වසන්ත නමස්කාර ගේ 275 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
විශ්වයේ සරල බව

The simplicity of the universe

ශාස්ත්‍රාලයීය ඇදීම හෙවත් යාන්ත්‍රික ඇදීමෙන් මදකට ඉවත් වූවිට සොබාදහමේ අසිරිමත් රිද්ම රටාවන් හමුවෙයි. මානව ඉතිහාසයේ මුල් යුගයේ පටන් අරම්භවූ ඇදීමේ ක්‍රියාවේ මූලික පදනම නම් සෙබාදහමේ රිද්ම රටාවන් හදුනා ගැනීමයි.
එහෙත් ශාස්ත්‍රාලයීය ඇදීමේ ඉතිහාසය පුරාම මේ දක්වම ඇදීම සම්බන්ධව නිමක්නොවන අරගලයක් පවතියි. ශාස්ත්‍රාලයීය ඇදීම හෙවත් යාන්ත්‍රික ඇදීම යනු ගංගාවකින් එතෙරවන පහුරක් වගේ දෙයකි. ගගෙන් එතෙරවූ පසුව පාරුව කරේ තබාගතයුතු නැත. ඇදීමේ ක්‍රියාව මේ ආකාරයෙන්ම සිදුකල යුතුයි කියා නීතියක් නැත.
එහෙත් ශාස්ත්‍රාලයීය ඇදීමේ ඉතිහාසය පුරාම මේ දක්වාම බොහෝ ශිල්පීන් පාරුව කරේ තබාගෙන සිටියි. එය දෘෂ්‍යමය අන්ධ භාවයයි. එය මාරාන්තික රෝගයකි. එය වැලදුනවිට එකිනෙකාට ගරු කිරීමෙන් ඉවත්වෙයි.

ඔබ මේ දකින්නේ ගස්වල මල් දෙස බලන ආකාරයයි. කෙලින්ම මලක් දෙස බැලූවිට මධ්‍යලක්ෂයක් වටා වෘර්තාකාරව සකස්වන අනන්ත රිද්ම රටාවන් තිබෙයි. ඒ කිසිවක් එකිනෙකට සමාන නැත. එක් හැඩයක් පවතින්නේ එක් මොහොතක් පමනි. ඒ අනුව විශ්වය කොතරම් සංකීර්නද? කියනවාට වඩා විශ්වය කොතරම් සරලද යන්න මගේ අදහසයි.








Comments