වසන්ත නමස්කාර ගේ 274 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
යූ සර්කල් මැද හිස්ටීරියාව
Hysteria in the center of the U circle

මනෝ විද්‍යාත්මක කාරනාවන් අනුව බලනවිට චිත්‍රය කියන්නෙ එක්තරා විදිහක පිස්සුවක්. එහෙම තමයි මා තේරුම් ගත් ආකාරයට ලොකු ලොකු පොත්වල සදහන් වෙන්නෙ.
ඒවා එහෙම වුනත් මේ පිස්සුව හරියටම හදා ගත්තහම මිනිසුන්ගේ රහස් ගබඩාවලට ඇතුලු වෙන්න පුලුවන්. කොටින්ම කියනවනම් පෙන්ටගනේට උනත් කිසිවෙකුට නොදැනෙන්න යන්න පුලුවන්.
මානව ගුහාවන්ගේ රහස් හෙලිකර ගන්නාවිට සොබාදහම අපට තවත් බොහෝ රහස් හෙලිකරනව. මෙය සිත්තරුන්ට පමනක්ම තිබෙන විශේෂ වරප්‍රසාදයක්.
ඒ පදනම මත පිහිටා බලනවිට ලංකාවේ විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය සේවකයින්ද ඇතුලත්ව බොහෝ ආචාර්ය වරුන් මහාවාර්ය වරුන් උමතු භාවය නැමති මානසික රෝග‍යෙන් පෙලෙනව. එය එසේම බව සිත්තරුන්ට පෙනුනත් ලංකාවේ බොහෝ  උගතුන් තමන් හිස්ටීරියාවෙන් පෙලෙනබව දන්නේ නැත. ඔවුන්ගේ දෙසුම්වලට, මගපෙන්වීම් වලට අවනත වන්නන්ද දන්නේ නැත.
ඔබට මෙය ප්‍රායෝගිනව අත්දැකීමට අවශ්‍යනම් චිත්‍ර ඇදීම පටන්ගන්න. 

Comments