වසන්ත නමස්කාර ගේ 333 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

අත්භූත සිදුවීම් වලින් ගහන
හින්නි සුන්නි දිය ඇල්ල.



ඔබ මේ දකින දැවැන්ත ස්ථාපන නිර්මානය සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් සෙනෙවිගේ නිවසේ මා විසින් සකස් කල දිය ඇල්ලයි. එය වනදුර්ඝ අධ්‍යයනයෙන් සකස් කල සාර්ථක නිර්මානයකි.
එය නිර්මානය කරන අතරතුර සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් විසින් අත්භූත සිදුවීම් රාශියක් රගදැක්වීය. එය මාහට දැවැන්ත සමාජ විද්‍යා පර්යේෂනයක ආරම්භයක්ද විය.

සුනිල්ගේ අත්භූත කතාච ස්‍රවනය කරන්න.



උගතුන්ට වැලදෙන දෘෂ්‍යමය අන්ධභාවය ඉතා දරුනු ‍සුවකල නොහැකි රෝගයක් බවත් ඉගෙන ගන්න ඉගෙන ගන්න මිනිසුන් කුහකයින් වන බවත් එය මිත්‍රත්වයට එහා ගිය යථාර්ථයක් බවත අත්භූත සිදුවීම් ගනනාවක් ලෙසින් ඉතා සර්ථක ලෙස ඔහු ඔප්පුකර පෙන්නුවේය. ඒ ගැන මා ඔහුට ස්තූති කලයුතුය. මේ තියෙන්නේ නිර්මානයෙන් පසු ඔහුගේ අදහස්.
නිර්මානයක් වටා ක්‍රියාකාරී වන සමාජ රටාවන් සියුම්ව අධ්‍යයනය කිරීමෙන් සමාජය විශාල කියවීමකට ලක්කල හැකියි. වර්ථමාන සමාජයේ කිසිවෙක් දිගින් දිගට ඉ‍ගෙන ගැනීමෙන් කුහකයෙක් නොවනවානම් මොනම හේතුවක් නිසාවත් ඔහුගේ ඇසුර අත්හැර නොදැමිය යුතුය ඒ මන්ද ඔහු ඉතාම දුර්ලභ පුද්ගලයෙකු නිසාවෙනි. ඈතින් සිට හෝ ඔහු කරන කියන දෙය බලා සිටිය යුතුය.

Comments