වසන්ත නමස්කාර ගේ 315 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
ජනපති මහින්ද සහ
චීවරධාරී පට්ටියවෙල මහින්ද


නමකින් හෝ කෙනෙක් නියෝජනය කරන තත්වය අනුව චරිතය මැනිය නොහැකිබවට මේ ජායාරූපය හොදම උදාහරනයක්. එකම නම තියෙන දෙන්නෙක් එකතැන එකට හිටගෙන. එක්කෙනෙක් හොද මනුස්සයෙක් අනෙකා පල් හොරෙක්. හොද මිනිසා ගිහියෙක් පල්හොරා චීවර ධාරියෙක්. එසේම පල්හොරා බුද්ධ පුත්‍රයෙක් විදිහටත් රග පානවා.
මොන වැරදි අඩු පාඩු තිබුනත් හිටපු ජනාධිපත් මහින්ද මහතා පොදුවේ ලංකා වාසීන්ට සේවයක් කල කෙනෙක් විදිහට මා හදුන්වනවා. එහෙත් ඔහු පෞද්ගලිකව මා හදුනන්නේ නැත. නමුත් එතුමාට ඉදිරියෙන් ඉන්න චීවරධාරියා මා හොදින් දන්නවා. ඔහුගේ නමත් මහින්ද. ඔහු දකිනවිට මා හට මහා පිලිකුලක් ඇතිවෙන්නෙ. ඒ ඔහුගේ චර්යාව නිසාවෙනි. නමුත් ඒ චීවරධාරියාට පිටුපසින් මා ප්‍රියකරන චරිතයක් වන ජනාධිපති මහින්ද මහතා සිටිනවා. අහම්බෙන් අන්තර් ජාලයෙන් මුනගැසුන මේ ජායාරූපය මා තුල අමුතුම ආකාරයේ හැගීමක් ඇති කරනවා. ප්‍රිය භාවය සහ අප්‍රිය භාවය එකම තැන. එය සිතුවම් අප්‍රමාන සංඛ්‍යාවක් නිර්මානය කල හැකි පුදුමාකාර වස්තු බීජයක්.
ජනාධිපති මහින්ද මහතා ඉදිරියෙන් ඉන්න චීවරධාරී පට්ටියවෙල මහින්ද දැයට කිරුළේ උපදේශකයෙකු වශයෙන් ඉන්න ගමන් මගේ නිර්මාය ලක්ෂ ගනනින් මංකොල්ල කෑවා. ජනාධිපති මහින්න මහතා ලගඉන්න නිසා පට්ටියවෙල මහින්ද කියන චීවරධාරියා පල් හොරෙක් කියලා මොන විදිහෙන්වත් හිතුවේ නෑ. එය මාගේ අඩුපාඩුවක් බව මා දැන් දනිමි. නමුත් කරුනු කාරනා ගැලපී යනවිට චීවරධාරියාගේ හොර ගතිය බලන බලන පැත්තට විහිදෙයි. පට්ටියවෙල මහින්දගේ සහ ජනපති මහින්ද මහතාගේ මුහුනු දෙක සංසංදනය කර බලන්න.
හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ ඔහුගේ වරදක් නිසාම නොව ඔහු වටා සිටි මෙන්න මේ ජාතියේ පල්හොරු නිසාවෙනි. මේ හෙලිදරවුව මගේ නිර්මාන මංකොල්ල කමින් කාලයක් ගතකල, මේ වනවිට මගේ නිර්මාන වලට  වස්තු බීජයන් සපයන චීවරධාරී පට්ටියවෙල මහින්ද කියන පල් හොරා පිලිබදවයි.
දිගින් දිගටම සිතුවම් කලාවේ නිරත වීමෙ ලැබෙන ප්‍රතිලාභ රාශියක් තිබෙනවා. ඒ නිසා ඔබට යමක් ඇදිය හැකිනම් මොහොතක් වත් ප්‍රමාද නොකර සිහි කල්පනා වෙන් එහි නිරත වෙන්න.
සවිඥානිකව සිතුවමක් නිර්මානය කිරීමට පටන් ගත්තොත් ඔබට සමාජය වේගයෙන් කියවීමේ හැකියාව ලැබෙනවා. ඔබට මේ ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ අන්න ඒවාගේ අවස්ථාවක්.
මේ ජායාරූපයේ හිටපු ජනාධිපතිවරයාට ඉදිරියෙන් ඉන්නෙ සිවුරු දරාගත්ත පල් හොරෙක්. එහෙත් සමාජය මෙයාව පිලිගන්නේ බුද්ධිමත් ගෞරවන්විත චරිතයක් ලෙසයි. එහෙත් මොහු නිර්මාන මංකොල්ල කාරයයෙක්. මොනම විදිහකින් වත් මේකා හොරෙක් කියල හොයන්න බෑ. සියලුම දේ සුපේෂල ෂික්ෂාකාමී බුද්ධ පුත්‍රයෙක් විදිහට සකස් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මා දන්නා කරමින් මේකා ලංකාවෙ පිලිගත් විශ්ව විද්‍යාලයක බාහිර කථිකාචාර්ය සේවකයෙක් විදිහට මනෝ විද්‍යාව උගන්වනවා. මේකාට පුලුවන් හොරු අල්ලන්න ඉන්න නීතිය රකින්න ඉන්න පුද්ගලයින්ව ගානට අන්දල උගේ ඉස්සරහ දනගස්වන්න. අංක එකේ අන්ඩපාලයෙක්. කූට ව්‍යාපාරිකයෙක්. ඒ සියලුම දේ මේකා ලස්සනට සැලසුම් කරන්නෙ බුද්ධ චීවරයට මුවා වෙලා. ලංකාවේ මා දකින ඛේදවචකයක් නම් ඉතා ගුනගරුක මිනිසුන් පල්හොරුන් ඉදිරියේ දනගහන එක. සංස්කෘතික චර්යාවන් කියන්නෙ එක්තරා විදිහක විහිලුවකි.
