වසන්ත නමස්කාරගේ 298 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

අනෙකාගේ තෙටුපල සොරා ගැනීම



ජපුර සරසවියේ දී මගේ මිතුරෙක් හිටියා ඔහු ඉතාම දක්ෂයි වගේම කාරුනිකයි.
මහා ශිෂ්‍ය සංගමය තමන් කිසිවෙකුටත් නවක වදය නොදෙනවා කියන අවස්ථාවේ දී ඔහු ඇසුවේ එහෙනම් ගුරුවරුයි අනධ්‍යයන කර්යමණ්ඩලයයිද රැග් කරන්නේ යනුවෙනි. එය මා දුටුවේ ඒක පුද්ගල කැරැල්ලක් ලෙසිනි.
ඔහුගේ ප්‍රශ්නය සහ උත්තරය ඉතාම පැහැදිලිය. එතැන දී සිලුදෙනාම සිනාසුනත් මේ වනතෙක් ඔහුගේ ප්‍රශ්නයට පිලිතුරු දීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත. ඔහුගේ මානව සබදතා වල තිබෙන ලෙන්ගතු කම නොතිබෙන්නට ඔහුට මාරාන්තික ජීවිත කර්ජනයක් එල්ල වීමට ඉඩතිබුනි.
ටිකදිනකින් ඔහු බිත්ති පුවත් පතක් පටන්ගත්තේය. ඒ ඔහුගේ අදහස් සමාජ ගතකිරීමටය. එහි නම - තොටුපල - නම් විය. එක් දිනක් ඔහුගේ තොටුපල අතුරුදහන් විය. පසුවෙනිදා ඔහු තමාගේ තොටුපල සොයමින් ඒ මේ අත දුවයි. මා එය දුටුවේ ඉතා විෂශ්ට සංජානන කලා ආකෘතියක් ලෙසයි.
වර්ථමාන සමාජයේ මිනිසාට තම තමන් ගේ තොටුපල අතුරුදහන් කරන්නේ කවුරුන් ද? යන්න සියලු දෙනාම ඉතාම හොදින් දනියි. එහෙත් සියලුම දෙනා නෑසුනා මෙන් නොදැක්කා මෙන් සිටියි. හේතුව තම තමනගේ ලකුණු මට්ටම පහත වැටී පැවැත්මට තර්ජනයක් එල්ල වන නිසාවෙනි.
මේ සිදුවීම බලාසිටි බොහෝ මිතුරන් අද සරවි ඇදුරන් වී (කථිකාචාර්ය සේවකයන් බවට පත්වී) මහා ඉහලින්ම සමාජ සාධාරනත්වය ගැන කතා කරයි. එයද ඔවුන් කරන්නේ තමාගේ පැවැත්මට සහ තමාගේ ලකුණු මටිටම ඉහල දමා ගැනීමට පනක්ම බව තොටුපල අහිමි වූ මිතුරා තවමත් නොදනී ?

Comments