වසන්ත නමස්කාර ගේ 311  වැනි සජීවී සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයා රක්ෂිතය එළිකරයි
කුඹුක් ගස ගිනි තබයි.

(සියලු පරිසර හිතකාමීන් මේ ගැන සංවේ දී වේවා - පරිසරය රැකගැනීමට රාජ්‍ය මැදිහත්වීම අත්‍යාවශය)



ඉඩම් තණ්හාවෙන් පිස්සු වැටුනු නීචගති ඇති සිරිනාගයා බලු නැටුම් පෙන්වමින් බලාපොරොත්‍තු නොවූ නිවහන වටා ගමන් කරයි. ඉන්පසුව  ඔහු රක්ෂිතය එළිකර කුඹුක් ගස ගිනි තබයි. අවසානයේ ඔහු සිහි විකල් වී ඒ ඉඩමේදීම මරලතෝනි දෙමින් මැරී වැටීමට නියමිතයි. සිරිනාගයා බේරා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ. ඒ ඔහුගේ ඉරනම නිසාවෙනි.
ඔබමේ සිතුවම් කරනලද දල සටහනේ දකින්නේ සත්‍ය සිදුවීමක්. මිනිසුන් තුන්දෙනෙකුට එකතුවී වටකල හැකි රක්ෂිතයට අයත් විශාල කුඹුක් ගසක් නීච ගතිඇති සිරිනාගයින් විසින් විනාෂ කල අවස්ථාවක්.
ඔවුන් මුලින්ම කලේ කුඹුක් ගස වටා විටින් විට කිසිවෙකුට නොදැනෙන සේ ගිනි තැබීමයි. ඔවුන් එය මාස ගනනක් තිස්සේ කලා. ඒ අල වැවීම සදහා හොරාට රක්ෂිතය එළිකිර ඉඩමක් හදා ගැනීමටයි. මෙහි නෂ්ටාවශේෂ තවමත් ඇටම්පිටිය බණ්ඩාරවෙල පාරේ බෝධිය ඉදිරිපිට තේවත්තේ පහල කොටසේ තවමත් තිබෙනවා.
මේ නීච ක්‍රියාව සිරිනාගයා පටන්ගත් මොහොතේම එවකට ඌවපළාතේ මහ ඇමතිවරයාවූ සමරවීර වීරවන්නි මහතාට කිවුවා. මා එහියනවිට ඔහු ශ්‍රී මහා බෝධියේ විශාල පින්තූරයක් ඉදිරිපිට භාවනා කරමින් හිටියා. මහඇමති වරයාම දැනුවත් කලේ ඔහුට එය නතර කල හැකි බව හොදින්ම දන්නා නිසාවෙනි.
එහෙත් සිරිනාගයා රක්ෂිතය හෙලිකර කුඹුක්ගස ගිනිතැබුවා. සමහරවිට මහ ඇමතිවරයා නිහඩව හිටියේ ශ්‍රී මහා බෝධිය විතරක් තියා ගත්තහම මුලු ලංකාවටම ඔක්සිජන් සැපයිය හැකියි යන බුද්ධිමත් කල්පනාව ඔහු තුල තිබූනිසා වියහැකියි.

Comments