වසන්ත නමස්කාර ගේ 301 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ධර්මය සහ අධර්මය

(සුපිරි ධනවාදියා ගේ දිණපොතින් උපුටා ගන්නා ලදී)

දිනක් මාගේ නවාතැන් පලට බැළලියක පැමිනියේය. උපාසක අම්මා වතුර කෝප්ප වලින් ගසා බැළලිය එලවා දැමුවාය. නොනවත්වාම ධර්මය ස්‍රවනය කරන තවත් උපාසක අම්මා කෙනෙක් මට මෙහෙම කිවුවේය. මෙන්න බැළලියෙක් මේකා මස්කඩය ලගට ගිහින් දාන්න. මේකා පැටව් දැම්මහම හරිම කරදරේ.
ඒත් මා එය කලේ නැත. දැන් ඒ බැළලිය පැටව් තුන්දෙනෙක් දමා ඇත. උන් ඒමේ අත දුවමින් සෙල්ලම් කරයි. උන් කිසිවෙක් මා මගේ කාමරයට නොගනියි. ඒ සතුන්ට සහ මිනිසුන්ට එකට වාසය කල නොහැකි නිසාවෙනි.
දැන් පැටවුන් තරමක් ලොකුය. මා කනදෙයින් කොටසක් උන්ටද දෙමි. එකිනෙකට වෙනස් උන්ගේ වර්ණ සහ චර්යා රටාවන් මට පෙනෙයි. මොහොතින් මොහොත ඒවා සිතුවමට නැගෙයි.
එහෙත් මේ වනවිට උපාසක අම්මලා සිතන්නේ කුමක් දැයි මා නොදනිමි.










Comments