වසන්ත නමස්කාර ගේ 335 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

යූ සර්කල් මැද දේවදත්ත


අචාර්ය සුනිල් විජේ සිරිවර්ධන නමින් වෙස් මාරු කරගත් අහිංසක දේවදත්ත බුදුන් මැරීමට ගෙනා දුන්න සහ ඊතලය කතලුව විහාරයයේ සිතුවම් අතර සගවා තබා යූ සර්කල් මැදට වී ගිනිබෝල කරකවම්න් සියල්ලන්ම වශී කරම්න් සිටියේය. ඒ අතර මා කතලුව විහාරයේ සිතුවම් අතරට ගොස් ඔහුගේ දුන්න සහ හලාහල විෂ යෙදු ඊතලය සොරකම් කලෙමි.
එය රත්තරනින් සාදා මැණික් දියමන්ති ඔබ්බවා සකස් කල එකකි. දැන් මාහට අවශ්‍යනම් එය කොටසින් කොටස විකුණා දමමි. ඔහු සකස්කල විසෙන් ඔහුවම විනාශ කල හැකිය. බුද්ධ කාලයේ මෙන් නොව මෙකල බුදුන් මැරීමට ඉතා පහසුය. ඒ බුදුන් වහන්සේ අද නැති නිසාය. බුදුන් මැරීමට වෙනත් ආයුධයක් ඔහුට නැත. එහෙත් කිසිදිනෙක මේ ආයධය මා ඔහුට නොදෙමි. ඒ වෙනත් කිසිවක් නිසා නොව අහිංසකයින්වත් ඔහු විසින් විද මරන නිසාවෙනි. 
මාගේ මිතුරන් බොහෝ දෙනෙක් ඔහු ලග මහනවී හමාරය.ඒ අතර කවියන් සහිත්‍යධරයන් සහ විද්වතුන් සිටියි. යූ සර්කල් මැද සුනිල් විජේසිරිවර්ධන ගිනිබොල කරකවනවිට ඔවුන් සාදුකාර දෙයි. ඔවුන්ට ඒවා පෙනෙන්නේ මල් වරුසා ලෙසිනි. එහෙත් ඔහු අහිංසක දේවදත්ත මිස බුදුන් නොවන බව මා දනිමි.

Comments