වසන්ත නමස්කාර ගේ 317 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සුපිරි ධනවාදය

මා සුපිරි ධනවාදානයකි. යමක් සාධාරනව උපයාගන්නා මිනිසා දෙස ද්වේශයන් වෙරයෙන් කුහකත්වයෙන් බැලීමේ හිගනවාදය මා තුල නැත.
මා සුපිරි ධන වාදියෙකු වුවත් මා සතුව ඇත්තේ සිතුවම් ඇදීමේ හැකියාව පමනි. අනෙකා ලග මුදල් තිබෙයි. මා ලග මුදල් නැත. ඔහු‍ගෙන් මුදල් ඉල්ලුවාට ඔහු දෙන්නේ නැත. පුලුවන්නම් බොරු හිතවත් කම් පෙන්වා නිර්මාන මංකොල්ල කයි. නිර්මාන කලාවේ ගැඹුරු තැන් පෙන්නුවාට ඒවා ඔවුන්ට තේරෙන්නේ ද නැත.
 මා ඔහුට යමක් ඇද පෙන්වමි. ඇදෙන්නේ කුමක් දැයි මා නොසොයමි. ඔහු එයට කැමති වුවෙත් සතුටින් මුදල් දී එය ලබාගනියි. ඒ මුදලින් මා මගේ ආහාරය සොයා ගනිමි.
එවැනි සිතුවම් දහස් ගනනක් මා සතුව ඇත. සිතුවමක දිග පලල අගල් 3 2/1 කැන්වස් බෝඩ් මත ඇක්‍රලික් වර්ණයෙන් සිතුවම් කර ඇත. සියයට සියයක්ම මා අතින්ම නිර්මානය වනබවට සහතික වෙමි. එකක මිල රුපියල් පන්සීයයි. (රු 500 =) ඔබත් එය මිල දී ගිනීමට කැමතිනම්, වසන්න නමස්කාර නමින් මහනුවර ලංකා බැංකුවේ ආරම්භ කර ඇති 71570767 ගිණුම් අංකයට මුදල් බැරකර රිසිට් පතේ ජායාරූපයක්, ඔබේ ලිපිනය සහ අවශ්‍ය සිතුවම්වල ජායා රූප මැසේජ් කරන්න. ලංකාව ඇතුලත තැපැල් ගාස්තු නොමිලේ.
මේ සිතුවම් මිල දී ගන්නා බොහෝ අය මාහට පවසන්නේ ඒ දෙස බලා සිටීමෙන් තමාගේ හිත හිස්වන බවයි. මොහොතකට ඇතිවෙන ඒ විවේකී මනසට ඔවුන් කැමති බවයි.








Comments