වසන්ත නමස්කාරගේ 281 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

අරමුනක් නැතිව ඇදීම




අපගේ ජීවිතයට තව මොහොතකින් සිදුවන්නේ කුමක්දැයි කීමට නොහැකිය. එසේම සිතුවමක සවසානය කුමක්දැයි කිව නොහැක. එහෙත් අප යම් ක්‍රියාවක නිරතවී සිටියි. අරමුනක් නැතිව ඇදීම අපට ජීවිතය ගැන සුවිශේෂී දෙයක් උගන්වයි. එහි දී මතුවන හැඩතල හා වර්ණ මොහොතින් මොහොත වෙනස්වෙයි. සියල්ල පවතින්නේ මොහොතක් පමනි.
චිත්‍ර අදිනවා කියන්නෙ මහා පුදුමාකාර දෙයක්. මාහට එයින් පිට කිසිම දෙයක් සිතෙන්නේ නැතිතරම්. ඔබත් එහි සුන්දරත්වයෙන් වශීවන්න. එය සියලු ප්‍රශ්න ගැටලු වාද භේද වල නිමාවයි. මා හිතනවා මාහට හමුවන සියලුම කාරනා සිතුවම් බවට පත්වන බව. සමහර වෙලාවට ඉතාම කුඩා දෙයක් දැකීමට විදීමට දිනගනන් සතිගනන් සැලසුම් හදනවා.
මේ තියෙන්නේ නානුඔය දුම්රිය ස්ථානය. මාහිතනවා දුම්රිය තවත් ටිකක් ප්‍රමාද වුනොත් හොදයි කියලා. එතකොට තවත් ටිකක්වෙලා මෙතන ඉන්න පුලුවන්.

Comments