වසන්ත නමස්කාර ගේ 334 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

අත්භූත සිදුවීම් වලින් ගහන
බලංගොඩ මනො චම්පා දිය ඇල්ල.





ඔබ මේ දකින දැවැන්ත ස්ථාපන නිර්මානය, සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක මනෝජ් ආරියරත්න සහ කථිකාචාර්ය සේවිකා චම්පා මැතිනිය ගේ සුවිසල් නිවසේ මා විසින් සකස් කල දිය ඇල්ලයි. එය වනදුර්ඝ අධ්‍යයනයෙන් සකස් කල සාර්ථක නිර්මානයකි.
මෙම දැවැන්ත නිර්මානය බලංගෙඩ නගරයේ සිට කොළඹ දෙසට පසුවනවාත් සමගම ෂෙඩ් එක ලගින් තිබෙන වෙද ගෙදර මාවතේ කෙලවරේ පිහිටා ඇත.
එය නිර්මානය කරන අතරතුර සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක මනෝජ් ආරියරත්න සහ කථිකාචාර්ය සේවිකා චම්පා මැතිනිය විසින් අත්භූත සිදුවීම් රාශියක් රගදැක්වීය. එය මාහට දැවැන්ත සමාජ විද්‍යා පර්යේෂනයක ආරම්භයක්ද විය.
උගතුන්ට වැලදෙන දෘෂ්‍යමය අන්ධභාවය ඉතා දරුනු ‍සුවකල නොහැකි රෝගයක් බවත්, ඉගෙන ගන්න ඉගෙන ගන්න මිනිසුන් කුහකයින් වන බවත්, මුදල් ලැබෙන්න ලැබෙන්න මිනිසුන් ලෝභයින් වන බවත් එය මිත්‍රත්වයට එහා ගිය යථාර්ථයක් බවත, අත්භූත සිදුවීම් ගනනාවක් ලෙසින් ඉතා සර්ථක ලෙස ඔවුන් ඔප්පුකර පෙන්නුවේය. ඒ ගැන මා ඔවුන්ට ස්තූති කලයුතුය.
නිර්මානයක් වටා ක්‍රියාකාරී වන සමාජ රටාවන් සියුම්ව අධ්‍යයනය කිරීමෙන් සමාජය විශාල කියවීමකට ලක්කල හැකියි.
වර්ථමාන සමාජයේ කිසිවෙක් දිගින් දිගට ඉ‍ගෙන ගැනීමෙන් සහ විශාල ලෙස මුදල් ඉපයීමෙන් ලෝභයෙක් සහ කුහකයෙක් නොවනවානම් මොනම හේතුවක් නිසාවත් ඔහුගේ ඇසුර අත්හැර නොදැමිය යුතුය ඒ මන්ද ඔහු ඉතාම දුර්ලභ පුද්ගලයෙකු නිසාවෙනි. ඈතින් සිට හෝ ඔහු කරන කියන දෙය බලා සිටිය යුතුය.

Comments