වසන්ත නමස්කාර ගේ 330 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
නොපෙනෙන මානව විද්‍යාව
Invisible anthropology
දෘෂ්‍යමය මානව විද්‍යාව පිලිබදව බොහෝ අධ්‍යයනයන් කලහැකියි එහෙත් නොපෙනෙන මානව විද්‍යාව තවමත් කතාබහට ලක්නොවූ විෂයක්. ඒ පිලිබදව අධ්‍යයනය ඉතාමත් සංකීර්නයි.
එහෙත් මේ ගැන ප්‍රවීන සිත්තරුන් දැන සිටිය. ඔවුන් එය සිතුවම් තුල සගවා තැබුව. නමුත් ඔවුන් එය විෂයක් විදිහට සකස් කලේ නැත. එයට ප්‍රධානම හේතුව අන්‍යන්ට නොතේරෙන නිසා වගේම මානව විද්‍යා විෂය ඔවුන් දැනසිටියේ ඔවුනොන්ටම ආවේනික වූ ක්‍රමයකට වීමයි.
මේ වනවිට මිනිසා යනු අධ්‍යයනයට අපහසු සංකීර්න සත්වයෙකු නොවේ. එහෙත් ඔහු කියන්නෙ එක දෙයක් කරන්නෙ තවත් දෙයක් සිතන්නෙ ඒ දෙකටම වඩා වෙනස් දෙයක්. මෙන්න මේ නිසා නොපෙනෙන මානව විද්‍යාව ඉතා සංකීර්න විෂයක් බවට පත්වේ.
මේ වනවිට ලෝකය පුරාම වේගයෙන් උගතුන් අතර දෘෂ්‍යමය අන්ධභාවය නැමති අසාමන්‍ය තත්වය පැතිරීයයි. ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර් සේවකයින් ‍විශාල ප්‍රමානයක් මෙයට ගොදුරුවී සිටියි. එයට ගොදුරු වූවන් එයින් මුදවා ගැනීම ඉතා අපහසුය. එය අධ්‍යයනය කල හැක්කේ නොපෙනෙන මානව විද්‍යාව තුලිනි. එය මනෝවිද්‍යාව නොවේ. එයිට වඩා නෙස් වූවකි. මේ නිසා ඉදිරි කාලයේ දී නොපෙනෙන මානව විද්‍යාව විෂයක් ලෙස කතාබහට ලක්වෙනු ඇත. මේ එහි පලමු පියවරයි.
කිසියම් මොහොතක කියන දෙය කරන දෙය සහ සිතන දෙය එකක්ම වුවහොත් ඔහු ඉතා සුන්දර මිනිසෙකු බවට පත්වේ.

Comments