වසන්ත නමස්කාර ගේ 320 වැනි සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කලාව අපේ බිත්ති අනුන්ගෙ
(ලක්දිව බෞද්ධ කලාව පිලිබද සමාජ විද්‍යාත්මක අර්ථ කතනය)

කැළණි විහාරයේ සිතුවම් නිර්මානය කල සෝලියස්‍ මෙන්ඩිස් සිත්තරා ජීවිතයේ අවසාන කාලයේ දී මිනිසුන් එපාවී බල්ලන් සමග ජීවත්විය.
එහෙත් පිකාසෝ බල්ලෙක් ඇතිකලේය. ඒ හුරතලේටය.
සෝලියස් මෙන්ඩිස් ජීවිත කාලයම විහාරතුල පලංචියක් උඩට වී නිහඩව සිතුවම් අදිමින් සිටියේය. අවසානයේ සිරිලක්දිව බුද්ධිමතුන් සහ සමහර හාමුදුරු වරුන් ඔහු ගේ සිතුවම් වල අඩු පාඩු පවතින බව කීවේය.
බොහෝ සිත්තරුන් පිකාසෝ එනවිට තමන්ගේ සිතුවම් සගවා තැබුවේය. සිතුවම් පිලිබදව ප්‍රශ්න කරනවිට පිකාසෝ ඔවුන්ගෙන් ඇසුවේ ඇයි උඹලා මලකට රාත්‍රියකට ප්‍රියකරන්නෙ යනුවෙනි.
කැළණි විහාරයේ දී චිත්‍ර කලාව එපා වූ සෝලියස්‍ මෙන්ඩිස් සිත්තරා පින්සල් ගගට දමා පිටව ගියේය.
දිනක් ගුවර්නිකා චිත්‍රය නිමකරමින් සිටිනවිට හමුදාවෙන් පැමින ඔහ්ගේ නිවස සොදිසි කලේය. ගුවර්නිකා චිත්‍රය දුටු ඔවුන් මේක කලේ ඔබදැයි පිකාසෝ ගෙන් ඇසීය. එවිට ඔහු ගේ පිලිතුර වූයේ නෑ මම නෙමෙයි ඔයගොල්ලයි ඒක කලේ යනුවෙනි.
.........තවත් තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.


Comments