වසන්ත නමස්කාර ගේ 276 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
ධනවාදය සහ විශ්වයේ සරලබව

Capitalism and the simplicity of the universe

වර්තමාන ලංකාවේ දෘෂ්‍ය කලාව සම්බන්ධ කතාබහේ දී මාවෙත එල්වන දරුනු චෝදනා ගනනාවක් තිබෙයි. එතැනදී මා නිර්වචනය වන්නේ. ධනවාදී ආකල්ප තිබෙන ආත්මාර්තකාමී අදහස් තිබෙන, දෘෂ්‍ය කලාවේ නීතීන් දැන හෝ නොදැන හිතුවක්කාර ලෙස කඩාදමන චරිතයක් ලෙසයි.
එහෙත් මට තිබෙන ප්‍රශ්නය නම්, අහසේ කුරුල්ලන් පියාබන විදිහ, වලාකුලු පාවෙන ආකාරය, මිනිසුන්ගේ මුහුනු චර්යාවන් එකිනෙකට වෙනස්වන විදිහ, ගස්කොලන් මල් හුලගට සෙලවෙන ආකාරය ඒවයේ පාට හැඩතල වෙනස්වන ආකාරය, දියඇලි ගලාහැලෙන විදිහ, මුහුදේ රැලි ඇතිවෙන විදිහ, සමාන ශාරීරීක ක්‍රියාවලියක් තිබෙන මිනිසුන් විවිධ සංස්කෘතී ගොඩනගාගෙන තිබෙන ආකාරය දැකීම ආදී බොහෝ කාරනාවන් මා දකින්නේ ඉහත සදහන් ධනවාදී ආත්මාර්තකාමී අදහසඅ නිසාද යන්නයි.




Comments