෘෂ්‍යමය අන්ධභාවය තුල කෙනෙක් කාලයක් හිටියොත් ඔහු ස්ථිරව මාසික රෝගියෙක් වෙනවා.
ඔබට වීරයෙක් වෙන්න ඕනෙමනම් අනෙකාට උදවුකරල, අනෙකාගේ හැකියාවන් අගය කරල, ගහට කොලට සතා සීපාවට ලෙන්ගතු වෙලා වීරයෙක් වෙන්න. ඒවිට ඔබට ස්වභාවික රැකවරනයක් තිබෙයි.

Comments