වසන්ත නමස්කාර ගේ 280 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සත්‍යවාදියාට ඇණ ගැසීම

මාගේ සමහර ප්‍රදර්ශන ස්ථාන ගතවන්නේ සමාජ ගවේශනයක ප්‍රතිපලයන් විදිහට. ඒවා සමහරවිට සමාජයේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වෙනවා. මේ එවැනි අවස්ථාවක්. එවැනි ප්‍රදර්ශනවලින් කිසිම ආර්ථික ලාභයක් මාහට නැත. එහෙත් ලංකාවේ කලා විචාරකයෝ බොහෝ දෙනෙක් ධනවා දී ආකල්ප සහිත ආත්මාර්ථකාමි පුද්ගලයෙකු ලෙස මා හදුන්වයි. එය මට ප්‍රශ්නයක් ද නොවේ. මේ මගේ ධනවාදයයි.
ඉතිහාස ගත චරිත අතරින් ජීසස් සහ ගෞතම බුදුන් කියන්නේ මා ගරු කරන චරිත දෙකක්. ඔවුන් සත්‍යය හෙලිකරන නිසා සමාජයේ සමහර කොටස් ඔවුන් ඝාතනය කිරීමට සැලසුම් හැදුවා. ඒ සියලු ඝාතනයන් සැලසුම් කරන්නේ තමා ලගම සිටින්නන්. මේ න්‍යාය අදටත් පොදුයි.
මෙහි ජේසුතුමාට රගපාන්නේ මා දකින විදිහට සමාජයේ සුවිශේෂ චරිතයක්. ඔහු මුලු නාට්‍යය පුරාම රගපෑවත් කුරුසයේ ඇණ ගසන අවස්ථාවේ දී ඔහු රංගනයෙන් ඉවත්වෙයි. ඒ අවස්ථාවේ දී ඔහුගේ අධ්‍යාත්මය එලියට එයි. එතැන දී ඔහු නාට්‍යයේ නලුවෙක් නොවේ. මෙය නාට්‍යය නැරඹූවන් අත්දුටු සත්‍යයකි. එහෙත් සිදුවූයේ කුමක් දැයි කිසිවෙක් නොදනියි. මා හිතනවා මෙය රංගන කලාවේ අලුත් සොයා ගැනීමක් කියා. නලුනිලියන් වේදිකාවේ දී රංගනයෙන් ඉවත්වුවහොත් ඒ නාට්‍යය සාමන්‍ය ජනයාට දරාගැනීමට පවා අපහසුය.
මෙය අනෙක් කලාවන් සදහාද පොදුය. සිත්තරා සිතුවම් කරනයෙන් ද, කවියා කවියෙන්ද, සාහිත්‍ය කරුවා සාහිත්‍යෙයන්ද, ලේකඛයා ලිවීමෙන්ද අදී වශයෙන් සියලු මිනිසුන් මොහොතකට ජීව විද්‍යාත්මක බැදීම් වලින් ඉවත් වුවොත් එහි ප්‍රායෝගික අත්දැකීම් පැහැදිලි කලහැකි ක්‍රමයක් මා දන්නේ නැත. මෙවැනි නිර්මාන කරුවන් ආයතනික පුහුනුවකින් හෝ ප්‍රායෝගික පුහුනුවකින් නිර්මානය කල නොහැක. එය සොබා දහම විසින්ම තීරනය කරනු ඇත.
ඔවුන් කිසිදිනෙක මුදල් උපයන්නේ නැත. එහෙත් ඔවුන්ට මුදල් ලැබෙයි. සමාජය විසි ඔවුන් ජීවත් කරවන්නේ නැත. ඔවුන් සමාජය ජීවත් කරවයි. සමාජය විසින් ඔවුන්ව නොකියවයි. එහෙත් ඔවුන් විසින් සමාජය කියවයි. සමාජය අගය කරන කිසිවක් නැති ඔවුන් හිස් අතින්ම මියයයි. මියගිය පසුව ඔවුන් ලග තිබුනේ කුමක් දැයි සෙවීමට මිනිසුන් උත්සාහ ගනියි. ඒ තමන්ට නැති යමක් ඔවුන් සතුව තිබූ බව මිනිසුන් දන්නා නිසාවෙනි.
ජීසස් නැමති සත්‍යවාදියාගේ ඝාතනය ලොවට පෙනුනත් ගෞතම බුදුන්ව ඝාතනය කිරීමට කරන ලද උත්සාහයන් ලොවට පෙනෙන්නේ නැත. ඒ උත්සාහයන් බොහොමයක් වැරදුනා. එකක් තරමක් දුරට සාර්ථ වුනා. ඒ තමයි දේවදත්ත හෙවත් බුදුන් වහන්සේ ගේ මස්සිනා විසින් ගිජුකුලු පව්වේ දී බුදුන් ඝාතනය කිරීමට හිසට ගලක් පෙරලීම. එයත් වැරදුනා එහෙත් එතැනදී බුදුන් වහන්සේගේ පාදයකට ගල්පතුරක් වැදී තුවාල සිදුවුනා. එතැනදී තවත් සංඝයා දෙදෙනෙක් බුදුන් වහන්සේ ඔසවාගෙන ඇවිත් බෙහෙත් කලා. නමුත් මේගැන තිබෙන සමාජ මතයන් සත්‍යෙයන් බොහෝ දුරස්ය.
(මේ නාට්‍ය රගපාන නලුවා කවුරුන්දැයි එය නැරඹූවන් දනියි. මා විසින් ඔහු හදුන්වා දීමට උත්සාහ නොගන්නේ එය ඔහුගේ ජීවන රටාවට කරදරයක් යැයි සිතෙන නිසාවෙනි. එහෙත් එයම ඔහු ගැන ප්‍රබල හදුන්වා දීමක්යැයි මට සිතෙයි.)





Comments