වසන්ත නමස්කාර ගේ 316 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

යූ සර්කල් මැද හිස්ටීරියා

සමාජ විද්‍යාවේ පර්යෙශන ක්‍රමයක් තියෙනවා ජීවන අත්දැකීම් ක්‍රමය නමින්. මේ පර්යෙශන ක්‍රමය ලෝකයට  හදුන්වා දුන්නේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා. ඒ ලංකාවේ හිගන්නන් පිලිබදව කරන ලද පර්යේශනයෙනි. මා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී එතුමා ගෙන් සමාජ විද්‍යාව හදාරන කාලයේ දී මේ ක්‍රමය ගැන ඉගෙන ගත්තා. නමුත් ඒ ක්‍රමවේදයේ විශාල දෝශ සහිත තැන් මා දකිනවා.
එහි ප්‍රධාන දුර්වලතාවය නම් කෙනෙකුට සමාජයේ හිමිවන තැන අස්වාභාවිකව මාරු කලහැකිද? යන්නයි. රත්නපාල මහතා කථිකාචාර්ය සේවකයෙක් මිස හිගන්නෙක් නොවේ. ඔහුට සමාජ චර්යාවන් පිලිබදව මිස හිගන ජීවිතය පිලිබද ජීවන අද්දැකීමක් නොලැබේ. ඒ ප්‍රශ්නයට ඔහු පැහැදිලි පිලිතුරක් දුන්නේද නැත.
ලගදී දිනකදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා මෙහෙය වූ දින තුනක  වැඩ මුලුවකට සහභාගි වීමට මගේ මිතුරෙකු මා හට ආරාධනා කලා. මා සුනිල් මහතාගෙන් නිදහසේ කතාබස් කරනවිට විවිධාකාර ප්‍රශ්න මතු කලා ඇත්තටම ඒවා ඇහුවේ හිතවත් කමින් නමුත් ඔහු සෑම ප්‍රශ්නයකින්ම මගහැර ගියා. පසුව මා සහභාගි කල මගේ මිතුරා මා හට ‍පැය තුනක පමන පෞද්ගලික දේශනයක් රාත්‍රී දෙක පමන වනතුරු දුන්නා. ඇත්තටම එහි තිබුනේ මා හට ලබාදුන් උපදෙස්. ඒ දේශනාව පටන්ගත්තේ මෙහෙමයි.
අය්යා ඔයාට සාමූහිකව වැඩක් කරන්න තේරෙන්නෙ නෑ. ඔයාට සුනිල් සර්වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්නත් තේරෙන්නෙ නෑ. සුනිල් සර් ඔය දේශනා කරන්නෙ ධ්‍යානයකට සමවැදිලා. ඔයාට තියෙන හොදම ක්‍රමය තමයි අදාල ප්‍රශ්නය අදාල තැනේ දී අහන්න තේරෙන්නෙ නැත්නම් සද්ද නැතිව නිකන් ඉන්න. අනික මට හිතෙනව අය්යා ඔයා සමහර දේවල් දැනගෙන අහන්නෙ.
මගේ මිතුරාගේ පෟද්ගලික දේශනය රාත්‍රී දෙන දක්වා දීර්ඝවිය. මා ඔහුට කිසිවක් කීවේ නැත. ඔහු මේ කියන්නේ මා සමග අමනාපයෙන් නොවන බව මා දනියි. එහෙත් ඔහු මා ගැන දරන ආකල්පයේ රින අගය පැහැදිලි විය.
වැඩමුලුව පුරාම සුනිල් මහතා කියන්නේ සමාජය යහපත් කරන ආකාරය සහ පරිසරයට ලෙන්ගතුවන ආකාරයයි. එහෙත් අපේ ජීවිත කාලයම ගෙවෙන්නේ ඒ වෙනුවෙනි. එය ඉතාම රහසිගත වගේම අප්‍රකටය. සත්‍යයනම් සුනිල් ගේ දේශනය අසාසිටින දින ගනනට මා හට ගෙවිය යුතුය. මා දන්නා තරමින් සුනිල් විජේසිරිවර්ධන මහතාට මේ වැඩමුලු සදහා මිලියන ගනනක් රජයෙන් වෙන් වී ඇත. රාජ්‍ය නොවන ආයතන වලින් තවත් මුදල් ලැබෙන බව මගේ අදහසයි. රජය හෝ වෙනත් ආයතනයක් කලත් එහි නියෝජනයත් අපමයි. ඒ නිසා තමන් සහභාගි වූ වැඩ මුලුව ගැන අදහස් දැක්වීමේ යුතුකමක් වගේම අයිතියක් ද ඇත.
