වසන්ත නමස්කාර ගේ 326 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

බුද්ධිමතුන්ගේ නිහඩතාවය


මේවනවිට විශේෂ හැකියාවන් සහ අවබෝධයන් සහිත පුද්ගලයින් ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්ය සේවය ප්‍රතික්ෂේප කරමින් සිටියි.
එයට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්ය සේවකයින් අතර පවතින බුද්ධිමය කුහකත්වයයි. තමන්ට අදාල විෂය ක්ෂේත්‍රය ගැනවත් නොදන්නා පොල්බූරුවන්ලෙස දිවිගෙවන ඔවුන් මහා බුද්ධිමතුන්ලෙස සමාජයට පෙන්වමින් විශේෂ හැකියාවන් සහිත පුද්ගයින් අදුරු හස්තයකින් කපාහරියි. ඔවුන්ගේ හැකියාවන් සරසවි තුලට ගලා ඒමේ යාන්ත්‍රනයක් නැත. අඩුම තරමේ ‍ඔවුන් බුද්ධිමතුන්ද එහෙමත් නැත්නම් පිස්සන්දැයි සොයාබැලීමේ ක්‍රමයක්ද නැත.
එයිටත් වඩා භයානක දෙයනම් ලක්දිව කථිකාචාර්ය සේවකයෝ ඔවුන් ඇසුරුකර ලබාගන්නා දැනුම තමන්ගේ දෙයක් ලෙස ප්‍රකාශ කිරීමයි. එහි භයානක ප්‍රථිපලයන් ඉතා ඉක්මනින්ම ලක්දිව කථිකාචාර්ය සේවකයිට විදීමට සිදුවනු ඇත.
මේවනවිට ඉතා වේගයෙන් ලක්දිව කථිකාචර්ය සේවකයෝ දෘෂ්‍යමය අන්ධ භාවය නැමති අසාමන්‍ය මනෝ ව්‍යාධියට ලක්වෙමින් සිටියි. ඔවුන් විසින් සකසන අධ්‍යාපන සැලසුම්වල භයානක කම අපට සිතාගැනීමට පවා අපහසුය.
ඉදිරි ලෝකය පාලනය කරන්නේ
පිස්සන්
කපටි පුද්ගලයින්
සහ
මන්ද බුද්ධිකයින් විසිනි.

Comments