වසන්ත නමස්කාර ගේ 310  වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

Picasso in Sri Lanka

පිකාසෝයනු ඉතා දරුණු ගනයේ මායා කාරයෙක්. ඒවාගේම ඔහු යථාර්ත වාදියෙක්. ඔහු මායාව තුලට ගොස් ඒ මායාවන් සත්‍යය ලෙස පෙන්වනවා. ඒ සත්‍යලෙස පෙන්වන මොහොතේම එය මායාවක් බවත් පෙන්වනවා. ඔහු මායාව සහ යථාර්ථය එකට පෙන්වනවා.
කැන්වස් කඩදාසි ආදී පැතලි පෘෂ්ඨයන් තවදුරටත් පැතලි නොවන බවත් ඒ තුල ඇවිදයාහැකි අනන්ත අවකාෂ‍යක් පවතින බව ඔහු පෙන්වනවා.
බොහෝ ශාෂ්ත්‍රාලයීය සිත්තරුන් පිකාසෝට අධික භියක් දක්වනවා. ඒ ඔහුගේ මායාකාරී බව නිසා. ඒ මායාවට දෘෂ්‍යමය අන්ධ භාවයෙන් පෙලෙන හිස් පුද්ගලයෙක් හසු වුවහොත් ඔහු අතරමන් වෙනවා. එයින් ගොඩ ඒමට දෘෂ්‍යමය ආකෘතීන් පිලිබද පරිපූර්න දැනුමක් උවමනා කරනවා. නැතිනම් කලා ලෝකය තුල ඔහු සදා කාලිකවම මිය යනවා.
පිකාසෝ නැගී සිටින්නේ ශාස්ත්‍රාලයීය කලාව හදාරා පසුව ඔහු විසින්ම එය විනාශනර දැමීමෙන් පසුවයි. එයට උදාහරනයක් දීම පවා අපහසුයි. ඒ නිසා ඔහු විසින් අත්පත් කරගත් නිදහස ලබා ගැනීමට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය අවසන් කල යුතුම වෙනවා.
ඔහුගේ මායාව සහ යථාර්තය තවත් විදිහකට ක්‍රියාත්මක වෙනවා. කෙනෙක් මුලින්ම පිකාසෝ අල්ලා ගත්තොත් පිකාසෝ  තේරුම් ගැනීමට ශාස්ත්‍රාලයීය හැදෑරීම් අත්‍යාවශ්‍ය වෙනවා.
ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුල පිකාසෝ හමුනොවේ. පිකාසෝ හමුවීමෙන් ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය ද හමුනොවේ. පිකාසෝ හදුනාගැනීම ඉතාමත් සියුම් ක්‍රියාවලියක්. එය ශාස්ත්‍රාලයිය අධ්‍යාපනය තුල නො පවත්න්නකි.  නමුත් එය ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයෙන් බාහිරව පවත්න්නක් ද නොවේ.
මේ නිසා පිකාසෝ තේරුම් ගැනීම එක්තරා විදිහක වාසනාවකි.

















Comments