දැන් මා හට එහි රැදී සිටීමට මොනතරම් අපහසු වුවත් එයින් ඉවත්වීමද කල නොහැක. අවසානයේ මා මෙහි රැදෙන දිනගනන  තුල ඉදිරියේ දී ඇදීමට සිතුවමක් සැලසුම් කිරීමට තීරනය කලෙමි. මා හිතුවා මම මෙතන ඉන්න ලස්සනම ගැහැනිය අදිනවා කියලා. එහි අධ්‍යයයන පටන් ගත්තෙමි.
එය මා කිසිම දිනෙක නොසිතූ සමාජ විද්‍යා පර්යේෂනයක ආරම්භය විය. එයමා හදුන්වන්නේ යථාර්ත වාදී ජීවන අත්දැකීම් ක්‍රමය යනුවෙනි. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාත් මාහට උපදෙස් දී තිබුනේ උඹ කවදහරි පර්යේෂන පටන්ගන්නෙ උඹවත් හිතන්නේ නැති මොහොතක. පුලුවන්නමු මම නවත්තපු තැනින් පටන් ගනින්.
ඔහු මා හදුනාගෙන හිටියේ චිත්‍ර අදින්නෙකු වශයෙනි. මගේ නිකට ලගට පමන උස රත්නපාල මහතා මගේ කරට අත දමාගෙන දවසක් එසේ කීබව මට මතකය.
මා දැන් එහි සිටින ලස්සම ගැහැනුන් ගැන අධ්‍යයයනය කරමින් සිටියි. සුනිල්  විජේසිරිවර්ධන මහතාත් මා අධ්‍යයයනය කරන ගැහැනුන්ටම උගන්වයි. ලස්සන ලැහැනියෙක් ප්‍රශ්නයක් ඇහුවොත් පැල්බැදගෙන උත්තර දෙයි. අදාල නැති උත්තරත් දෙයි. සමහර ලස්සන ගැහැනු අදාල නැති ප්‍රශ්නත් අසයි. ඒත් උත්තර දෙයි. එහි දී මා සොයාගත් තවත් දෙයක් නම් ඕනම දෙයකට ඔවුසර් කියන නෝන්ජල් පිරිමින්ට ඔහු ඉතා කැමති බවයි.
චිත්‍ර ඇදීමේ අධ්‍යයනයත් සමග තවත් මා නොසිතූ අකාරයේ සමාජ විද්‍යා පර්යේෂනයක ආරම්භය එසේ සිදුවිය. ඒ මොහොතේ දී මට දැනුනේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මා ලගම ඉදන් ඔහුගේ සුපුරුදු ස්වරයෙන් ඔන්න දැන් පර්යේෂනය පටන් ගනින්  කියන ආකාරයයි.
මෙය නැවත නැවතත් පරයේෂනයට ලක්කල හැකියි ආචාර්ය සුනිල් විජේ සිරිවර්ධය තමාගේ වැඩමුලුවල දී සකස් කරන යූ සර්කලයේ ඒක් තැනක රූමත් ගැහැනියක් තබන්න. ඉන් පසුව ඒ ගැහැනිම යූ සරකලයේ වෙනත් තැන්වලට මාරු කරන්න. ඔහු වැඩිපුරම  උගන්වන්නේ රූමත් ගැහැනිය සිටින දිසාවටයි. මේ ක්‍රමය චිත්‍ර ශිල්පියෙකුට ප්‍රශ්නයක් නැත.
