වසන්ත නමස්කාරගේ 293 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

රත්නපාලගෙන් පසු සමාජ විද්‍යාව



මහාචාර් නන්දසේන රත්නපාල මහතා මා ඉතා ගරු කරන පද්ගලයෙක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී ඔහු සමග සමාජ විද්‍යාව හැදෑරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. ඔහු නිසා සමාජ විද්‍යාව නැමති විෂය හදුනා ගැනීමට නොලැබෙනු ඇත.
රත්න පාල මහතා හමු නොවන්නට ලංකවේ විශ්ව විද්‍යල තුල අධ්‍යපනය මුවාවෙන් සිදුවන බොරුව වංචාව ව්‍යාජත්වය වගේම කුහකත්වය කිසිදිනෙක හදුනා ගැනීමට පවා නොහැකිවනු ඇත. මේ අතරට මචාර්ය වරුන් මහාචාර්ය වරුන් ඇතුලු කථිකාචාර්ය සේවකයෝ ඇතුලත්ය.
මා හිතනවා ලංකාවේ සරසවි ඇදුරෝ සියයට අනූවක් පමන දෘෂ්‍යමය අන්ධ භාවය නැමැති මානසික රෝගී තත්වයෙන් පීඩා විදිනබව. එය මා දීර්ඝ කාලයක් ඔවුන්ගේ චර්යාවන් අධ්‍යයයනයෙන් සොයා ගත් දෙයකි. ඔව්න්ගෙන් සියයට දහයක් පමන සුලු පිරිසක් හැරුනවිට ඉතිරි සියයට අනූවක්ම ආත්මාර්තකාමී වගේම කුහකයි. ව්‍යාජත්වයෙන් සමාජය රවටයි. තමා උගතෙක් බුද්ධිමතෙක් බව පෙන්වීමට කුහකත්වයෙන් යුතුව දැණුම හබායයි. ඒ අනෙකාගේ යහපත සදහානොව තමාගේ පැවැත්ම සදහාය. බුද්ධිමත් සහ දක්ෂ සිසුන්ට ඔවුන් ඊර්ෂාකරයි. බාහිර උගතුන්ටත් ඔවුන් ඊර්ෂා කරයි. එය පිටතට නොපෙන්වීමට ඔවු බොහෝ උත්සාහ කරයි. ඒ නිසාම ඔව්න් බොහෝ මානසික රෝගී තත්වයන්ගෙන් පෙලෙයි. එහෙත් ගවේෂනාත්මකව අපක්ෂපාතීව සමාජ විද්‍යාව හසුරුවන්නෙකුට ඔවුන්ගේ චර්යාව හසුවෙයි.
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා තුල බොහෝ දුර්ගුනයන් නොතිබුනත් ඔහු තමාගේ විෂයතුල බොරු කීම නිසා ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ විකුර්ති මානසික රෝගී තත්වයකට පත්විය. ඔහුගේ බොහෝ පර්යේෂන වල තිබෙන්නේ කුඩා ඇත්තකි. කුඩා සත්‍යයක් සොයාගෙන විශාල බොරු කන්දරාවක් ඔහු ලිවුවේය. සමාජ විද්‍යාවේ මුල්කාලය නිසා මේවා මිනිසුන් පිලිගත්තේය. ඒ නිසා තවතවත් බොරු ලිවුවේය. අවසානයේ සත්‍යය කුමක්ද බොරුව කුමක්දැයි සොයා ගැනීමට ඔහුටම අපහසුවිය.
ලංකාවේ ගනිකාවන් ගැන සහ හිගන්නන් පිලිබද පර්යේෂන සහ තවත් බොහෝ පර්යේෂනවල මේ බොරු කන්ද තිබෙයි. අවසානයේ ඔහු මනසින් මවාගත් පර්යේෂන ලිවුවේය. රත්නපාල මහතා විධිමත් පර්යේෂන සදහා කිසිවෙක් පුහුනු කලේ නැත. ඔහුගෙන් සපුව ඔහු විසින් කියූ බොරුව වත් එම අධ්‍යයයනාංශයේ අද නැත. ඔවුන් කරමින් ඉන්නා දෙය ඔවුන් වත් නොදනියි.
මෙහි අනිටු ප්‍රතිපලයන් අද එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශය අත්විදිමින් සිටියි. ඔවුන් බොහෝ දෙනෙකුට සමාජ විද්‍යාව යනු කුමක්දැයි හදුනා ගැනීමට පවා අපහසු අන්දමන්ද වූ මානසිකත්වයකින් පසුවෙයි. කලා විෂය ධාරාව යටතේ උගන්වන සමාජ විද්‍යා විෂය බොහෝ සිසුන් තෝරාගන්නේ විද්‍යා විෂයන් අසමත් වීමෙන් ඇතිවූ භින්න වූ මානසිකත්වය ගොඩනගා ගැනීමේ අවිඥානික ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙසිනි. එහෙත් සමාජ විද්‍යාවේ මූලාරම්භය පවතින්නේ විද්‍යවිෂය තුලයි.
මේ තත්වයන් යටතේ අපතුල යම් අවබෝධයක් පවතීනම් ඒ සිල්ලම චිත්‍ර ඇදීමේ හැකියාව නිසාම ලබාගත් දෙයකි.

Comments