වසන්ත නමස්කාර ගේ 277 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
අසිරිමත් සංරචනය

සිතුවමක් ගොඩනැගීමේ දී එහි සංරචනය කියන්නෙ වටහා ගැනීමට ඉතාම අපහසු කාරනාවක්. එය කාලයක් පුහුනු වීමෙන්ම වටහාගතයුතු දෙයක්. කොලයක මිනිස් රූපයක් අදිනවිට කකුල් දෙක ඇදීමට ඉඩ මදිවන්නේ සංරචනය පිලිබද ප්‍රශ්නයක් නිසාවෙනි.
එහෙත් කුඩා මලක්දෙස කෙලින් බලන්න. එහි මධ්‍ය ලක්ෂය වටා අසිරිමත් සංරචනයන් ලොඩනැගී ඇත. අපවිසින් ගොඩනගන සංරචනයන්ට වඩා සොබා දහමේ සංරචනය ඉතා ප්‍රබය. අපද අස්වාභාවික මවාපෑමෙන් තොරවූවිට අපගේ සංරචනයන්ද ප්‍රබලවෙයි. මහා සිත්තරුන් තමාගේ සංරචන ගෙඩනගා තිබෙන්නේ ස්වභාවික චර්යාවක් තුලයි.
ඒ අනුව විශ්වයේ මධ්‍ය ලක්ෂය තමා ලෙස සැලකුවොත් අපවටා ගොඩනැගී තිබෙන සමාජ හා බෞතින ආදී බෙහෝ සංරචනයන් අපටම වටහා ගතහැකිය.






Comments