වසන්ත නමස්කාර ගේ 271 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

චිත්‍රය හෝ කලාව සම්බන්ධව කිසිවක් නැති

ලක්දිව දෘෂ්‍ය කලාවේ විද්වත් රංගනය





මෙය ඉතාම භයංකාර අවස්ථාවකි චිත්‍රය හෝ කලාව සම්බන්ධව කිසිවක් නොදන්නා දෘෂ්‍යමය අන්ධභාවයෙන් පෙලෙන්නන් තමාගේ පැවැත්ම වෙනුවෙන් කලාව ගැන චිත්‍රය ගැන කතාකරයි. මෙය ඉතා කෂූක්ෂම සංවිධානාත්මක රංගනයකි. මහා භයානක හලාහල විෂ ද්‍රව්‍යක් මිහිරි මීපැණි වලින් තවරා කැටයම් කරන දල වචනවලින්, චර්යාවෙන් ආවරනයකර අහිංසකයින්ට ගිල්ලවමින් සිටියි. අභ්‍යන්තරයේ තිබෙන විෂ ගැන නොදැන ඔවුන් අත්පොලසන් දෙයි. විද්වත් රංගනයේ ඇතුල්පැත්ත ඔබ දන්නවානම් ඔබේ ප්‍රානය එතැනම නිරුද්ධවනු ඇත.
මගේ සිතුවම්, මූර්ති සහ ස්ථාපන කියවන්න. මා ඔබට සීතල ජලධාරාවන් තුල තිබෙන ගිනි පුපුරු පෙන්වමි. ගිනි ජාලාවන් මැද සීතල ජල ධාරාවන් පෙන්වමි.

Comments