වසන්ත නමස්කාර ගේ 329 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
පොල් බූරුවන්ගේ සමාජ විද්‍යාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ දී දැන් පැවැත්වේ.

මානව විද්‍යාවේ එක්තරා කාලයක් තිබෙනවා ඇදිපුටු මානව විද්‍යාව කියල. ඒකියන්නේ මානව විද්‍යාඥයෝ අධ්‍යයන කෂේත්‍රයට යන්නේ නෑ. හාන්සි පුටුවක ඉදගෙන ඒ පලාතෙ කාගෙන්හරි තොරතුරු අහල පොත් ලියනවා. ඒවායේ යම් වටිනාකමක් තිබුනා.
නමුත් මේවනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය සේවකයෝ නටන්නෙ අමුතුම පිස්සුවක්. කුල්ටූර් රංගනයක්. ඔවුන් කිසිවෙක් සමාජ විද්‍යාවට හෝ මානව විද්‍යාවට කැපවූවන් නොවේ. ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනත් දෙයකි.
අප මේතරම් මේ ගැන උනන්දු වන්නේ ලෝකයේ ඉදිරි කාලය ඉතාම භයානකයි. මේ වනවිට මිනිසාගේ සියලු ඉගැන්වීමේ ක්‍රමවේදයන් සකස් වන්නේ අනතුර ඉක්මන් කරගැනීමටයි.
එය ප්‍රමාද කලහැක්කේ අධ්‍යාපනයට පමනි. ඒ සදහා සුදුසුම විෂය සමාජ විද්‍යාව සහ මානව විද්‍යාවයි. මිනිසුන් අතර සුහද තාවය වර්ධනය කිරීමේ අසාමන්‍ය ගුනයක් මේ විෂය තුල තිබෙනවා. එය විශ්ව විද්‍යාල තුල උගන්වන ‍බෞද්ධ දර්ශනයටත් වඩා ප්‍රබලයි. අද බෞද්ධ දර්ශනය නමින් උගන්වන්නේ ‍බුදුන්ගේ දර්ශනය නොව වෙනත් මොකක්දෝ බහුබූතයකි.
අප මේ සියලුම කරුනු වටහා ගන්නේ සිතුවම් කරනයේ යෙදීමෙන්  එය සමාජ විද්‍යාව සහ මානව විද්‍යාවට වඩා සියදහස් ගුනයකින් වේගවත්. සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව වගේම චිත්‍රයේ පදනම වන්නේ කායික විද්‍යාත්මක සත්‍යයන්ය.
ඔබට යමක් ඇදීමේ හැකියාව ති‍බෙනවානම් ප්‍රදර්ශන සියයකට වඩා පවත්වන්න. ඔබට සමාජය පිලිබදව වේගවත් අවබෝධයක් ලැබෙනු ඇත.
මගේ පලමු ප්‍රදර්ශනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්ථකාල ශාලාවේ දී පැවැත්වුවත් එදා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ සියලු ගුරුවරුන්ට ආරාධනා කලත් ඔවුන් කිසිවෙක් පැමිනියේ නැත. මා ඉගෙනගන්නා අධ්‍යයනාංශයේ ගුරුවරුන් ගැන අධ්‍යයනය පටන්ගත්තේ අන්න එදාසිටයි. එය රත්නපාල මහතාගේ සහබාගීත්ව නිරීක්ෂනයට වඩා දුර ගිය යථාර්තවාදී සහබාගීත්ව නිරීකෂන පර්යේෂන ක්‍රමයක්.
ප්‍රදර්ශන හතරක් විතර පවත්වනවිට හුගක්දෙනෙක් මාහට හිනාවුනා ප්‍රදර්ශන සියයක් විතර පවත්වනවිට පිස්සෙක් කියල කිවුව. ප්‍රදර්ශන දෙසිය පනහක් විතර පවත්වනවිට කියන දෙන අහගෙන ඉන්න පටන්ගත්ත. දැන් මට හිනාවුනත් අහගෙන හිටියත් මට කියන්න ඕනදෙය කියනවාමයි. මම යුද්ධ පටන්ගන්නෙ දිනල අවසන්වෙලා ඒ නිසා පරාජය ගැන මට ප්‍රශ්නයක් නැත. මා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගත්තේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව කියන නම විතරයි. ඉන්පසුව මේ විෂය තේරුම්ගන්න බොහෝ වෙහෙසුනා. ඒ සදහා චිත්‍ර ඇදීමේ හැකියාව වාසනාවක් බවට පත්වුනා. 


Comments