වසන්ත නමස්කාරගේ 287 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

හෝලි උත්සවය


මිනිසාගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියටම බද්ධවූ සංස්කෘතික ක්‍රියාවලියක් තිබෙනවා. මෙය දෙකක් විදිහට පැහැදිලි කරන්න අපහසුයි. ජීව විද්‍යාත්මක කාරනාව සංස්කෘතිය වෙනවා වගේම සංස්කෘතික කාරනාව ජීව විද්‍යාත්මක වෙනවා.
ඒ අතරින් ඉන්දියාව කියන්නේ මානව විද්‍යා කෟතුකාගාරයක්. එහි විවිධාකාර සංස්කෘතික උත්සවයන් තිබෙනවා. ඔබමේ දකින්නේ හෝලි උත්සවයේ අවස්ථාවක්. එහෙත් මෙය ඉන්දියාවේ අවස්ථාවක් නොවේ. ලංකාවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මගේ මිතුරියක් හෝලි උත්සවය සමරන අවස්ථාව. ඇය මට පෙනෙන්නේ ඉන්දියාවේ කෙනෙක් වගේ.

Comments