වසන්ත නමස්කාර ගේ 322 වැනි සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
නග්න NUDE
(නග්න කියන්නේ ඔබ සිතනවාට වඩා බරපතල කාරනාවකි.) ලගදී දිනක දී මා මිතුරෙකු සමග කතා කරමින් සිටිනවිට මිලියන ගනනක වාහනයක් මා අසල නවතා එහි හිමිකරු මා දෙස බලා සිටියි....... ඒ වෙනත් කිසිවෙක් නොව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මගේ මිතුරෙකි.
ඔහු දැන් විශාල ධනවතෙකි......වසන්ත මගේ දුව චිත්‍ර අදිනවා අපේ ගෙදර ඇවිත් පොඩ්ඩක් කියලා දෙන්නකො. හපෝයි ළමයින්ටනම් චිත්‍ර උගන්වන්න යන්නම හොදනෑ. මගේ පිලිතුරින් මිතුරා තිගැස්සුනි.
ළමයින්ට කියල දෙන්න ඕනෙ ඇනටොමි විතරයි. ඇනටොමි කියන්නෙ මොකක් ද? මේ ගස්කොලන් මිනිස්සු තියෙන විදිහ.
වසන්ත කැම්පස් එකේදි වැඩිය කතා කරන්නෙ නෑනෙ. දැන් කතා කරනවනෙ. දැක්කනෙ මම පොඩ්ඩක් කතාකරල සිද්ධ වෙච්ච විනාසෙ. ඒකයි මම කැම්පස් එකේ දි වැඩිය කතා නොකලෙ.....නග්න සිතුවම් ප්‍රදර්ශනය පටන් ගන්නෙ එතැන් සිටයි.
කැමිපස් එකේදි මා හට විසදා ගැනීමට අපහසු මහා ප්‍රශ්නයක් තිබුනි. මා වටා සිටින මිතුරු මිතුරියන් ආචාර්ය මහාචාර්ය වරුන් ද ඇතුලත්ව ඔවුන් කියන දෙය සහ කරන දෙන අතර විශාල පරස්පරතා මා දුටුවෙමි. එය ඔවුන් උගන්වන දේ සමග සංසන්දනය කලොත් කොහෙත්ම සමාන නැත. මා ඔවුන් සමග ගනුදෙනු කල යුත්තේ ඔවුන්ගේ කුමන ප්‍රතිරෑපය සමග දැයි මා හට විශාල ගැටලුවක් විය.
මා සිතුවම් ප්‍රදර්ශන පැවැත්වීම ආරම්භ කලේ ජපුර සරසවියේ දී. එයින් මා වටහා ගත් දෙය නම්, මා හදාරන සමාජ විද්‍යාවට වඩා වැඩි වේගයකින් සිතුවම් හරහා සමාජය කියවිය හැකි බවයි.
නමුත් එදා ඒ දැනුම අද වගේ පිලිවෙලකට ගලපා ගැනීමට නොහැකි විය. මිනිසා පිටතට පෙන්වන දෙයට වඩා හාත්පසින්ම වෙනස් කියවීමක් ඔහු තුල තිබෙන බව මොහොතින් මොහොත පැහැදිලි විය. ඒ සමගම මා කතා කරන්නේ කෙසේද යන අර්බුදයට මා ගොදුරු විය.
දිනක් මා ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමට ඉතා වෙහෙසී ශාස්ත්‍රානු කූලවම නිමකරන ලද සිතුවම් කීපයක් ප්‍රදර්ශනයේ දැන්වීමක් ද සහිතව සිංහල අධ්‍යයනාංශයේ බිත්ති පුවත්පතේ ඇලෙවුවෙමි. මොකද ඒ අධ්‍යයනාංශයේ ඉන්නවා ප්‍රසිද්ධ ප්‍රවීන ගීතරචක චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය වරයෙක්. මා සිතුවේ ඔහු එයින් ප්‍රසාදයට පත්විය හැකි බවයි.
ටික වෙලා‍වකින් සිදුවූයේ මා නොසිතූ දෙයකි. මට හොරා මගේ හිතවත් මිතුරන් සහ මිතුරියන් යැයි මා සිතා සිටින අය මේ නිරුවත් රූපය ගැන කසුකුසුවක් ඇතිකලේය. පෙරකී මහාචාර්ය වරයාම පැමින එය ඉවත්කල බව මා හට පැහැදිලි විය.
