වසන්ත නමස්කාරගේ 283 වැනි දෘෂ්‍ය
කලා ප්‍රදර්ශනය.
කාලය සහ අවකාශය
අප නැවතත් සිතුවම්
කරනයේ දී අවබෝධ කරගත යුතුම සියුම් කාරනාවට එනවා. ඒ තමයි මේ මොහොත කියන කාරනාව. මේ
මොහොත පවතින දෙයක් ද? නැති දෙයක් ද?
සිතුවම් කරනයේ දී අප මේ
ද්විත්ව කාරනාවන් පිලිගැනීම සහ නොපිලිගැනීම සිදුකරනවා. පිලිගන්නේ කුමක් ද?
නොපිලිගන්නේ කුමක් ද?
මා හිතනවා අප මේ කතා
කරන්නේ සිතුවමක් තුල පවතින ඉතා සියුම් කාරනාවක් බව. එය දෘෂ්‍ය කලා භාවිතයේ දී අප
අවබෝධ කරගතයුතු දෙයක්. සිතුවමක් දෙස ලස්සන හෝ කැත කියන සීමාවන් ගෙන් ඉවත්වීම වගේම
හොද නරක කියන කාරනාවලින් ඉවත් වීමෙන් මේ සියුම් කාරනාවට පිවිසිය හැකියැයි මා
හිතනවා.
කාලය සහ අවකාශය තුල
යමක් පවතිනවා ද? එහෙමත් නැත්නම් යමක් නොපවතිනවා ද? පවතින්නේ හෝ නොපවතින්නේ කුමක් ද?
මෙය දෘෂ්‍ය කලා භාවිතයේ තිබෙන සියුම් කාරනාවකි.
එහෙත් ඒ සදහා පැහැදිලි
පිලිතුරක් නැත. එයට හේතුව එය ප්‍රශ්නයක් නොවන නිසාවෙනි.
යමක් තිබේද? - නැත.
යමක් නැද්ද? - තිබේ.
තිබෙන්නේ කුමක් ද?
නැත්තේ කුමක් ද?
Comments
Post a Comment