ප්‍රශ්නය තිබෙන්නේ සමාජය යහපත් කිරීමේ අරමුන වගේ බරපතල සිද්ධීන් මුවාවෙන් ලිංගික කාරනා වලට පිලිතුරු සෙවීමයි. අපගේ යෝජනාව වන්නේ පිරිමියා ගැහැනිය දැකීමත් ගැහැනිය පිරිමියා දැකීමත් සතුටක්ය යන ලිංගික න්‍යාය ධර්මය මෙතැන දීත් ගැලපී යනවානම් පරිසරය සහ මිනිසා යහපත් කිරීමේ  නිවැරදිම ක්‍රමය සුනිල් යෝජනා කරන මේ ක්‍රමය වියනොහැකි බවයි.
මා හිතන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මේ කරමින් ඉන්නේ ලෝකයේ මේ ගැන අවංකවම පෙනීසිටින මිනිසුන්ගේ සංකල්ප අරගෙන තමාගේ පැවැත්මට ගැලපෙන ආකාරයේ යම් ක්‍රමයක් අත්හදා බලමින් සිටිමයි. ඉදිරියේ දී ඔහුට හානිදායක ආකාරයෙන් එය බලපානු ඇත. එහි බරපතල තත්වයනම් මානසික විකුර්ති ස්වභාවයන් ඇතිවීමයි. අප එසේ කියන්නේ බොහෝ චරිත අධ්‍යයනයෙන් අනතුරුවයි.
ඒ බව ඉතා හොදින් පැහැදිලි වන අවස්ථාවක් නම් ඔහුගේ වැඩමුලු වල දී ඔහු කතලුව විහාරයේ සිතුවම් විනාශ කිරීමේ සිද්ධිය සමාජ ගතකරන ආකාරයයි. ඒ සදහා කුල වාදය පටලවාගෙන චිත්‍රය සම්බන්ධව වැරදි අදහසක් පෙන්වයි. මා හිතන්නේ දෘෂ්‍යමය අන්ධභාවය කියන තත්වයෙන් ඔහු පීඩා විදින බවයි. ඒ නිසා කුඩා ලිංගික කාරනා පිනවා ගැනීමේ අරමුනින් සමාජය යහපත් කිරීමේ මුවාවෙන් වැඩමුලු සංවිධානය කිරීම සිදුකරයි. සමහරවිට ඔහු අවිඥානිකව එසේ කරනවා ද විය හැකියි. කෙසේ වුවත් එය මානසික රෝගී තත්වයකි.


ඉතාම සීමිත පිරිස් අතරේ පමනක් ලෝකයේ මේ වනවිට දෘෂ්‍යමය අන්ධභාවය පිලිබදව කතා කිරීම ආරම්භ කර ඇත. බොහෝ විට එය සිදුවන්නේ චිත්‍රය පදනම් කරගෙනයි. එයට හේතුව චිත්‍ර ශිල්පීන් මුලින්ම දෘෂ්‍යමය අන්ධ භාවය සම්බන්ධ ගැටලුව විසදාගෙන තිබීමයි.
දෘෂ්‍යමය අන්ධ භාවය කියන කාරනාව ඉතා පරෙස්සමින් කතා කලයුතු ඉතාම සුන්දර මාතෘකාවකි. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ඒ සදහා මූලික සුදුසුකම්වත් සපුරා නැත.
කෙසේ හෝ ඉහත සදහන් වැඩ මුලුව විශාල පරිවර්ථනයක ලක්ෂන සටහන් කලා. මගේ මිතුරා කතා කරන්න එපා කියූ නිසාම මා මගේ කතාව අරම්භ කලා. මා බොහෝ කල් සිතුවම් කලාවේ නිරත වීමේ වාසනාව මා දැන් අත්විදිමි. මටත් උවමනා කරන්නේ මා කතා කරනවිට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමටයි.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කියන්නේ ලංකාවේ දෘෂ්‍ය කලාව සම්බන්ධව මහා පෙරලි කාරයෙක්. එහෙත් ඔහුද මේ වනවිට පාර වරද්දාගෙන පිස්සු නටන බව ඔහුම නොදනියි.



Comments