මහා පුදුමයකි කිසිවක් සිදුනොවූවාක් මෙන් සියලුදෙනා මා සමග හිතවත්ය. බුද්ධිමත් සමාජයට නග්න භාවය මේ තරම් ප්‍රබල ප්‍රශ්නයක් බව දැකීමෙන් මා අන්දුන් කුන්දුන් විය. පෙරකී මහාචාර්ය වරයාම ඔහුගේ ගීතවල ප්‍රේමය නම්, රගයෙන් තොර සද එළි‍යසේ අචිනත්‍යයි. පාරිශුද්ධයි සුරම්‍යයි. කියා ලියා ඇත.
ඉන් පසු මා සරසවිය තුල රාත්‍රියේ සහ දවාලේ පෙම්වතුන් ගැවසෙන තැන් රහසිගතව සොයා බැලුවෙමි. සියලුම දෙනාපාහේ සංසර්ගික ඉරියවුවලින් සිටීම හෝ සංසර්ගයේ යෙදීම කරති.
බොහෝ මිතුරන් ලග උපත්පාලන කොපු තිබෙයි. එහෙත් ඔවුන් ප්‍රසිද්ධ සමාජයේ සමාජ ගැලවුම් කාරයින් සහ සමාජ ශෝධකයින් ලෙස පෙනී සිටියි. මෙයට ගිහි පැවිදි භේධයක්ද නැත. කථිකාචාර්ය, මහාචාර්ය සේවකයෝ සමාජයේ මහා බුද්ධිමතුන් ලෙස පෙනී සිටියි. එහෙත් නග්න භාවය මහා බුද්ධිමතුන්ට වගේම බොහෝ වෛද්‍ය වරුන්ටත් ප්‍රශ්න ඇති කරන්නක් බ‍ව මා සොයාබලා තිබෙයි.
ලිංගික  ප්‍රශ්නය විසදා නොගන්නා තාක් අප සතෙකු මිස වෙනත් කිසිවෙක් නොවේ.  
පසුව සිංහල මට අදාල විශයක් නොවුනත් පෙරකී මහාචාර්ය වරයාගේ දේශනවලට සවන් දීමටත් ඔහු සමග විනෝද චාරිකා වලට සහභාගි වීමත් කලෙමි. එහි දී ඔහු සිසුන් අතර හුරතල්වෙයි. සිසුන්ද ඔහු හුරතල් කරයි.
දේශන වල දී ඔහු බලා සිටින්නේ ලස්සන කෙල්ලන් පැමිනෙන තුරුය. කෙල්ලන් නැතිදාට දේශනය අසාර්ථකයි. ඔහු චිත්‍රපට අධ්‍යයක්ෂකයෙකු වුවත් ඒවායේ තිබෙන්නේ නලුනිලියන් ගේ හැකියාව සහ කැමරා කරුගේ හැකියාවන් වැඩි ප්‍රමානයකි. නමුත් එදා මම එය දැනසිටියේ නැත. ඔහුගේ ගීපද වෙනත් භාෂාවකින් ගත්දෙයක් හෝ වෙනත් කෙනෙකු ගේ ප්‍රතිරූප විය හැක.
මේ අර්බුදය යටතේ සමාජය සමග කතා කිරීමට වචන ගලපා ගැනීමට වෙනම උත්සාහයක් දැරීමට සිදුවිය. සමාජය කියන්නේ සත්‍යය මත පදනම් වූ බොරුවකි. එය සමග ගනුදෙනු කල හැක්කේද ඒ හා සමපාත වන තවත් බොරුවකිනි.
එහෙත් මේ ‍බොරුව දිගින් දිගටම කරන්නා හිස්ටීරියා නැමති මානසික රෝගියෙකු බවට පත්වේ. සත්‍යය සමාජයට ගැලපීම ඉතා පරිස්සමින් කලයුතුය.
මා ගේ නග්න රූපය ඉරා දැමීමේ හේතුව අද මම දනිමි. එය පෙරටත් වඩා මානුෂික මුහුනුවරකින් අද මම දකිමි.
එහෙත් සත්‍යය සමාජය ඉදිරියේ කතා කරන්නේ කෙසේද? යන අර්බුදයේ තවමත් මම සිටිමි.

නග්න කියන්නෙ දිගින් දිගටම අධ්‍යයනය කලයුතු කාරනාවක්. සංස්කෘතික මින්සා ස්වභාවික වන්නේ නග්න තේරුම් ගැනීමෙනි. නැතිනම් ආචාර්යවරුන් මහාචාර්ය වරුන් සමාජ ශෝධකයින් සහ බුද්ධිමතුන් ලස්සන කෙල්ලන් එනතුරු බලා සිටිනු ඇත.

Comments