වසන්ත නමස්කාර ගේ 337 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
ලියමින්, සිතමින්, කාලය ගතවෙමින්

සාහිත්‍ය, කවිය, කලාව ආදිය භාවිතයෙන් මිනිසුන් බුද්ධිමතුන් වනබව මා අසා තිබුනි. ඒ නිසා මාගේ නූගත්කම සහ මෝඩ ගතිය නැතිකර ගැනීමට ඒවා පරිෂීලනය කලෙමි. නමුත් ඒවා පරිහරනය කරන සමාජය මහා බුද්ධිමතුන් වන අතර මා සුපිරි මෝඩයෙකු වනබව දැනුනි.
විද්වත් සභාවන්ට සහ බුද්ධිමතුන් අතරට මා නොයන්නේ මගේ නූගත්කම සහ මෝඩ ගතිය හෙලිවන නිසාවෙනි. මහා කරුණාවෙන් බෙහෝ මිතුරන්ද මා උගතෙකු සහ බුද්ධිමතෙකු කිරීමට බෙහෝ උත්සාහයන් ගනියි. නමුත් එය හරියන්නේ නැත.
පසුව කලාව පරිහරනය කිරීම නවතා දැමූ මා ජානගතවී තිබෙන මනෝ ව්‍යාධියවන චිත්‍රය ගැඹුරින් හැදෑරුවෙමි. දැන් මේ මනෝව්‍යාධිය මා සනීපකර නොගන්නේ එය සනීප වුවහොත් මා හට ජීවත් වීමට සිදුවන් බොරු, වංචා සහගත, කුහක, දෙබිඩි යනාදී නාම්වලින් හදුන්වන සමාජයක නිසාවෙනි.
ඒ ගැන ලියමින්, සිතමින්, කාලය ගෙවන්නන් හොදින්ම දනියි. 


Comments