වසන්ත නමස්කාරගේ 282 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කාලය සහ අවකාශය




මා හිතනවා අප මේ කතා කරන්නේ සිතුවමක් තුල පවතින ඉතා සියුම් කාරනාවක් බව. එය දෘෂ්‍ය කලා භාවිතයේ දී අප අවබෝධ කරගතයුතු දෙයක්. සිතුවමක් දෙස ලස්සන හෝ කැත කියන සීමාවන් ගෙන් ඉවත්වීම වගේම හොද නරක කියන කාරනාවලින් ඉවත් වීමෙන් මේ සියුම් කාරනාවට පිවිසිය හැකියැයි මා හිතනවා.
කාලය සහ අවකාශය තුල යමක් පවතිනවා ද? එහෙමත් නැත්නම් යමක් නොපවතිනවා ද? පවතින්නේ හෝ නොපවතින්නේ කුමක් ද? මෙය දෘෂ්‍ය කලා භාවිතයේ තිබෙන සියුම් කාරනාවකි.
එහෙත් ඒ සදහා පැහැදිලි පිලිතුරක් නැත. එයට හේතුව එය ප්‍රශ්නයක් නොවන නිසාවෙනි.
යමක් තිබේද? - නැත.
යමක් නැද්ද? - තිබේ.
තිබෙන්නේ කුමක් ද? නැත්තේ කුමක් ද?
අපගේ ජීවිතයට තව මොහොතකින් සිදුවන්නේ කුමක්දැයි කීමට නොහැකිය. එසේම සිතුවමක සවසානය කුමක්දැයි කිව නොහැක. එහෙත් අප යම් ක්‍රියාවක නිරතවී සිටියි. අරමුනක් නැතිව ඇදීම අපට ජීවිතය ගැන සුවිශේෂී දෙයක් උගන්වයි. එහි දී මතුවන හැඩතල හා වර්ණ මොහොතින් මොහොත වෙනස්වෙයි. සියල්ල පවතින්නේ මොහොතක් පමනි.

Comments