චීවරධාරී පට්ටි‍යවෙල මහින්ද, මම ජයවර්ධනපුර විශ්ව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරනවිට පුරාවිද්‍යාව හැදෑරුවා. මේකා ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වගේම අහිංසක මිනිසුන්ගේ පරිත්‍යාග වලින්. නමුත් මුගේ ඇග පුරාම තියෙන්නේ කපටිකම. ඊට පස්සේ මේකා බුද්ධශාසන අමාත්‍යාංශයට වගේම තවත් රාජ්‍ය ආයතනවලට පැනල නීත්‍යානුකූලවම මේකා මුදල් මුදල් ගසාකෑබ‍ව මගේ අදහසයි. මේකා පංසල් සල්ලිවලට ගන්නවා. ඊට පස්සෙ සුපර්මාකට් එකක්වගේ සැදැහැවත් බෞද්ධයින් නලවමින් ගානට ව්‍යාපාරය ගෙන යනවා. හොර අත්සන් ගැසීම මේකාගේ උපන්ගෙයි හැකියාවක්. ඒවාගේම එන් ජී ඕ පප්පෙක්. නමුත් රූපවාහිනියේ ගුවන් විදුලියේ බණ කියනවිට මිනිස්සු හිතන්නෙ මේකා බුදු වෙලා කියලා. සමාජය ඇන්දවීමේ හැකියාව මේකාට සුපිරියටම පිහිටා තිබෙනවා. මේවාගේ අංක එකේ ගල් ආදෝ විශාල ප්‍රමානයක් ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බෞද්ධ විශ්ව විද්‍යාල වලින් බිහි වෙනවා.
පටියවෙල මහිද කියන චීවරධාරී පල් හොරා ගැන මෙහි සදහන් නොකල නොකල තොරතුරුත් මා සොයා ගත්තේ එක්තරා සිදුවීමකින් පස්සෙ. මේකා මගේ හිතවත්කම පාවිච්චි කරලා රුපියල් ලක්ෂ හයහතක මගෙන් නිර්මාන වංචාවක් කලා. ඒ සියල්ලම කලේ බුද්ධ චීවරයට මුවා වෙලා.
සිවුරු දරාගෙන ව්‍යාපාර කලාට මට ප්‍රශ්නයක් නැත. නමුත් සමාජ සම්මතයේ තිබෙන චංචාව මා අනුමත නොකරමි. මුදල් දෙනබව කියා නොදී සිටීම චංචාවකි. ඒ සියල්ල අදාල තැන්වලින් ලබාගෙන ඔහුගේ ප්‍රයෝජනයට යොදවාගෙන ඇත.  ඒ නිසා දැන් මම මේකාගේ සිවුර ප්‍රසිද්ධියේම ගලවනවා.
ඒ සදහා මා හට සුදුසුකම් තිබෙනවා. මෙතෙක් කරන ලද කිසිම සිතුවම් ප්‍රර්ශනයන් නැරඹීම සදහා කිසිම කෙනෙකුගෙන් කිසිම මුදලක් අයකරගෙන නැත. නිර්මාන වලින් මා කිසිවෙකුට චංචාකර නැත. රසිකයින්ව දෘෂ්‍ය මායාවලින් රවටා නැත. සමාජ සම්මතයේ පරිදි ඔවුන් සතුටින් දෙන යමක් පමනක් මා ලබාගෙන ඇත. ඒ නිසා නිර්මාන ඉදිරියේ ව්‍යාජ චරිත රග දක්වන වංචා කාරයින්ට නිර්දය ලෙස මා පහර දෙනවා. මෙතැන දී මුදලේ ප්‍රමානයට වඩා වංචාව කරන ලද ආකාරය බොහෝ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් චීවරධාරී පට්ටියවෙල මහින්ද විසින් මා හට විවරකර දී තිබෙයි. ඒ නිසා එක් අතකින් චීවරධාරී පට්ටියවෙල මහින්ද කියන පල් හොරාට මා ස්තූති වන්තද වෙමි.
පහත වීඩියෝවේ තිබෙන්නේ චීවරධාරී පට්ටියවෙල මහින්ද විසින් මාගේ නිර්මානාත්මක හැකියාව රාජ්‍ය මැදිහත්වීම සහිතව මංකොල්ල කනලද අවස්ථාවක්.



Comments